Thursday, August 11, 2011

15 කොටස


සස්මිට පෙර දි‍න රැයෙහි නින්ද ආවේ බොහෝ වේලාවක් ගත වු පසුවය. ඒ කෙසේ වෙතත් ඇය පාන්දර 5.30 සිටම ඇහැරි උන්නාය. උදැසන 6 වන විට මුහුණ සොදාගත් අය නිදි ඇදුම පිටින්ම කුස්සිය වෙතට පිය මැන්නා. ඒ වන විටත්  තිලකම්මා උයන්නට ලැස්ති වි පොල් ගාමින් උන්නා.උදැසනම කුස්සිය වෙත පිය මනින සස්මි දුටු ඇය,
"මොකද ‍චුටි බේබි මේ කවදාවත් නැතුව අද උදෙන්ම කුස්සිය පැත්තට අවිත්"
"අනේ නැ තිලකම්මේ මට නින්ද යන්නේ නැ. ඊයේ රෑ ඉදන්ම එහෙමයි. මම ඒකයි මේ පැත්තට ආවේ"
"ඒ මොකො බේබි අසනිපයක්වත්ද??"
"එහෙම දෙයක් නැ. හිත ටිකක් අවුලෙන් ඒකයි"
"අනේ මගේ පැටියෝ ඒ මොකද ඒ???"
තිලකාගේ බෙල්ල බදාගත් ඇය තිලකා තුරුල් වි, 
"තිලකම්මා මම දෙයක් කියන්නද???? ඒත් හැබැයි ඒක අහලා මට හිනාවෙන්න එපා."
"අනේ මම එහෙම කරනවද මගේ චුටි බේබිට.... කියන්නකෝ බලන්න මොකක්ද කියලා".
" ති..........ල......ක....ම්.........මේ..............". 
" මොකෝ මේ තෙපර බාන්නේ කියන්කෝ ඉතින් තෙපර නොබා"
" දුලන අයියා මගෙන් යාළු වෙන්න ඇහුවා.."
 යැයි කියමින් ඇය ලැජ්ජාවෙන් මුණ බිමට හරව ගත්තා.
"අපෝ මේ ඒකද ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ???. මගේ බේබිට හොදට ගැලපෙනවනේ දුලන මහත්තයා. ඒ හින්දා ඉතින් බේබිගේ කැමැත්තක් කියන්න."
නමුදු තිලකාගේ දෙනෙත් මත යාන්තමට කදුළු බිදුවක සේයාවක් පැතුරුණා.ඒ බවක් නොපෙනෙ ලෙස සගවා ගත් ඇය,
" චුටි බේබි, අද ගාලු යනවා කියලා කිව්වා නේද??? "
" ඔව් තිලකම්මේ දුලන අයියා එනවා කිව්වා 8 වෙද්දි, ඔන්න එයාටත් කෑම එක්ක කැම හදන්න කිවේ..".
"ආ ! ඒක තමයි මේ චුටි බේබි කුස්සියට ආවේ.. මම ඒත් කල්පනා කළා මොකෝ මේ අද කවදාවත් නැතුව මේ පැත්තේ කියලා"
" අනේ එමෙ නැ......................................."
"හා ..  හා    මම හදන්නම්කෝ කැම,  බේබි ගිහින් ලැස්ති වෙන්නකෝ..."
නාන කාමරය වෙත අදුන ඇය පැයක් පමණ ඒ තුළට වි උන්නා. 
නාගෙන තෙත කොණ්ඩය පිට දිගේ දමාගෙන කෙටි තුවායත් පටලවාගෙන ඇය එයින් එළියට එන විට දුටු දෙයින් ඇය තිගැස්සුනා.
"දු........ල..........න.................. අ...........යි.........................යා............. ඔයා........................"
යැයි කියමින් ඇය කෑ ගැසුවා
 දුලන සස්මිගේ ඇද මත වාඩි ඇ එන දෙස බලාගෙන උන්නා
" මොකද මේ කැ ගහන්නේ මාව දැකලා නැද්ද මිට කලින් "   
යැයි දුලන ඇදෙන් නැගිට ඇ වෙතට එමින් පැවසුවා. 
ඒ සැණින් ඇය නැවත නාන කාමරය තුළට වැදි දොර වසා ගත්තා.
"අයියා ඔයා යන්න මම ලැස්ති වෙලා පහළට එන්නම්."
" අපෝ මොකද ඔච්චර ලැජ්ජා වෙන්නේ මමනේ මේ "
" ඒකට කමක් නැ ඔයා යන්න මම ලැස්ති වෙලා එන්නම්. අනික කොල්ලෙක් ඔහොම එනවද කෙල්ලන්ගේ කාමරවලට සද්ද නැතුව" 
" මගේ කෙල්ලගේ කාමරේට එන්න මට මොකටද පර්මිෂන්..." 
"නැ මම යන්නේ නැ බලමුකෝ එන්නේ නැති හැටි".
"තාම වුනේ නැ නේ ඒ හින්දා දැන් යන්නකෝ. නැත්නම් මම ගළු යන්න එන්නේ නැ".
"අපෝ මෙයාගේ ගණන්.. හරි මම යන්නම් පහළට. එනවකෝ මම අල්ල ගන්නම්".
" හරි අනේ දැන් යන්නකෝ................."
දුලන පහළට ගිය පසු ඇය ලැස්ති වි පහළට ආවා. ඇ එනවිටත් දුලන කැම ගනිමින් සිටියා.
" හරි ෂොක් අමුත්තා , ගෙදර අයිතිකාරි එන්නත් කලින් එයා කනවා. " යැයි කියමින් ඇයත් වාඩි වි කැම බෙදා ගන්නට වුනා.
" මම මොකටද කවුරුවත් එනකන් කන්න ඉන්නේ. මේ මගේ මාමාගේ ගේ නේද තිලකම්මමේ."
එවිට තිලකා සිනාසෙමින් කුස්සිය වෙතට අදුනා.
" මේ ඔය කැවා ඇති යන ගමන් මගින් මොනා හරි කාලා යමු " කියමින් සස්මි කැම මේසයෙන් නැගිට්ටා.
"ඔය කඩවලින් කන්න සල්ලි මා ගාව නැ. "
කියමින් දුලන මුණ නොක්කාඩු කරගෙන මේසයෙන් නැගිට්ටා. කෑම කාමරයේ කවුරුත්  නොවු නිසා ඇය දුලන ළගට ගොස් ,
" අනේ ඇයි මේ??? මම ඔයාට කාමරෙන් යන්න කිව්වේ මට ලැජ්ජ හිතුන හින්දනේ..." 
 කියමින් කකුලේ ඇගිලි තුඩු වලින් එසවුන ඇය දුලනගේ කම්මුල වෙත හාදුවක් දුන්නා.
"හරි  හරි අපි දැන් යමු නැත්නම් යද්දි දවල් වෙයි , " 
කියමින් කියමින් දුලන ගෙයින් එළියට බැස්සා.
" තිලකම්මා අපි යනවා.... " යැයි කියමින්ම ඇය දුව ගෙන ගොස් කාරයට නැගුනා.
ටික දුරක් යනතෙක්ම දුලන කිසිත් දෙඩුවේ නැ.
ඒ නිහඩ බව ඉවසා ගත නොහැකිවම සස්මි,
" අනේ අයියා කථා කරන්කෝ.. " 
යැයි කිප විටක්ම ඇවටිලි කළ මුත් ඔහු කථා කලේ නැ.
මදක් වේලාවක් ගතවනතුරුත් සස්මිගේ කිසි සද්දයක් නොමැති වු බැවින් දුලන,
 "දෝණි මොකෝ සද්දයක් නැත්තේ මගේ මැණිකේ " 
යැයි කියමින් ඇ දෙස බලන විට, සස්මි දෙනෙත් වල කදුළු කැට පුරවන් අහක බලාගෙන උන්නා



.

Thursday, May 5, 2011

14 කොටස




"ආහ් අයියා" ,
"ඔයා තාමත් ලයින් එකේද ??"

"මම තාම විතරක් නෙවි හැමදාම හිටියේ ඔයාගේ ලයින් එකේ තමයි කෙල්ලේ"

"අනේ අයියා ඔයාට හැම එකක්ම විහිළු"

"මේ දෝණියෝ ඇන්ටි මොකෝ කිව්වේ මාත් එක්ක ගාලු යනවා කිව්වම"

"ඔයා හිමිජ්ජා වගේ ඔක්කොම අහගෙන ඉදලා... "

"හරි හරි හලෝ,  කියන්නකො දැන් ඉතින් ඇන්ටි... ආහ් සොරි සොරි මගේ අනාගත නැන්දණිය මොකෝ කිව්වේ කියලා???"

"අපේ අම්මි කොහොමද ඔයාගේ නැන්දා වෙන්නේ??"

"ඒක මම මගේ නැන්දයි මාමායි ලංකාවට අවාම, මගේ අනාගත බිරිදට කියලා දෙන්නම්කෝ"

"මොනාද අයියා මේ කියන විකාර?? "
"හරි හරි අපේ අම්මා කිව්වා ගිහින් පරිස්සමින් එන්න කියලා"
"මොකද ඔයා එක්කනේ යන්නේ"
"හරියට නරියට කිකිළියෙක් බාර දුන්නා වගේනේ ඒකයි "

" ආ !  එතකොට මම නරියා?????"

" නැ නැ අයියා,  ඔයා නරියා විතරක් නෙවි කුකුල් නාම්බෙක් වගේ ... "

" හිටපන්කෝ හෙට හම්බවෙනකන් මේ කුකුළගේ හැටි පෙන්නන්න. "

" අනේ මහ ලොකු චණ්ඩියා බලන්න බැරියැයි "
"අනේ අයියා මට නිදි මතයි දැන් 11 ටත් කිට්ටුයි. මං නිදා ගන්නද?? "

" ඇයි වෙනදත් මගෙන් අහලද නිදා ගත්තේ??? "

යැයි කියා දුලන ටිකක්නොන්ඩියට මෙන් ඇසුවා. එයින් ඇගේ හිත හීනවට මෙන් රිදුනා. නමුදු එය නොදැනෙන්නට මෙන් ඇය තරමක් සැරෙන්

"නැ අනේ අපි තාම කථා කරනවනේ ඒකයි. නැතුව වෙන මොකටද? "
" ෆොන් එක තියන්න ඔන හින්දනේ කිව්වේ".

 "ඒකද නැත්නම් මං හිතුවා....................... "
කියු දුලන හිනහෙන්නට වුනා.

" අනේ අයියා මං තියනවා ෆොන් එක."
"ඔයා උදේට එන්නේ කියටද? "

" මං උදේ කැම ගන්නත් එක්ක එන්නේ "
"මටත් එක්ක කන්න ලැස්ති කරලා තියනවා හරිද"

"මං කැම ගැන නෙවිනේ ඇහුවේ මම ඇහුවේ එන්නේ කියටද කියලා"

" ආ එහෙමද මම ඔයාලගේ ගේට් එක හරියටම 8 වෙනකොට ඇති ".

" එහෙනම් අයියා මං තිබ්බා"
" ගුඩ් නයිට්"

" ගුඩ් නයිට් විතරද ?? "
" කෝ මට නිදා ගන්න කලින් දෙන කිස් එක???? "

" ඔයාට පිස්සුද අයියා ???? "

" මට ඉතින් පිස්සු කියලා ඔයා කොහොමත් දන්වනේ."
" ඒ වුනාට කමක් නැ දෙනවා කිස් එකක්........... "

" මොකෝ මේ බලෙන් ඉල්ලන්නේ "
" දෙන්න හිතුනත් දෙන්නේ නැ බලෙන් ඉල්ලනකොට"
කියමින් සස්මි සිනාසෙමින් පැවසුවා

"ආ මම හෙට ගන්නම්කෝ"

"ගනි කියලා තමයි බය"
"මං තිබ්බා එහෙනම්"
" බායි අයියා."

" ඔකේ මගේ කෙල්ලේ"
"බුදු සරණයි"

"අයියටත් බුදු සරණයි අයියටත්.. "

" දෝණි .... දෝණි .. ඔහොම ඉන්න දෙයක් කියන්න අමතක වුනා"

 යැයි දුලන සස්මි දුරකථනය විසන්ධි කරන්න හදනවාත් සමග පැවසුවා

"ඇයි අයියා මොකෝ????"

" උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා...............".

" එහෙනම් මං තිබ්බා " කියමින් සිනා සෙමින් දුලන දුරකථනය විසන්ධි කළා.

සස්මි දැණුනේ අමුතුම හැගිමකි. කිසිදිනක නොදැණුන අමුතුම හැගිම් සමුදායක් හදවත පුරා නැගෙන්නට වුනා. මේ දෙවල් ගැන සිතමින් කොට්ටයක් තුරුල් කර ගෙන උන් ඇයට නොදැනිම නින්ද ගියා.

Saturday, March 19, 2011

13 කොටස


"දෝණි, කා එක්කද මෙච්චර වෙලා කතා කළේ " යැයි සස්මි දුරකථනයට පිළිතුරු දුන් සැණින් දුලන සැරෙන් ඇසිය.

" කා එක්ක කථා කරන්නද අයියා. ‍අංජු අක්කි කථා කළා. එයා එක්ක තමයි මෙච්චර වෙලා කථා කලේ. ඒත් මේ මොකද මේ ඔයා ඒකට මට කැගහන්නේ???"

"මම බලන්න එපැයි මෙච්චර රෑ වෙලා මගේ වයිෆ් කා එක්කද කියලා කථා කරන්නේ???"

"ආහ් ! මේ මං කවදාද ඉදලද ඔයාගේ වයිෆ් වුනේ කියනවා බලන්න."

"අපෝ ඔයා ඒක දන්නේවත් නැද්ද  "
"මගේ මෝඩ කෙල්ලේ. මිට අවුරුදු 15කට විතර කලින් ඉදලා. "

"අනේ ඇත්තට ????  "
"අනේ නිකන් ඉන්නවා හලෝ විහිළු නොකර. " යැයි සස්මි හුරතල් ලෙසින් පැවසුවා.

"ඒක නෙවි මැණික හෙට ඔෆිස් යනවා නේද??"

"නැ අයියා මම හෙට යන්නේ නැ . මම හෙට කොහොමත් නිවාඩු."
"ඒත් අයියා අනිද්දා යන්න ඔන. අර අළුතින් ගන්න මැනෙජ්මන්ට් ට්‍රේනිස්ලාගේ ලෙටර්ස් සයින් කරන්න ඔනි.අනික හෙට මයුරිලගේ මරණ ගෙදරත් යන්න ඔනි."

"ආහ් එකත් එහෙම නේද ?? එහෙනම් මාත් එක්කම යමු. මාත් යන්න එපැයි දැන් ඔවට..."

"ඒ මොකටද ඒ ඔයා යන්නේ ???'"

"මේකනේ චුටි දැන් ඔය මැරිච්ච කෙනා දෙපැත්තකින් මට වැදගත්නේ. "
"එක පැත්තකින් අපේ මස්සිනාගේ වෙන්නඩ බාප්පා. අනිත් පැත්තෙන් මගේ වයිෆ්ගේ හොදම යාලුවගේ බාප්පා."

"අනේ මේ ඔයාට පිස්සුද ???"

" ඔව් මගේ රත්තරනේ ඔයා හින්දා මට පිස්සු හැදිලා ඉන්නේ.........."
"ඒ පිස්සුව හොද වෙන්න ඔයා මගේම වෙච්චි දවසට. ඒත් ඊට පස්සේ ඉදනුත් ඔයාට තවත් පිස්සෙක් වගේ ආදරේ කරයි වස්තුවේ. ඒ තරමට මං ආදරෙයි කෙල්ලේ... ."

" අනේ අයියා ඇයි මේ?????"

දෙදෙනාම අතර ටික වේලාවක් යනතුරු කිසිත් කථා නොකළහ. නමුදු ඒ නිහඩබව බිදිමින් සස්මිගේ කාමරයේ වු දුරකථනය නාද විය.

"අයියා අම්මි කථා කරනවා. "යැයි කියු ඇය ඒ ඇමතුමට පිළිතුරු දුන්නා.

"අ......ම්.........මි..........."
"පාළුයි අම්මි මට අම්මි නැතුව. ඉක්මණට එන්නකෝ "යැයි ඇය දුරකථනය අතට ගත් සැණින්ම පැවසුවා.

"අනේ මටත් ඔයා නැතුව ඉන්න බැ තමයි දෝණි . ඒත් මේ තාත්තා හින්ද ඉන්නත් එපැයි. ඒකනේ මං මගේ මැණිකව දාලා ආවේ."

"ගොඩක් පාළුයි අම්මි මට......"

"දෝණි අද කොහේද යනවා කිව්වා ගියාද??"

"අනේ නැ අම්මි සාංචි ඇන්ටිගේ හස්බන්ඩ් නැති වෙලා. මායි අයියයි යනකොට මයුරි ගාලු යන්න ලැස්ති වෙලා."

"ඇ මගේ කෙල්ලේ කවුද දැන් අයියා කිව්වේ  ලොකුද???"

"අනේ නැ  අම්මි දුලන අයියයි මායි දෙන්න ගියේ."
"මයුරි ගියේ නැ. ඒ හින්දා අපිත් ගියේ නැ. "
"මායි දුලන අයියයි ඩිනර් අරගෙන ගෙදර ආවා."

"ආහ් ඒකට කමක් නැ. " යන තැන පරිස්සමින්.

"අම්මි................"

"ඒ පාර මොකෝ මේ???"

"නැ.............. නැ.................. අම්මි මං හෙට සාංචි ආන්ටිලගේ මරණ ගෙදර යන්නද???"

"කා එක්කද යන්නේ දැන්?? "
"හැබැයි කාර් එක තනියම ඩ්‍රයිව් කරන් යන්නේ නැ."
"සිරිමෙවන් එක්ක යන්න."

"අ.........ම්........මි මම දුලන අයියා එක්ක යන්නද?? "
"එයාත් යනවා කිව්වා මරණගෙදර විහඟ අයියා නිසා."

"අනේ මන්දා රත්තරනේ පරිස්සමින්. "
"හැබැයි එහෙ නවතින්න එපා. ලොකුලගේ ගෙදර ගිහින් ඇරලවගන්න දුලන පුතාට කියලා".

"උම්මාමාමාමා.............. "
"මගේ හොද අම්මි.... ඔන්න මම එහෙනම් හෙට යනවා."
"හැබැයි පරස්සමින්."

"අම්මි ඒක නෙවි තාත්තිට කොහොමද??"

"අනේ අනේ දැනුයි තාත්තිගේ මහ ලොකු දෝණිට තාත්තිව මතක් වුනේ......... "
"දැන් අවුලක් නැ පුතේ තාත්තිට. දැන් හොදයි."

"අම්මි පුළුවන් තරම් ඉක්මණට එන්න.'"

"හරි මගේ වස්තුවේ අපි එන්නම් ඉක්මණට ඔයා හෙට ඉදන් ලොකුලගේ ගෙදර යන්න. මම දැන් තියන්නම් පුතේ"

"හා......... අම්මි ... බුදු සරණයි".

"බුදු සරණයි පුතේ පරිස්සමින් ඉන්න. " යැයි කියමින් සසදරා දුරකථන ඇමතුම විසන්ධි කළා.

මේ සංවාදය නිමවනතුරුත් දුලන දුරකථ‍නයේ රුදි උන්නා.

Saturday, February 19, 2011

12 කොටස


"ඔව්... යමු යමු පරක්කු වෙන්න බැ. ලොකු කොල් කලොත් එහෙම.."

"බය වෙන්න එපා බබෝ ලොකු කොල් කරන්නේ නැ. ඔයාගේ ලොකු මට පර්මිෂන් දුන්නා. පරිස්සමින් එක්කන් එන්න කියලා."

" ආ මේ ඒකද මේ බය නැතුව ඉන්නේග මෙහෙමද මේ පරිස්සම් කරන හැටි. අනේ අතඅරින්න අයියා. කවුරු හරි දැක්කකොත් හොද නැ නේ"

"ආ !  මේ බය කවුරු හරි දකියි කියලා. අකමැත්තෙන් නෙවි එහෙනම්. " යැයි කියමින් තවත් තද කොට සස්මිව තුරුලු කරගත්තා.

දුලන දෙසට හැරුණ ඇය,
"මේ, මේ, මම හා කිව්වා විතරයි, මෙච්චර දෙයක් කරනනවද ඒ ඉක්මණට. අතරිනවා මාව." 

"මේ මම මෙච්චර කලක් බලන් ඉදලා අල්ලගත්තේ අතඅරින්න නෙවෙයි තේරුණාද??
මුලදි මෙහෙමයි තමයි. පස්සේ කොහොමද කියලා එහෙනම් දැන්ම හිතාගන්නකෝ. දන්නවනේ ඉතින් මගේ හැටි " කියමින්ම ඔහු සස්මිව ඔහුගේ මුහුණ දෙසට හරවා ගත්තා. හිමින් සිරුවේ ඔහු සස්මිගේ දෙතොල් වෙත ළං වෙන්නට උත්සහ ගනිද්දි සස්මි ඔහුගෙන් මිදි මදක් දුරට දිව ගියා.

"හු .......... ඇද්ද?? " කියමින් ඇය දුලනට දිව දික් කළා.

" හරි හරි කමක් නැ. අදට පැන ගත්තට. මං වාඩුව වෙන වෙලාවක ගන්නම්කෝ. " කියමින් දුලන හින් සිරුවේ සස්මි උන් දෙසට ළං වෙමින් පැවසුවා.

"අ.....නේ යමු අයියා."

" අපෝ මොකද මෙච්චර හදිසි. කමක් නැ කමක් නැ. යමුකෝ එහෙනම්. "කියමින් ඔහු සස්මිගේ අතින් අල්ලගෙන ඉදිරියට ඇදුනා.

" අතඅරිනවා මගේ අත."

"මොකද මෙච්චර ගණන්. වෙනදා මං මේ අත කොච්චර අල්ලනවද??"

" ඒ වෙනදනේ දැන් එහෙම බැ."

" හා හා බලමුකෝ ඔය ගණන් බහින හැටි." කියමින් දෙදෙනාම කාරයට නැගුනා.

සස්මිගේ නිවසට ළං වනතුරුත් දෙදෙනා අතර කිසිම කථාවක් සිදුවුනේ නැ. ගේට්ටුව අසල වාහනය නැවැත්තු දුලන හොර්න් එක ගැසුවා. 

"ඉන්න අයියා, මං ගේට් එක අරින්නම්. පව්නේ තිලකම්මා. ඒත් එක්කෝ ඔන නැ. මම බැහැලා යන්නම් . අයියා යන්න."

" එහෙම බැ නේ දෝණි. මං ඔයාව තිලකම්මට බාර දෙන්නම එපැයි. එයාගේ ඉස්සරහනේ මං ඔයාව අරන් ගියේ."

මේ දෙදෙනා කථාකරමින් සිටින අතරතුර තිලකා ඇවිත් ගේට්ටුව අරියා. කාරය වත්තට දැමු දුලන ඉන් බැස, 

" ඔන්න තිලකම්මේ, මං ගෙනිච්ච විදියටම තිලකම්මගේ චුටි බේබිව ගේනාවා".

සිනාසුන තිලකා, 
" බේබිලා ඉක්මණටම ඇවිත් නේ. මං හිතුවා තව රැ වෙයි කියලා."

" ඔව් තිලකම්මේ අපි ඉක්මණට ආවා. ගැණු ළමයි රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න ඔන නැති නිසා... " කියමින් දුලන සස්මි දෙස බලා ඇසක් ගැසුවා.මේ වන විටත් සස්මි ගෙට ඇතුල් වි අවසන්.

" ඔව් , බේබි ඒකනම් ඇත්ත තමයි. ඇවිල්ලා වාඩිවෙන්න බේබි. මම මොනවා හරි බොන්න ගේන්නම්"

" අනේ තිලකම්මා මට මොකුත් එපා. මට වතුර එකක් දෙනවද මාර වතුර තිබහයි."

" ඉන්න බේබි මං වතුර අරන් එන්නම්. "

තිලකා යනවිටම දුලන උන් තැනින් නැගිට සස්මි ළගට ගොස් ,

" කෝ දෙන්න මගේ ගුඩ් නයිට් කිස් එක " යැයි කියා සස්මිගේ කනට ළංවි පැවසුවා.

" අනේ යන්න අයියා. වෙනදත් ඔවා මං දුන්නේ නැ නේ. ඒ හින්දා අදත් නැ තමයි." 

" ආ එහෙමද ඒ කියන්නේ ඔයා දෙන්නේ නැ නේ ............... " යැයි කියු දුලන පාත් වි සස්මිගේ නළල සිප ගත්තා.

තිලකා එන බව දුටු සස්මිට කිසිවක් කියන්නට ඉඩක් ලැබුණේ නැ. එසැණින් ඇය හුන් තැනින් නැගිට ඉවතට ගියා.

වතුර එක බිවු දුලන,

" එහෙනම් තිලකම්මා මං යනවා. මං යනවා දෝණි " යැයි කියමින් ඔහු නික්මුණා.

දුලන ගේට්ටුවෙන් ඇතට යනතෙක්ම ඒ දෙස බලා උන් සස්මි ගෙට ඇතුල් වුනා. තිලකා සිරිමෙවන්ට අඩගසා ගේට්ටුව .

" අනේ සිරි ගේට්ටුව වහලා දානවද " කියමින් කුස්සියට ඇදුනා.

දුලන ගිය පසු, සස්මිගේ සිතට දැණුනේ හරිම පාලුවක්. ඇය ඒ සිතිවිලි වලින්ම කාමරයට ගොස් ඇදේ වැතිරුණා.

" බේබි නිදිද " කියා අසමින් තිලකා කාමරයට ආවා. ඒ වනවිටත් සස්මිට යන්තමට නින්ද යා ගෙන ආවා පමණයි.

" අනේ, අනේ, බේබි මොකද මේ කවදාවත් නැතුව මේ ඇදගෙන ආපු ඇදුම පිටින් නිදි ගිහින් ඇග සෝදගෙන එන්න. මං කිරි එකක් හදාගෙන එන්නම් " කියු තිලකා කාමරයෙන් නික්මුණා.

කොපමණ වේලාවක් නානකාමරයට වැදි උන්නාදැයි කියා මතකයක් ඇයට වුයේ නැ. තිලකා ඇවිත් කථා කළ පසුයි ඇය එයිනුත් එළියට ආවේ.

" බේබිට අද හරි මහන්සියි පාටයි. මේ කිරි එක බිලා නිදාගන්නකෝ " කියමින් ඇය සස්මිට දුන් කිරි එක ඇය නිසොල්මනේ බි විදුරුව තිලකා වෙතට දිගු කළා. 

" මොකද මේ අද බේබිගේ කට වැහිලා වෙනදානම් කොචචර කියවනවද ?? ".

" අනේ එහෙම දෙයක් නැ තිලකම්මා මගේ ඔලුව රිදෙනවා. මං අද ඉක්මණටම නිදාගන්නවා " කියමින් ඇය අසල උන් ටෙඩිබෙයාර් තුරුල් කරගනිමින් ඇදේ දිග ඇදුනා.

" බුදුසරණයි බේබි " කියා සස්මිගේ ඔලුව අත ගැ තිලකා කාමරයේ වු ලයිට් එකත් නිවා දමමින්ම දොර වසා දැමුවා.

ඊට මද වේලාවකට පසු සස්මිගේ ජංගම දුරකථනය නාද වුනා.

 " හෙලෝ අංජු අක්කි "

" හොලෝ තමයි මං කථා කරනකන්ම හිටියා නේද??"

"අනේ නැ අක්කි එහෙම නැ" 

"හරි දොණියෝ මං විහිළුවට කිව්වේ. මං බැලුවේ කෙල්ල පරිස්සමින් ආවාද කියලා. මොකෝ මං අයියා ගැන දන්නවනනේ . ඉතින් දුලන ගැන තව මොන‍වා කියන්නද නේද??"

" ඒකනම් ඇත්ත අක්කි, කෝ අක්කි අපේ අයියණ්ඩි?? "

" ආ මේ ඉන්නේ දෙන්නද එයාට"

" එපා අක්කියෝ. මට හොදටම නිදි මතයි දැන්."

" හරි එහෙනම් නිදිගන්කෝ. බුදු සරණයි දෝණියෝ"

 " බුදු සරණයි අක්කි."

මේ දුරකථන සංවාදය අතරතුර දුලන සස්මිට දුරකථන ඇමතුම් කිපයක් ගනු ලැබුවා.ඒ හැම විටම සස්මිගේ දුරකථනය කාර්යබහුල දැක ගන්නට ලැබුණා. 

Thursday, February 17, 2011

11 කොටස



සස්මිගේ දෙනෙත් වලින් කදුළු කැට වැටෙන්නට විණ.

"අනේ අයියා මාව අතඅරින්න "

කියමින් ඇය දුලනගේ දෙනෙත් වලින් හා දැත් වලින් මිදෙන්නට උත්සහ දරමින් පැවසුවා.

"කියන්න මගේ රත්තරනේ ආදරෙයි නේද මට????"

"අනේ අයියා ප්ලිස් මාව අතඅරින්නකෝ " කියා කියුවත් ඇය ඔහුගෙන් මිදෙන්නට උත්සහ නොකළේය.

දුලනට ඇගේ පිළිතුර කුමක් දැයි යන්න ඔහු සස්මිට ඔහුගේ සිතේ තුළ මෙතුවක් කලක් තිස්සේ පැවති දේ කියා නිමවනවාත් සමගම තේරුම් ගන්නට හැකිවිය. නමුදු දුලනට අවශ්‍ය වුයේ එය ඇගේන්ම දැන ගැනිමටය.;

"කියන්න මගේ දෝණි ඔයා මගේමයි නේද හැමදාමත්ම??? "

"මං දන්නේ නැ අයියා මොනා කියන්නද " කියලා ඇය ඉවත බලාගෙනම හැඩුම් ස්වරයකින් පැවසිය.

මේ වනවිට දුලන ඇය තම ග්‍රහණයෙන් මුදවා තිබුණි.

" මං දන්නවා දෝණි,  ඔයා මට ආදරෙයි කියලා. ඒත් මම කැමතියි ඒ දේ ඔයාගේ වචන වලින්ම දැනගන්න. කියන්න මගේ රත්තරනේ ආදරෙයිද කියලා මට එකම එක පාරක් ".

"අ.............නේ...........   අ............යි.............යා..........."

"අනේ අයියා නේවි,  එහෙනම් මම හිතාගන්නද ඔයා මට චුට්ටක්වත් ආදරේ නැ කියලා. "

කියා දුලන කියන විටම ඇයගේ දෙනෙත් වලින් කදුළු කැට හෝ ගා වැටෙන්නට විය.

" අනේ අයියා එහෙම නැ.................මාත් අයියට ආ...ද..රෙ....යි ගො..ඩා..රි..ය....ක්................... "යැයි කියමින් ඇය විත් දුලනගේ බද වටා අත් යවමින් දුලනව තදින් බදාගෙන පපුව මත හිස තබා ගෙන හඩන්නට විය.

දුලන හිමින් සිරුවේ මදක් පහත්වි ඇගේ නළලත හෙමිහිට සිප ගත්තේය. සස්මි ලැජ්ජාවෙන් මුණ බිමට හරවා ගනිමින් දුලනගෙන් ඇත් විය.

"ඇත්තම කියන්න දෝණි ඇයි ඔයා කවදාවත්ම මට ආදරෙයි කියලා කියුවේ නැත්තේ ඇයි?? මම කියනකන්ම කියන්න හිටියේ??"

"මම එහෙම දෙයක් හිතන් උන්නේ නැ අයියා.ඒත් මම දන්නේ නැ මගේ හිතේ මොකක්දෝ දෙයක් තිබුණා. මට මගේ අයියලා දෙන්නට වඩා ලොකු වෙනසක් දැණුනා ඔයාගෙන්. ඒ මොකක්ද කියන්න මං දැනන් උන්නේ නැ. ඉස්කොලේ යන කාලේ යාළුවෝ ඔයා ගැන කියලා විහිළු කරද්දි මං ඒක කේන්තියෙන් මඟ ඇරියට මගේ හිතටත් යන්තමට වගේ දැණුනා ඒ දේ. ඒත් ඔයා මං ගැන එහෙම හිතන්නේ නැ කියලා මට සමහර තැන්වලදි දැණුනා. ඒ හින්දා මං ඔයාගෙන් දුරස් වෙලා ඉන්න හැදුවා."

"මතකද අයියා ඔයා රට යන්න හදද්දි දුන්න පාටි එකට හැමෝම ආවා. ඒත් මං ආවේ නැ නේ. මට සනිප නැ කියලා. ඒ මට ඒක දරාගන්න බැරි නිසා. අද වුනෙත් ඒ වගේ දෙයක් තමයි ඔයා චේතනා ගැන කියපු වෙලේ ඉදන්ම."

" අනේ , අනේ,  ආච්චිඅම්මා මෙච්ර දෙයක් හිතේ තියාගෙන ඉදලා. අදයි කියන්නේ මේ දේවල්".

"ඒත් අයියා..............................." කියමින් ඇය මදක් කල්පනා කරන්නට වුනා.

"ඒ පාර මොකෝ ඒත් ... මේත් ගාන්නේ??? "

" නැ අයියා, අපේ ගෙවල් වලින් මේ දේවල් වලට කැමතියි වෙයි කියලා අයියා හිතනවද???? "

"අකමැති වෙන්න හේතුවක් නැ නේ දෝණි. මොකද අපි නොදන්න අය නෙවිනේ.
අනිවාර්යයෙන්ම කැමති වෙනවා."

නමුදු සස්මි දුලනට පිටුපා මුහුද දෙස බලාගත්වනම බලාන උන්නා.

"මේ දැන් ගෙදර යන්න හදිසි කිව්වා නේද??"
"තාමත් ඒ හදිස්සිය තියනවාද?? " කියමින් දුලන ඔහුට පිටුපාගෙන මුහුද දෙස බලමින් උන් සස්මිව තුරුල් කරගත්තා.

Saturday, February 12, 2011

10 කොටස



ඇයට මතකයට ආවේ දැන් ටික කාලයක සිට දුලන ඇයට ළං වන්නට උත්සහ කරන අයුරුයි.ඒත් මෙතුවක් ඔහු ඇයට කිසිවක් පවසා නොමැති වුවත් ඇගේ සිතෙහිද දුලන ගැන කුමක් හො සිතිවිල්ලක් මොදු වන බව ඇයට තේරුණා. එම නිසා  වෙන්නට ඇති චේතනා කතා කළ මොහොතේ පටන් ඇගේ සිත ව්‍යාකුල වුයේ. කුඩා කාලයේදි ඇය හා දුලන එකට සෙල්ලම් කළ අයුරු මෙන්ම , පාසල් සමයේදි ඇයට පාසලේ යෙහෙළියන් දුලන ගැන කියමින් ඇයට විහිළු කළ අයුරුත් ඇයට මතකයට නැගුනා. මේ සියල්ලම ඇගේ සිතේ කොනක තැන්පත් වි තිබුණා. 

ඇයටත් කොපමණ වේලාවක් ගල් තලාව මතට වි සිටියාද කියා ඇයට මතකයක් වුයේ නැත. ඇය එකවරම තම කර මත සිතල අතක් රැදුන බව දැණුන විගස පසු පස හැරි බැලුවා.දුලන ඇය දෙස බලා සිටිනු ඇය දුටුවා.

එසැණින්ම,

"මොකද දොණි ඔයාට වුනේ එකපාරටම ??? මම දැන් ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඔයා ඉන්නේ වෙනම ලොකේක මම ආවා දැණුනේවත් නැ. "

"අනේ එහෙම දෙයක් නැ අයියා . මම මේ මුහුද දිහා බලාගෙන හිටියා."

"මමත් දැක්කා ඔයා මුහුද දිහා බලන් හිටපු බව . ඒත් හිටියේ මේ ලොකේනම් නෙවි."

"හරි හරි අයියා ඒක වැඩක් නැ"

"මොකද මට වැඩක් නැත්තේ, මට වැඩක් තියනවා."
කියා දුලන පැවසුවේ ආදරණිය ස්වරයකිනි. ඒ කථා ශෛලිය සස්මිට නොතේරුණා නොවේ.නමුත් ඇය එය නොතේරුණා සේ ,

"ආ එහෙමද මොකක්ද දන්නේ නැ ඔයාගේ වැඩේ  . මේ ඒක වැඩක් නැ. දැන් කියන්නකෝ කවුද ඔයාගේ ඔය හිත ගැණු ළමයා ???"

"ඒ මේ දැන් මෙයා මෙච්චර වෙලා අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කලේ ඒකද?? " 

"අනේ ඔව් , මට වෙන වැඩ නැනේ ඔයාගේ හිත ගිය ගැණු ළමයා ගැන කල්පනා කරන්න. " ඇය නොක්කාඩුවෙන් පැවසුවා.

"අපෝ ඔච්චර කේන්ති ගන්න එපා. ඔය සුදු මුණ කැතවෙයි."

" ඉතින් ඔයාට මොකෝ , සුදු හරි කළු හරි මුණ මගේනේ. " ඇය ගස්සමින් පැවසමින් එතනින් නැගිට්ටා.

"දැන් ඔය කොහේ යන්නද නැගිට්ටේ ආ ???? "

" කොහේ යන්නද ගෙදර මිසක්. මාව ගෙදර ගෙනියන්න "

" අනේ දෝණි පොඩ්ඩක් ඔහොම ඉන්න මට දෙයක් කියන්න තියනවා." 

" ඉතින් කියන්න. මං අහගෙන ඉන්නේ. " ඇය තරහෙන් මෙන් පැවසුවා.

" මේකයි දෝණි කථාව, මම ගොඩක් කාලෙක ඉදන් ගැණු ළමයෙකුට ආදරේ කරනවා. ඒත් ඒ ගැණු ළමයා ඒක දන්නේ නැ. ඒත් මට තවත් මේ දේ හංගගෙන ඉන්නත් බැ." දුලන දුක් මුසුව පැවසුවා.

"ඉතින් ඔයා ඒක ඒ ගැණු ළමයට කියන්න. ඒ ගැණු ළමයා ඔයාට කැමතිනම් හා කියයි. අනේ අයියා කියන්නකෝ කවුද ඒ ගැණු ළමයා??? " යැයි ඇය ඇසුවද ඇගේ මහත් දුකකින් පිරි තිබුණා. ඇයට දැණුනේ ඇගේ ලෝකයම කඩා වැටෙන්නට යන ආකාරයයෙන්.

" හැබැයි දෝණි මං දෙයක් කියන්නම් තරහ වෙන්න නම් එපා මාත් එක්ක හොදේ."

" ඉතින් කියන්න මං මොකටද තරහා වෙන්නේ ඔයා එක්ක. ඔයා ඔයා කැමති ගැණු ළමයා ගැන කියන කොට " 

"දෝණි මේකයි.................. මං මේක මට තේරේණ කාලේ ඉදන්ම මට දැනිච්ච දෙයක්. ඒත මේ වෙනකන්ම කාටවත් කිව්වේ නැ. අද මං ඔයාට කියනවා. හැබැයි සමහර විට අදින් පස්සේ ඔයා මාත් එක්ක කථා කරන එකක්වත් නැ. "

"අ.....නේ.... අ...යි...යා... ඔයා මොනාද මේ කියන්නේ මට කිසිම දෙයක් තේරේන්නේ නැ. තේ‍රේන විදියකට කියන්නකෝ මාව බය නොකර.......... ".

" දෝණි,  ඒ ගැණු ළමයා වෙන කවුරුවත් නෙවෙයි. පුංචි කාලේ අපේ රජ මාළිගාවේ මගේ බිසව වුනේ ආන්න ඒ පුංචි කුමාරි ඔයා".

"අ...........යි...................යා ! "සස්මි තිගැස්සි දුලන දෙස බලා උන්නා

"ඔව් දෝණි මං ඒ දවස් වල ඉදලම මං ඔයාට ගොඩාක් ආදරේ කළා. ඒත් කවදාවත්ම කිව්වේ නැ. ඔයා ඉගෙන ගන්න ඔන හින්දා හොදට. ඒත් ඊටපස්සේත් මං ඔයාට කියන්න ගොඩක් උත්සහ කළා. ඒත් මට ඒ දේ කවදාවත්ම මට ඔයාට කියා ගන්න බැරි වුනා."

"කියන්න දෝණි ඔයත් මට ආදරෙයි නේද??? ඉස්සර වගේ හැමදාටම මගේ මාලිගේ පුංචි කුමාරි ඔයා වෙනව නේද?? කියන්න දෝණි........... මට තවත් මේ දේවල් හිතේ ගුලි කරගෙන ඉන්න බැ... කියන් මගේ පුංචි කුමාරි නේද හැමදාමත් ............ " යැයි කියමින් අත් දෙකෙන්ම සස්මිගේ මුහුණ  අල්ලමින් මුවට මුව ළං කරමින් ඇසුවා.

Thursday, February 10, 2011

09 කොටස



කාරය හරවනවාත් සමඟම දුලනගේ දුරකථනය නාද විය.

"දෝණි බලන්න කවුද කියලා"

"ඒක හරි නැ නේ අයියා " යැයි පවසමින් ඇය පිටුපස ආසනයේ තිබු දුරකථනය අතට ගත්තා.
"ආහ් මේ ගැණු ළමයෙක් නේ " කියමින් ඇයි ඇය දුරකථනය දුලන වෙත පැවා. 

"කවුද ළමයෝ " යැයි අසමින් දුරකථනය අතට ගන්න හදනවිටම එය විසන්ධි වුනා.

" කවුද චේතනා කියලා කෙනෙක් අයියා මේ ඇත්තටම කවුද ඒ"

"ඔයා අන්සර් කරන්න".
"අහන ඒවාට ඔයා උත්තර දෙන්න" 

"එතකොට අයියා මම කවුද කියලා ඇහුවොත්???"

"එතකොට ඔයා කියන්න ඔයා තමයි මම මැරි කරන්න ඉන්නේ" 

"මොකක්?"
" කියන්නකෝ අයියා ඇත්තටම අපි නොදන්න චේතනා කවුද??" කියමින් ඇය තරමක් නොසන්සුන් ස්වරූපයකින් අසුවා.

" ආ! මම ඔයාට කියන්නම්කෝ ඒ කවුද කියලා " කියනවිටම නැවතත් දුරකථනය නාද වුනා. 

 " අයියා මේ ආයිමත් එයා තමයි මොකද කරන්නේ"

" ඔන්න ඔයා මම කියපු විදියටම කරන්නකෝ."

සස්මි දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නා. 

"හලෝ " 

අනෙක් පසින් ඇසුනෙත් කන්තා කටහඩකි

"හලෝ,  මට දුලනට කතා කරන්න පුළුවන්ද?? "

" ඔයා කවුද කථා කරන්නේ කියනවද? එයා දැන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. එයාට කථා කරන්න විදියක් නැ. "

" ඔයාගේ පණිවිඩේ කියන්න මං එයාට කියන්නම් " යැයි සස්මි සිහින් හඩින් පැවසුවා

අනෙක් පස වු තරුණිය " අනේ මට කියන්න පුළුවන්ද තරහා නැතුව ඔයා කවුද එයාගේ කියලා "

" මම තමයි එයා මැරි කරන්න ඉන්නේ. ඇයි ඔයා මේ දේවල් අහන්නේ ඔයා කවුද " සස්මි තරමක් සැර ගතියකින් පැවසුවා
එයින් අනෙක් පස වු තරුණිය තරමක් කලබල වු බවක් සස්මිට දැණුනා

ඇයත් සැරෙන් මෙන් " මම තමයි චේතනා ඔයාම අහගන්න"  කියමින් දුරකථනය විසන්ධි කලා.

" අයියා මේ කියන්නේ ඔයාගෙන්ම අහගන්න කියලා කවුද අයියා කියන්නකෝ"

මේ වනවිටත් දුලන කාරය මුහුදු වෙරළ අසල ඇති අවන්හලක් ළග කාරය නතර කර අවසන්.

"එයා තමයි චුටි අර අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නේ ගුණතිලක කියලා. අර මන්ත්‍රි කෙනෙක් ඉන්නේ. ආන්න එයාගේ දුව. "

"අනේ චුටි , අපි බැහැලා යනගමන් කථා කරමුකෝ "කියමින් දුලන කාරයෙන් බැස්සා.

" අනේ අයියා කියන්නකෝ " කියමින් ඇයද කාරයෙන් බැස දුලන ළගට ගියා. නමුදු ඇයගේ සිතේ කිසියම් කළකිරිමක් තිබුණා. ඒ කුමක්දැයි ඇයට තේරුණේ නැ.

 "චේතනා දැන් මාස දෙකකට විතර කලින් ලංකාවට ආවේ මැලේසියා ඉදන්. ඒ ආපු වෙලාවේ ගුණතිලක අන්කල් අපේ ගෙදර එක්කන් ආවා.ඇවිත් ගිහින් දවස් දෙකකට පස්සේ මෙන්න මට කොල් කරලා කියනවා එයාව එක්කන් යන්න කියලා නයිට් ක්ලබ් එකකට. මං ඉතින් බැ කිව්වා. ‍ඊට පස්සේ මෙන් ආයිමත් දවසක කොල් කරලා කියනවා එයාට මාව හම්බවෙන්න ඔනලු දෙයක් කියන්න තියනවා කියලා. මං කිව්වා ඉතින් කියන දෙයක් කියන්න කියලා ෆොන් එකෙන්ම. ඒ පාර මෙන්න මේ කෙල්ල කියාපි ඒකිට මාව ඔන කියලා. ආන්න එදා ඉදන් මම එයාව  මඟ අරිනවා."

සස්මි මේ සියල්ල අසාගෙන හෙමින් සිරුවේ සිනිදු වැලි මත පා තබමින් ඉදිරියට ඇදුනා.

" ඉතින් අයියා එයා ලස්සනයිනේ මං එයාව දැකලා තියනවා. ඔයා ඇයි අකමැති?? "

" මට ඔය කොහේවත් යන කෙල්ලෝ ඔන නැ."

" එහෙනම් ඔයාට ඔන කෙල්ල කොහේද කියන්නකෝ ඉන්නේ."

" හරි මං අද ඔයාට ඒක කියන්නම්. ඒත් ඊට කලින් අපි මොවා හරි කමුද මට හරි බඩගිනි " කියමින් දුලන රෙස්ට්ටුරන්ට් එක ඇතුළට ඇදුනා. සස්මිත් ඔහු පසුපසින්ම ගොස් විඩි වුනා.

එතන‍ට පැමිණි වේටර් ;

"මොනාද සර් ඔඩර් කරන්නේ " කියමින් මෙනු පත දුලනගේ මේසය උඩින් තැබුවා.

" මොනාද දෝණි කන්නේ "

" අයියා කැමති දෙයක් ගන්න."

" ඔන්න එහෙනම් මං සි රයිස් ඔඩර් කරනවා හොදේ " කියමින් වේටර් දෙසට හැරුන දුලන " අපිට සි රයිස් දෙකක් ගේන්න කිව්වා."

වේටර් යනවාත් සමඟම මදක් ඇතින්

"දුලන............................... " කියා අමතන හඩක් ඇසුනා.

" ආ මචං කවිෂ්ක වරෙන් වරෙන් " කියමින් පුටුවෙන් නැගිට්ට දුලන කවිෂ්කව බදා ගත්තා.

"අනේ බං උඹ බැදල අපිට කිවේත් නැතුව නේ. හොදයි හොදයි ඔහොම තමයි හරි යනකොට." යැයි කවිෂ්ක පවසනවිටම වාගේ සස්මි පුටුවෙන් මදක් නැගිට මුහුද පැත්තට ගියා.

කවිෂ්ක සමඟ පිටුපසින් තවත් කන්තාවක් සහ කුඩා දරුවෙක් පැමිණුනා

"පිස්සුද මචං මං තාම බදින්න තියා හිතලවත් නැ. උඹට මතක නැද්ද අපේ ෂමෙලයා. ඒ ෂමෙල්ගේ නංගි"

"එහෙමද ?? එහෙම නැතිවුනත් හොදට මැච් වෙනවා උඹට බලපං පොඩි උත්සහයක් කරලා " යැයි හින් සිරුවේ කනට කරමින් පැවසුවා.

" මේ කවිෂ්ක කෝ උඹේ හාමිනේ ‍කෝ?? "

" අර ඉන්නේ පුතත් එක්ක මෙතන හිටපු උඹේ සුරංගනාවිත් එක්කම. මේ ඒක නෙවි මචං මට ඒ ගර්ල්ව දැකලා පුරුදුයි ඒත් කොහේද කියලා මතක නැ ".

" හරි උඹ ඒක පස්සේ මතක් කරපං දැන් කමු බං මට මාර බඩගින්නකින් මං ආවේ " යැයි දුලන පැවසිය.

"දෝණි......... "කියා මදක් උස් ස්වරයකින් ඇය සස්මිට අඩගැසුවා.

ඒත් සමඟම කවිෂ්ක , "මේනකා ...... "යයි ඔහුගේ බිරිඳ‍ට අඩගැසුවා. ඔවුන් එතනට පැමිණි පසු,

"මචං දුලන අපි දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. පුතාට නිදිමතයි කිය කිය ඉදියේ. අපි එහෙනම් දැන් යන්නද පස්සේ මිට් වෙමු මචං " කියමින් දුලන වෙතඅතට අත දික්කලා.

"හරි මචං.. "

" නංගි අපි යන්නම් එහෙනම් අයියවත් මතක් කලා කියන්නකෝ " යැයි කියමින් කවිෂ්ක යන්නට හැරුණා.

"එහෙනම් දුලන අයියා අපිත් යනවා යයි පැවසු ඇ,.

"නංගියෝ එහෙනම් අපි ගිහින් එන්නම් " කියු ඇය සස්මිව වැළදගත්තා.

"එහෙනම් ඔන්න අපි ගියා " කියමින් ඔවුන් යන්නට හැරුණා.

"ඒ මචං මෙන්න මගේ කාඩ් . කොල් එකක් දිපං".

" හරි මචං එහෙනම් අපි කැපුනා "කියමින් ඔවුන් යන්ට ගියා.

ඒ වනවිටත් වේටර් කැම ගෙනවිත් මේසය මත තබා තිබුණා.

"දෝණියෝ මට බඩගිනි. කමුද " කියමින් දුලන වාඩි කැම බෙදාගත්තා.
දෙදෙනාම නිශ්ශබ්දව කැම කන්නට වුනා. ඉක්මණින් කැම කැ සස්මි ,

" අයියා කාලා එන්න මං අර පැත්තට යනවා " කියමින් මුහුදු වෙරළ දෙසට ඇදුනා. 

ඇගේ කුමක්දෝ සිතිවිල්ලක් නිසා නොසන්සුන් වි ඇති පව ඇයට දැණුනා. එයට හේතුව කුමක්දැයි කියාවත් ඇයට සිතා ගැනිමට පුළුවන් කමක් තිබුණේ නැ. නමුදු මේ සියල්ල සිදුවුනේ දුලනට චේතනාගේ දුරකථන ඇමතුම ආ වෙලේ සිටන් බව ඇයට යන්තම් විතර දැණුනත්. ඇයට කිසිවක් සිතා ගන්නට නොහැකිව තිබුණා. මේ සිතුවිල්ලෙන්ම ඇය ගොස් කළුගල් තලාවක් මත වාඩි වුනා......

Saturday, February 5, 2011

08 කොටස




කාරය මයුරිලගේ ගේට්ටුව අසලින් පිටත් වු පසු පැවතියේ දිගු නිහැඩියාවකි.

දුලන කාරය පදවන ගමන් සිත අතිතයට දිව ගියේය. දුලනගේ පියා බණ්ඩාරත් ෂමෙල්ගේ පියා සිරිවර්ධන අතිජාත මිතුරන් වුහ. එබැවින් මේ පවුල් දෙකේ සමාජිකයෝ එකම පවුලක අය මෙන් එකිනෙකා බැදි සිටියහ.

රෝහණ සිරිවර්ධන සාර්ථක ව්‍යාපාරිකයකු වු අතර අනුර බණ්ඩාර රටේ නම ගිය දේශපාලනඥයකු විය. එමෙන්ම නිලන්ති බණ්ඩාර හා සසඳරාද සිරිවර්ධනද සමාජ සේවිකාවන් වශයෙන් නම් දරා සිටි තැනැත්තියන්ය.

ෂමෙල් හා දුලන එකම පන්තියේ මිතුරන් විය. කුඩා කල සිටම මොවුන් දෙදෙනා හැදි වැඩුනේ එකටය. දිනුජය ෂමෙල්ගේ එකම සොහොයුරා වු අතර සස්මි මේ සියල්ලන්ගේම බඩපිස්සි විය. දුලන හදුනේ පවුලේ එකම දරුවා ලෙසටය. එම නිසා ඔහු සිරිවර්ධන පවුලේ දරුවන් හා වඩාත් ලෙන්ගතු විය. 

ෂමෙල් හා දුලන යහළුවෝ දෙදෙනෙකුට වඩා සොහොයුරන් දෙදෙනෙකු විය. නමුදු දිනුජය වඩාත් නිහඩ චරිතයකි. මේ චරිත අතරට ෂමෙල්ගේ මාමාගේ එකම දුව වන අංජුත් එකතු වි සිටියා. අංජු වැඩිමහල් වුයේ සස්මිට වඩා එක වසරකින් පමණි. පාසල් යන සමයේ මොවුන් පස්දෙනා ගියේ ආවේ එකටය. දිනුජය හැර අනික් හතර දෙනාටම හරිම විසේ නමුදු අධ්‍යාපන කටයුතු අතපසු කර ගත්තේ නැත. නමුදු දිනුජය මුල් තැන දුනේ  ඉගෙනිමටම පමණකි.

කුඩා කල සිටන්ම ෂමෙල් හා අංජු අතර පෙම් සබදතාවක් ගොඩ නැගි තිබු අතර එයට ගෙවල් වලින් බාධාවක් නොවිය. දුලනගේ සිත තුල සස්මි ගැන ආදරයක් ගොඩ නැගෙමින් තිබු අතර එය කිසිම දිනක දුලන ෂමෙල්ට වත් දැනගැනිමට නොදුන්නා. පෙම්වතියක් නොමැතිව සිටින දුලනට යහළුවන් නිතර විහිළු කලා මේසේ කාලය වසර ගණනින් ගෙවි ගියා.

මේ කාලය වන විට දුලන සාර්ථක නිතිඥයකු ලෙසද ෂමෙල් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙසද අංජු ෂමෙල්ගේ ආදරණිය බිරිද ලෙස ද දිනුජය රටේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ලෙසද සස්මි තම පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වි අධ්‍යක්ෂක වරියක් ලෙසද සාර්ථක ජිවිත ගත කරයි.

මෙතුවක් කලක් ගතවි ගියත් දුලන තම සිතෙහි සස්මි වෙනුවෙන් ඇති ආදරය කිසි විටකවත්  පවසා නැත.

මේ නිහඩ බව බිදිමින් සස්මි,

"මොකෝ දුලන අයියා මේ ??? මොන ලොකේද ඉන්නේ???"

තිගැස්සුන දුලන,

"ඇයි දෝණි ???? " කියා ඒ තිගැස්මෙන්ම ඇසුවා.

" නැ අයියා ඔයා බර කල්පනාවක උන්නේ අපි කාර් එකට නැග්ග වෙලේ ඉදන්. මොකද ඔයාට වෙලා තියෙන්නේ ???  මම ටික දවසක ඉදන් අහන්නමයි හිටියේ??? ඇයි මොකුත් ප්‍රශ්නයක්ද?? "

ඒ වනවිටත් කාරය ගමන් කරමින් තිබුණේ ගල්කිස්ස හරියේය. ඇය එසේ අසනවිටම දුලන කාරය මදක් වේගය අඩු කර ,

" නැ දෝණි ම‍ට අපේ පුංචි කාලේ මතක් වුනා. අපි පස්දෙනා හිටපු හැටි. ඒක නෙවි දෝණියෝ අපි මගින් මොනා හරි කාලා යමුද??? " කියා දුලන ඇසිය

" හරි අයියා අපි කාලා යමු. ඒත් අයියා ඔයා ඔහොම ඉන්න හේතුව කියන්න ඔන හොදේ මොකද ඔහොම මුඩ් ගහලා ඉන්නේ කියලා" යැයි පවසමින් ඇය දබර ඇගිල්ල උලුක් ‍කළේය.

" හරි හරි ආච්චිම්මේ"  යැයි කියමින්ම ඔහු කාරය වෙරළ දෙසට ඇති පාරට හැරවිය..

Thursday, February 3, 2011

07 කොටස



කාරය තුළ පැවතියේ දැඩි නිහැඩියාවකි.

"දාන්නකෝ අයියා සිඩි එකක්වත් සින්දුවක් අහන්න. වෙනදනම් ඔයා කියනවනේ.. අද මොකෝ අමතක වෙලාද සිංදු කියන්න ගායකයට " යැයි සිනාසෙමින් සස්මි ඇසිය.

සස්මි ලෙස මදක් මන්ද ස්වර‍යකින් බැලු දුලන,

"නැ චුටි, මට දැන් සින්දු කියනවට වඩා රසවිදින් හිතන්න දේවල් තියනවනේ යැයි කියමින් කාරයේ වේගය වැඩි කළේය.."

"දුලන අයියා................... මොකෝ මේ මෙච්චර හයියෙන් යන්නේ අපිට තව වෙලා තියනවා"

"වේලානන් තියනවා තමයි දෝණි, ඒත් අපි යනකොට ඔයාගේ අර සහයට ඩැනි ලැස්තිවෙලා නැත්නම් මට නෙමෙයි ඔයාලටයි පරක්කු වෙන්නේ.."

"මොකද අයියා ඔයා එයාට හැමතිස්සේම සහයට ඩැනි කියන්නේ " යැයි සස්මි මුණ නොරොක් කරගෙන ඇසිය.

"ඇයි චුටි, ඕක අහන්නත් දෙයක්ද ඔය දෙන්නා නර්සරි යන කාලේ ඉදන් අද වෙනකනුත් ඔයායි එයයි ඉදිකට්ටයි නුලයි  වගේනේ.........."

" මේ හලෝ එහෙම කියන්න එපා. දැන් ඔයයි අපේ ලොකුයිත් එහෙමනේ........".
"ඉතින් මායි මයුරිත් එහෙම තමයි.."
"ඔයා දන්නවද අයියා, මයුරිට එයාලගේ ගෙදරින් ප්‍රෝපොසල් එකක් ගෙනත්.."
"ඒ කවුද කියලා ඔයා ඇහුවොත් පුදුම වෙයි...."

"ඒ මොකටද චුටි මං පුදුම වෙන්නේ මයුරිට  ප්‍රෝපොසල් එක ගෙනාපු කෙනා අහල... "

"ඔයා දන්නවද ඒ කවුද කියලා " යැයි සස්මි සිනාසෙමින් ඇසිය

"ඉතින් හලෝ,  කියන්නේ නැතුව මං දන්නේ කොහොමද?? කියනවකෝ...... "යැයි දුලන වේගයෙන් පැවසිය..

"එයා තමයි අපේ රෙජි අන්කල්ගේ පුතා විහඟ අයියා............".

"මොකක් මේ අපේ විහඟයා ???? " යැයි දුලන පුදුමයෙන් ඇසිය.
"ඔව් ඔව් එයා තමයි.... ඔයාගේ ආදරණිය මස්සිනා පොඩ්ඩ " යැයි කියා කියමින් ඇය සිනාසුනා

අනේ අම්මපා මු වගේ එකෙක් මට නිකමටවත් කිව්වේ නැ ඊයේ මං එහෙ ගිහිලලත්.  මං ඌව අල්ලගන්නම්කෝ.. යැයි දුලන පවසමින් කාරය සිරිමති මාවතට හරවන ලදි.

දෙදෙනා කථාකරමින් සිටින අතරතුර දුලන කාරය මයුරිලගේ ගේට්ටුව අසල නවතන විටම,
" අයියා යමු අයියත් ඇතුළට " යැයි කියමින් සස්මි කාරයෙන් බිමට බැස්සා.

දුලනත් සස්මි සමඟින් ගේ ඇතුලට අදුනා.

ඔවුන් ගෙට යනවිටම මයුරි,

"එන්න එන්න, ජොඩුවම ගේ ඇතුලට"

"අම්මෝ දුලන අයියා දැකපු කල්...  එන්න ඇවිත් වාඩි වෙන්න"  කියමින් මයුරි සස්මිව සිප ගනිමින් පැවසුවා.

"උඹට පිස්සුද බං මෙතන කොහේද ජොඩුවක්??? "
"අපිට ඉතින් ජොඩුවක් ඉක්මණටම බලන්න පුළුවන් වෙයි නේද අයියා.."

"ඔව් ඔව් චුටි , අපේ විහඟයටත් දැන් තනිකඩ ජිවිතේ එපා වෙලාලු ඒ හින්දා ඌ ඉක්මණට අර යාළු වෙලා ඉන්න කෙල්ලව ගෙදර එක්කන් එනවා කිව්වේ.."  යැයි කියමින් දුලන මයුරිට නොපෙනෙන්නට ඇහැක් ගැසිය.

එය ඇසුන මයුරි සස්මි දෙස බැලිය.

"අනේ පව් අයියා කෙල්ලව බය නොකර ඉන්න. .... " යැයි දුලනට පැවසු සස්මි,

"උඹ දන්නවද විහඟ කියන්නේ අපේ දුලන අයියගේ නැන්දගේ පුතා.. ඒ කියන්නේ මේ ඉන්නේ අනාගත මස්සිනා .. මේ මේ විකාර කිය කිය ඉන්න නෙවි උඹ තාමත් ලැස්ති නැද්ද ????   " යැයි අසන විටම,

"අනේ සස්මියෝ මං ඔයාට කොල් කරන්න හදනකොටමයි ඔයාලා ආවේ මට අද යන්න එන්න වෙන්නේ නැ. .. අපේ ගල්ගේ සාංචි පුංචිගේ මහත්තයා නැති වෙලා. දැනුයි කිව්වේ .අපිට දැන් එහේ යන්න වෙනවා...... "

"කමක් නැ , මයු අවුලක් නැ උඹ පලයන් එහේ.. මට තනියම යන්නත් බැ උඹ නැතුව ඒ හින්දා අපි ආයි ගෙදර යනවා."

"අනික අනිද්දට මං ලොකුටත් කියලා එයාවත් එක්කන් ගාලු එන්නම්... "

"ඒක නෙවි චුටි , දැන් මාත් යන්න ඔනද අපේ මේ මයුරි නෑනලගේ මළගෙදර??? "

"එහෙම නැතුව බැ නේ මයු??? "

" ඔව්,  ඔව්, මස්සිනාල දැන් ඉතින් අපේ දේවල් වලටත් බැහැලා වැඩ කරන්න ඔන "  කියා කියමින් "මයුරි සිනා සුනා.

"එහෙනම් අපි යන්නම් අපි අනිද්දා දිහාවේ ගාල්ලේ එන්නම්කෝ"  කියමින් සස්මි පුටුවෙන් නැගිට්ටා.

"එහෙනම් නැනෝ මාත් යනවා......... " කියමින් දුලනද එළියට ඇදුනා

"හරි මස්සිනේ, මේ මෙයාව පරිස්සමින් එක්කන් යන්න හොදේ " යැයි මයුරි අමුතු තාලයකට පැවසුවා

"මයුරි නංගි,  ඔයා කිව්වත් නැතත් මං අපේ දෝණිව හොඳ පරිස්සමින් එක්කන් යන්නේ " යැයි කියා සස්මි දෙස ආදරෙන් බලමින් පැවසුවා.

"මේ , යමු හලෝ ඉතින් කියමින් "  සස්මි දුලනවත් ඇදගෙන කාරයට නැගුනා...

Saturday, January 29, 2011

06 කොටස



"අනේ මන්දා අංජු අපේ අම්මටයි තාත්ටයි මොනා වෙලාද කියලා "
කියමින් ෂමෙල් ඇවිත් ඉස්තෝප්පුවේ තිබු පුටුවේ ඇල වුනා..

ෂමෙල්ගෙන් බෑගය අතට ගන්න ගමන් අංජු,
"ඇයි ඔයා එහෙම කියන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ ??? " යැයි ඔහු අසලින්ම වාඩි වෙමින් ඇසුවා.

"එයාලා එදා මට කිවේ එයාලට කැනඩා යන්න තියෙන්නේ 25 කියලා. ඒ යන්න කලින් චුටිව මෙහේ ඇරලනවා කිව්වා. ඒත් පෙරේදා මේ දෙන්නා ගියා කෙල්ලව තනියම දාලා... "

"හරි හරි අනේ, අපි දෝණිව මෙහේ ගෙන්න ගමුකෝ... අම්මටයි අප්පච්චිටයි හදිසියට අමතක වෙන්න ඇති.. අනික බය වෙන්න දෙයකුත් නැ නේ තිලකම්මයි සිරි අන්කලුයි ඉන්නවනේ..."

"ඒ හින්දා තමයි මං මේ බයක් නැතුව ඉන්නේ... "යැයි ෂාමෙල් සැනසුම් සුසුම් හෙලමින් පැවසිය...

"මං ඔයාට තේ එකක් අරන් එන්නම් එතකන් ඔයා වොෂ් එකක් දාගන්නකෝ... " යැයි කියමින් ෂමෙල්ගේ බැගයත් රැගෙන අංජු යන්නට හැරිණ..

"කෝ අංජු අපේ දඟ මලු දෙක ?? " යැයි කියනකොටම ,

"අප්පච්චි අපි මෙහේ " යැයි උඩ තට්ටුවේ සිට රනවි සහ ඔලිනි කැ ගැසිය..

"අප්පච්චි කෝ ගෙනාවද මං උදේ කියපු දේ " යැයි දුව විත් ඇගේ එල්ලෙන ගමන් රනවි ඇසිය..

" අනේ අප්පච්චිට අමතක වුනානේ පැටියෝ. අප්පච්චි හෙට ගෙන්නම්කෝ.. " යැයි කියු ෂමෙල් සාක්කුවට අත දමා චොක්ලට් දෙකක් ගෙන ඔලිනි ට සහ රනවි වෙත් දික් කළේය..

"අප්පච්චි හරි නෝර්ටි.. දැන් මං ඇහුවම කිව්වා ගෙනාවේ නැ කියලා " යැයි කියමින් රනවි මුණ ඇඹුල් කරගෙනම චොක්ලට් එක අතට ගත්තේය..

"අප්පච්චි, අප්පච්චි , අප්පච්චි දන්නවද  අද අම්මිට සනිප නැති වුනානේ " යැයි ඔනලි එක පාරට පැවසිය..

"හා ,  හා , දැන් දෙන්නම යනවා. ගිහින් අර ඉස්කොලේ දුන්න වැඩේ කරන්න.. අප්පච්චි වොෂ් එකක් දාගෙන එයි. " කියමින් අංජු තේ එකත් රැගෙන එතනට පැමිණුනා.

ඒ ඇසිලෙන් පොඩි උන් දෙන්නා ගේ ඇතුලට දිව්වා

තේ එක අතට ගන්න ගමන් ෂමෙල් , "ඇයි මොකද වුනේ මම දවල් කථා කරලාවත් මට නිකමටවත් කිව්වද" යැයි තරමක් සැරෙන් විමසුවා..

"අනේ ඒක එච්චර හිතන්න දෙයක් නෙවි අනේ.. එකපාරට‍ ඇඟට පොඩි තෙහෙට්ටු ගතියක් දැණුනා.. ඒ පාර මං හාන්සි වුනා.. එච්චරයි.. බය වෙන් දෙයක් නැ අනේ " යැයි අංජු පවසමින් ගේ ඇතුලට යන්නට හැරුණා..

"ඇයි ආයිමත් මං අප්පච්චි කෙනෙක් වෙන්න යනවද " යැයි අසමින් ෂමෙල් ඇයව තුරුල් කරගත්තා.

"අනේ අත අරින්නකෝ අනේ දුවලා දෙන්නා එයි.."

"ඇයි වෙනදා එයාලා දැකලා නැද්ද අප්පච්චි අම්මිට කිස් දෙනවා " යැයි කියමින් ෂමෙල් ඇගේ මුහුණ සිපගත්තා.

"ආ , ඒකට කමක් නැ ඔයා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.. අපි හෙට ගිහින් ‍ඩොක්ටර්ව හම්බවෙමුකෝ.. දැන්වත් ඉතින් අතඅරින්නකෝ " යැයි කියමින් ඇය ෂමෙල්ගෙන් මිදෙන්න උත්සහ කළා.. තවත් වරක් ඇයව සිපගත් ෂමෙල් ,

"එහෙනම් උදේට ලැස්ති වෙන්නකෝ ඩොක්ටර් හම්බවෙන්න යන්න " යැයි  කියමින් ෂමෙල් ඇයව දැත් වලින් මිදෙව්වා..

"හරි අනේ මං ලැස්ති වෙන්නම් දැන් ඔයා දැන් වොෂ් එකක් දාගන්න.. මේ එක නේවි දෝණි අද කොහේද යනවා කිව්වා නේද?? "

"ආ ඔව්, ඔව්"
"මං දුලනට කිව්වා කෙල්ලෝ දෙන්න එක්ක යන්න කියලා.. මුත් පැනපු ගමන් හා කියලා ඔය ගියේ.."

"ඔයා වගේම නැතැයි ඔයාගේ යාලුවත්" යැයි සිනාසෙමින් කියමින් අංජු ගේ ඇතුලට ගියා. ඇයත් සමඟින් සිනාසෙමින්ම ෂමෙල් ගෙට ගොඩවුනා...

Thursday, January 27, 2011

05 කොටස


"චුටි බේබි නැගිටින්න."
"අන්න දුලන මහත්තයත ඇවිත්"
"චුටි බේබි .................."
"දොර අරින්න"

යැයි කියමින් තිලකා දොරට තට්ටු කරමින්ම දොර අරින්නට වුනා.

"අනේ තිලකම්මා මං දුලන අයියට එන්න කිවේ 6ට නේ"
කියමින් නිදිමතෙන් ඇය ඇදෙන් බැස්සා

"ඉතින් බේබි දැන් 5.30 යිනේ"
"මම බේබිව ඇහැරන්න එන්න හදනකොටම තමයි දුලන මහත්තයා ආවේ"

"හරි තිලකම්මා මං ලැස්ති වෙලා එන්නම්.
"දුලන අයියාට තේ එකක් දෙන්න අර තිලකම්මා හදපු පැන් කේක් එක්ක."

"අනේ අනේ බේබි මට අපේ දුලන මහත්තයට තේ දෙන්න කියන්න ඔනයැයි"

"හරි හරි තිලකම්මා , ඔයා ගිහින් තේ දෙන්නකෝ.."
"මං එන්නම්.."
කියමින් ඇය තිලකාගේ ගෙල වටේ අත්දෙක දමමින් තුරුල්වුනා

"දැන් මට කියනවා ගිහින් තේ දෙන්නලු. මගේ ඇගේ එතිලා"

"හරි හරි එහෙනම් අනේ තිලකම්මා යන්නකෝ..."
යැයි කියමින් ඇය නාන කාමරය වෙත පියමැන්නා.

***********************************************************************

"මොකෝ තිලකම්මේ තිලකම්මාගේ හුරතලි තාම නිදිද??"

"අනේ ඔව් දුලන බේබි මං යනකොට හොදටම නිදි..."
"මං ගිහිල්ලා ඇහැරෙව්වා."
"ඔය ලැස්තිවෙලා එන්නම් කිව්වේ"

"බේබිට තේ එකක් ගෙන්ද නැත්නම් කුල් ඩ්‍රින්ක් එකක්ද ?? "

"ඇයි තිලකාම්මා අද කන්න මොකුත් නැද්ද බොන ඒවා විතරක් දෙන්න හදන්නේ"

"ආ ! නැ නැ කන්න ඒවා තියනවා"
"ඉන්නකෝ මං ගේන්න.."
යැයි කියු තිලකා කුස්සියට ගොස් තසිමක තැබු පැන් කේක් ගෙන ආවා.

"ෂා නියමයිනේ තිලකාම්මේ.. අද මං එන හින්දමද හැදුවේ"
යැයි අසමින් දුලන කන්නට වුනා

"අපේ චුටි බේබිත් ආසයිනේ මේවා කන්න ඒ හින්දා මං හැදුවා"

"අපේ අම්මනම් ඉතින් හැමදාම හදන්නේ කේක් කේක් කේක්.... එතනින් එහා අපේ අම්මා මොකුත් දන්නේ නැ"
"ෂමෙල්ලටනම් තිලකම්මා ඉන්න හින්දා හොදයි..."

තිලකා සිනාසි,

"ඉන්නකෝ බේබි මං තේ එකත් හදාගෙන එන්න. එතකන් බේබි කන්නකෝ"
යැයි කියමින් තිලකා කුස්සියට ඇදුනා.

තේ එක රැගෙන ආ තිලකා,

"තව කන්න බේබි , ඔනනම් තව තියනවා"

"අයියෝ මට කන්න කියලා කියන්න ඔන නැ නේ .. මං කනවා දැන් මේ දිසියම..."

"හා ! හා ! දුලන අයියා අපේ දිසිය කන්න එපා.. " යැයි කියමින් සස්මි පහළට ආවා.

"අනේ යනවා හලෝ යන්න.. මං කන්නේ දිසිය නෙවි. ඒකේ තියන පැන් කේක්"

"ආහ් ඇත්තද?? මං හිතුවා මේ අපේ දිසිය කියලා.. "
"මේ දුලනයෝ, "
"අපේ තිලකම්මගේ කැම වල රහ බල බල ඉන්නේ හොද නැද්ද දැන් කාව හරි හොයාගෙන කසාදයක් බැදගත්තොත්.."
"බලනවා දැන් අපේ ලොකු වගේ ඔයත් නාකිනේ. ."
""තව ටික කලක් ගියොත් ඔයාට ගැණු ළමයෙක් නෙවි නාකි ආච්චි කෙනෙක් තමයි හොයා ගන්න වෙන්නේ

"මේකනේ දෝණි වැඩේ කියන්නේ, මට හරියන කෙල්ලෙක් තාම මට මුණ ගැහුනේ නැ නේ.. හැබැයි ඉතින් මුණ ගැහුනොත් ඔන්න මං කියන්නේ මුලින්ම ඔයාට තමයි...."
"මේ දෝණි බැයිද මාව බදින්න.. ඔච්චර දුක නම් මං ගැන.. "

"අනේ මේ හලෝ, ඔය තේ එක බිලා ඉවරනම් යමුද ??? "
"මයුරිවත් එක්කන් එන්න මොරටුවට යන්න ඔන... , යැයි ඇය ලැජ්ජාවෙන් පවසමින් නැගිට්ටා

එය දුටු තිලකාටත් යන්තමට සිනාවක් නැගුනා..

"ඉන්නවකො ඉතින් මේක බොනකන්.. "
"ඒක නෙවි  තිලකම්මා දෝණි අද මාර හැඩයිනේ නේද ?? "

"ඒක තමයි බේබි මාත් මේ කියන්න හැදුවේ.. "

සස්මිට එය ඇසුන ගමන්ම ,
"මේ මගේ කැත ලස්සන බල බල ඉන්නේ නැතුව යමුකෝ දැන්වත්... " යැයි ඇය හුරතලයට මෙන් පැවසුවා..

"හරි හරි ලොකු අම්මේ යමු යමු.. "
යැයි කියමින් දුලන තේ කෝප්පය මේසය මත තබමින් නැගිට්ටා.

"බේබිලා රැ වෙන්නේ නැ නේද ??? "

" නැ නැ තිලකම්මා මං රෑවෙන්න කලින් මෙයාව ගෙනත් බස්සනවා.. ෂමෙලුත් මට කිව්වා ඉක්මණට ගෙනත් බස්න්න කියලා "

" එහෙනම් ඔන්න තිලකම්මා අපි ගියා. යැයි කියමින් ඔවුන් කාරයට නැගුනා..

 ඔවුන් දෙදෙනා පිටව ගිය පසු තිලකා ගේට්ටුව වසා දැමුවා.......

Saturday, January 22, 2011

04 කොටස


සස්මි කාරයෙන් බසින්න හදන විටම තිලකා දුව විත් කාරයේ දොර ඇරියා.

"තිලකම්මා අද හරි මහන්සියි"
"හදලා දෙන්නකෝ මට හොඳ ටි එකක්"

"යන් කෝ බේබි ගෙට අන්න මං අද හැදුවා පැන් කේක් වගයක් බේබි ආස හින්දා"

"ෂා නියමයිනේ තිලකම්මා"
"යන් යන්" කියමින් ඇය තිලකාත් සමඟ ගෙට ඇතුල් වුනා

"මොකද බේබි අද වේලාසනින්"

"ආ, තිලකම්මේ මං යනවා ෆැෂන් ෂෝ එකක් බලන්න 6ට විතර"

"එතකොට බේබි තනියමද යන්නේ"

"අනේ නැ මං යන්නේ මයුරියි දුලන අයියයි එක්ක"

"ආහ්, දුලන මහත්තයා යනවනම් කමක් නැ"

"ඒ මොකෝ තිලකම්මා ඒ??? "

"නැ ඉතින් බේබි,  ගැණු ළමයි දෙනෙක් තනියම යනවට වඩා හොඳ නැද්ද දුලන මහත්තයත් එක්ක යන එක"

"අපෝ තිලකම්මා,  මං දුලන අයියත් එක්ක ගියාම මට එයාවයි පරිස්සම් කරන්න වෙන්නේ"

තිලකා පුදුමයෙන් මෙන්,
"ඒ මොකද චුටි බේබි ඒ????"

"ඇයි  ඉතින් මගේ යාලුවෝ ඔක්කොම වහ වැටිලනේ ඉන්නේ ඒකයි. ඒ එක්කෙන්ක් එක්වත් මේකා යාළු වෙන්නෙත් නැ.. අන්තිම මට මෙයාව පරිස්සම් කරන්න වෙනවා. උන්ගෙන් බේරගන්න."

තිලකා හා ස්සමි දෙදෙනාටම එකවර සිනහ නැගුනා

"තිලකම්මා,
"ඔ‍ෆිස් එකේ වැඩත් ඉක්මණට ඉවර කරලා මං ඉක්මණට ආවේ මගේ ඔළුවත් කැක්කුමයි  ඒ හින්දා චුට්ටක් විතර ඇඳට යන්න කියලා"

"හරි බේබි එහෙනම්"
"මුණ කට සෝදගෙන එන්නකෝ"

"මං ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් එහෙනම්"
කියමින් සස්මි උඩු මහලට පිය මැන්නා.

ඇය නාගෙන පහළට එද්දි

"අනේ අනේ චුටි බේබි දැන් ඔලුව කැක්කුමයි කිව්වා නේද??
එහෙනම් ඇයි නැවේ ???"

"අනේ මට නොනා ඉන්න බැ කියලා තිලකම්මා දන්නවනේ.. "
යැයි කියමින් ඇය වාඩි වුනා.

පැන් කේක් එකක් අතට ගත්ත ඇය එය කන ගමන්ම
"ෂා නියමයිනේ තිලකම්මා.. මට තව 4ක් 5ක්වත් කන්න හිතෙනවා"

"ඉතින් කන්න බේබි ඔක්කොම ටික හරි. මං බේබි කැමති හින්දමනේ හැදුවේ"

පැන්කේක් දෙකක් පමණ කැ ඇය

"අම්මෝ මටනම් දැන් ඇති"

"ආ ඒකනේ නෙවි තිලකම්මා තව පැන් කේක් තියනවාද"

"ඔව් බේබි, ඒත් කාටද???"

"නැ තිලකම්මා දුලන අයියා එනවා කිව්වා එයාට"

"ආහ් , ඔය තියෙන්නේ
ඔන තරම්. දුලන මහත්තයට"
යැයි තිලකා අමුතු විදියට සිනාසෙමින් පැවසුවා

යන්නට සැරසි සස්මි ,
"තිලකම්මා මං යනවා ටිකක් ඇල වෙන්න"
"මට 5.30 ට විතර ඇහැරන්න"

"හොදයි බේබි මං ඇහැරන්නම්කෝ"
කියමින්ම ඇය කුස්සියට ඇදුනා

සස්මි ගිතයක කොටසක් මුමුණමින් උඩුමහලට පියමැන්නා


"මටත් හොරෙන් මගේ සිතින් ...........

බිදින් බිද ආදරය සොරාගෙන.......... 

මගේ සිතම ඔබ රැගෙන ගිහින්.......... 

බලාගත් වනම බලාසිටින්නෙමි .........

සිතාගන්න බෑ කලයුතුදේ.......... 

රාගන්න බෑ මේ රුදු පාලුව.......... 

කෙසෙද මා තව ඉවසන්නෙ.........."


Wednesday, January 19, 2011

03 කොටස



උඩ තට්ටුවට යන ඇය දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා

"හලෝ,"
"ඔව් කියන්න මිස්ටර් තිසේරා"

"දුව අද මැනෙජ්මන්ට් ට්‍රේනින් ෆයිනල් ඉන්ටර්විව් එකනේ.."
"ඉතින් දුව, "
"මගේ නංගිගේ දුවවත් සිලෙක්ට් වෙලා තියනවා. "
"ඒත් ඉතින් දුවනේ ෆයිනල් ඩිෂිසන් එක දෙන්නේ.. "
"ඒකයි මම මේ කොල් කළේ "

"මේ අහන්න මිස්ටර් තිසේරා, මිස්ටර් තිසේරා දන්නවනේ කොලිෆිකේෂන් තියනවනම් ඒ කෙනා කවුරුවුනත් මම අයින් කරන්නේ නැ කියලා. "
"ඒ හින්දා ඒ ගැන කථා කරන්න ඔන නැ. "

"කවුද මිස්ටර් තිසේරාගේ දුව ??"

"දුව , එයාගේ නම තිලෝකා තෙවරප්පෙරුම "

"ආහ් මම දැක්කා තමයි"
"ඒත් එයාට සුදුසුකම් අඩුයිනේ "
"එහෙම කෙනෙක් මම කොහොමද තොරගන්නේ"
"අනික මට මෙහෙම කියන්න බැ"
"මම කට්ටියව සිලෙක්ට් කළාම දැනගන්න පුළුවන් මිස්ටර් තිසේරාට"
"මට දැන් පරක්කු වෙනවා . ඒ හින්දා මම ෆයිනල් ඩිෂිෂන් එක දෙනකන්න ඉන්න".

***************************************************************************


දහවල් 2.30 වනවිට ඇය සියල්ල නිමවි ආවා.

"තාරකා මං තෝරගත්ත අය මේ ලිස්ට් එකේ තියනවා. රතු පාටින් ලකුණු කරලා
අර තිලෝකාට සුදුසුකම් මදි. "
"ඒ හින්දා මම එයාව සිලෙක්ට් කළා අපේ එකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකට."
"ඔයා තෝර ගත්ත හැමෝටම කෝල් කරලා කියන්න"

"හොදයි මැඩම් මම ඒ ටික කරන්නම්"

"අනික ශ්වේතට කියන්න එයාලගේ එපොයින්ට්මන්ට් ලෙටර්ස් ටික මට අනිද්දා උදේ වෙනකොට මගේ ටේබල් එක උඩ තියන්න කියලා"

"හරි මැඩම්"
"ඇයි මැඩම් දැන් කොහේවත් යනවද?"

"ඔව් තාරකා මං දැන් යනවා"
"මොනවා හරි උවමනාවක්නම් මට කථා කරන්න"

"මැඩම් දුලන සර් කථා කළා"
"මැඩම්ගේ ෆොන් එක ඔෆ් නිසා ඔෆිස් එකට ගත්තා කිව්වා"

"හරි තාරකා‍ මම බලන්නම්"

කියු ඇය කාරයාලයෙන් නික්මුනා

ඇය පහළට යනවිටම සිරිමෙවන් කාරය පෝටිකොවේ නවතා තිබුණා.ඇය එයට ගොඩ වෙමින්,

 "අන්කල් අද හවසට මාත් එක්ක රවුමක් යන්නත් තියනවා" යැයි සිරිමෙවන්ට පැවසුවා

"හරි බේබි ‍"

"යමු අන්කල් මට පරක්කුත් වෙනවා" දැන් කියු ඇය දුරකථන ඇමතුමක් ගනු ලැබුවා

"හෙලෝ දුලන අයියා"
"හදිසියක්ද කොල් කරලා තිබුණේ"

"අනේ නැ දෝණි"
"මං ෂමෙල්ව හම්බ වෙන්න ගියාම ඌ කිව්වා දෝණි අද මවුන්ට් එකේ තියන ෆැෂන් ෂෝ එක බලන්න යනවා කියලා ඒකයි. මාත් යනවා අද ඒ පැත්තේ"
"මාත් එක්ක යන්නයි එන්නයි පුළුවන්"
"ෂමෙල් කිව්වා දෝණිවත් එක්ක යන්න කියලා "

"හරි අයියා, හැබැයි මාත් එක්ක මයුරිත් යනවා.  මං හැදුවේ සිරිමෙවන් අන්කල් එක්ක යන්න"

"නැ දෝණි මං එන්නම් ඔයාව එක්කන් යන්න"
"ඔයා ලැස්ති වෙලා ඉන්න 6 වෙනකොට මං එන්නම්"

"හරි අයියා. ඔන්න එන්න ඔන හොඳ්.."

"හරි කෙල්ලේ හරි. මොකෝ මං වෙනදත් නැවිත් ඉදලා තියනවද??? "

"අනේ නැ අයියා මං නිකමට කිව්වේ"

"එහෙනම් අයියා මං තියන්නම්,

"බුදු සරණයි දෝණි!"

"බුදුසරණයි අයියා ! "කියු ඇය දුරකථන අමතුම විසන්ධි කළා

"අන්කල් මං දුලන අයියත් එක්ක යනවා. රෑටත් එයා එක්කම එනවා"

"හරි බේබි" කියු ඔහු කාරය වත්තට දැමුවා.

Saturday, January 15, 2011

02 කොටස






'' අප්පච්චියි අම්මයි එන්නේ කවදද දෝණි ?? ''

'' අම්මි නම් කිව්වේ තව ටු වික්ස්වත් යයි කියලා.. අනික ලොකු අප්පචිට එහෙදි ටිකක් අසනිප වෙලාලු'' යැයි මන්ද ස්වරයකින් සස්මි පැවසිය.

එය ඇසි කලබල වු ෂමෙල්,

'' ඇයි දෝණි අප්පච්චිට මොන වෙලාද, මොකුත් කරදරයක් එහෙම නැ නේද ''  යැයැ විමසිය..

හයියෙන් සිනාසෙන්නට වුන සස්මි දෙස පුදුමයෙන් ෂමෙල් බැලිය..

" මොකද බං දෝණි උඹට වුනේ, දැන් අප්පච්චි අසනිපයි කියලා නහෙන් අඩ අඩ කිව්වා. දැන් හිනාවෙනවා. පිස්සු හැදිලද"

"අනේ නැ ලොකු අපේ අප්පච්චි චුට්ටක් විතර වැඩියෙන් ඩ්‍රින්ක්ස් අරගෙන පපුවේ පොඩි අමාරුවක් හැදිලා ඒකයි , ඊයේ ඩිස්චාජ් වෙලා ගිහින්. අම්මි බනිනවා පලු යන්න" යැයි කියන විටම ෂමෙල්ද මහ හයියෙන් සිනාසෙන්ට වුනා..

ඒත් සමඟම සස්මිගේ දුරකථනය නාද වුනා...

"හායි මයු, "
"ගුඩ් මොර්නින්"
"හරි හරි මං එනවා 6 වෙන කොට"
"ලැස්තිවෙලා ඉන්න "

කියා දුරකථනය තබද්දිම

" කොහේද චුටි මහ රෑ යන්න ලැස්ති වෙන්නේ"

" අනේ ලොකු මම ඊයේ අංජු අක්කිට කිව්වා ඔයාට කියන්න කියලා අද අර මවුන්ට් එකේ තියනවනේ ෆැෂන් ෂෝ එකක්. ඒකට යනවා කියලා. මම අම්මිටත් කිව්වා එයා කිව්වා සිරිමෙවන් අන්කල් එක්ක යන්න කියලා. ඇයි අංජු අක්කි කිව්වේ නැද්ද?? " යැයි සස්මි මුණ බෙරි කරගෙන ඇසුවා

" ආහ් ඒකටද මේ ඩබල යන්න ලැස්ති වෙන්නේ. මම හිතුවා ඒක තියෙන්නේ හවස කියලා. හරි හරි ගිහින් එන්නකෝ " යැයි පවසා ෂමෙල් සස්මි ගේ කන මිරිකුවා

"මගේ හොද ලොකු අයියා" යැයි සස්මි හුරතල් ලෙස පැවසිය

"ඔව් ලොකු අයියා කොහොමත් හොදයි තමයි" යැයි සිනාසෙමින් ෂමෙල්ද පවසන්නට වුනා.

"ආ ඒක නෙවි ලොකු අර අපේ නුවරඑළියේ ටි ෆැක්ට්‍රි එකේ නඩුව තියනවා කියලා ඊයේ දුලන අයියා කිව්වා"

"මොන නඩුවද චුටි"

"අර ලොකු මිට අවුරුදු 23කට කලින් ගිනි ගත්තා කියල කියන්නේ"

"ආහ් හරි හරි මට මතකයි. එහෙනම් ඔයා කියන්න දුලනට මාව හම්බවෙන්න කියලා ඇවිල්ලා".

"මම කියන්න ඔන නැ ලොකු අද දුලන අයියා එනවා කිව්වා ඔෆිස් එකට ඒ ගැන කථා කරන්න"

ඒත් සමඟම ෂමෙල් කාරය හොටලයේ ගේට්ටුව අසල නැවැත්තුවා. නවතා හොන් ගසන්නටත් පළමුව ගේට්ටුව අරිනු ලැබුවා

"නැ අයියා ඇතුලට දාන්න ඔන නැ කාර් එක අයියා යන්න මම බහින්නම්. " කියු සස්මි බැගයත් රැගෙන බහින්නට ලැස්ති වුනා

"බුදු සරණයි චුටි, පරිස්සමින්" කියු ෂමෙල් ඇයගේ හිස අත ගැවා

"අයියාටත් බුදු සරණයි" කියු ඇය ෂමෙල්ගේ කම්මුල සිප ගත්තා

"අයියා ඔයා හවසට එන්න එපා මම ටිකක් කලින් යනවා. මම සිරිමෙවන් අන්කල්ට එන්න කියන්නම්" කියු සස්මි කාරයෙන් බැස්සා.

"දුලන ආවොත් අපේ ඔෆිස් එකට එන්න කියන්න චුටි මතක ඇතුව"

"හරි අයියා. මං යනවා"

"ආ මේ වැඩිය රැ වෙන්නේ නැතිව ගෙදර යන්න හොදේ දොණි "

"හරි මගේ ලොකු අප්පච්චියේ හරි " කියු සස්මි ෂමෙල්ට දිව දික්කළා

" එහෙනම් මං ගියා " කියු ෂමෙල් කාරය හරවන්නට වුනා.

"ගුඩ් මොර්නින් මැඩම්"

"ගුඩ් මොර්නින් සරත් කියාගෙනම ඇය ඇතුලට ගියා"

ඇය තම කාර්යාල කාමරයට යනවිට

"ගුඩ් මොර්නින් මැඩ්ම්" යැයි කියාගෙන තාරකා කාමරයට ඇතුල් වුනා.

"ගුඩ් මොර්නින් තාරකා. ගේන්න මට අද මැනේජ්මන්ට් ‍ට්‍රේනිස්ලගේ නම් ලිස්ට් එක. අද ඉන්ටර්විව් තියනවා නේද ?"

"ඔව් මැඩම්"

"කෝ දෙන්න බලන්න" කියු ඇය ෆයිල් එක අතට ගෙන එකින් එක බැලුවා.

"මොකද්ද තාරකා කවුද මේ තිලෝකා තෙවරප්පෙරුමව දැම්මේ ෆයිනල් ඉන්ටර්විව් එකට. කිසිම කොලිෆකේෂන් එකක් නැතුව."

"ඔය මිස්ටර් තිසේරා තමයි මැඩම් සිලෙක්ට් කරලා තියෙන්නේ" යැයි තාරකා පැවසිය

"හරි මම යනවා උඩට . සංජුට කියන්න එක්කෙනා එක්කෙනා එවන්න කියලා... " යැයි පවසමින් ඇය උඩුමහලට යාමට සැරසුණා.

ඒත් සමඟම ඇගේ ජංගම දුරකථනය නාද වෙන්නට වුනා.....

Wednesday, January 12, 2011

01 කොටස


"තිලකම්මේ............ තිලකම්මේ......... ඉක්මණට එන්නකෝ "යැයි සස්මි හයියෙන් මොර දෙන්නට විය.

තම සායට උඩින් ඇඳ සිටි චිත්තයෙන් අත පිසිමින් දුවගෙන ආ තිලකා  "මොකද බේබි කැ ගහන්නේ මම කියුවා නේද ඔය පැලවලට වතුර මම දාන්නම් කියලා..... කෝ කෝ සර්පයා කොහේටද ගියේ" යැයි මහත් කලබලයෙන් තිලකා වට පිට බැලුවා. නමුදු ඇයට කිසිවක් දැක ගන්නට නොලැබිණ.

 "අයියෝ තිලකම්මේ මොන සර්පයෙක්ද අනික මම හැමදාම කියනවා නේද මට බේබි කියන්න එපා කියලා අපේ අම්මි කියනවා වගේ තිලකම්මත් මට චුටි දෝණි කියන්නකෝ"....

" අනේ මට බැනේ බේබි එහෙම කියන්න. බේබි අත දරුවා කාලේ ඉදන්ම මම කිව්වේ චුටි බේබි කියලනේ දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ. අනේ ඇත්ටම මොකද බේබි බෙරිහන් දුන්නේ????"

" තිලකම්මේ මේ බලන්නකෝ අර එදා අංජු අක්කි දිපු රෝස පැලේ පුංචි පොහොට්ටු 2ක්ම ඇවිල්ලා..."

" මං නම් හිතුවේ නැ බේබි ඔය ‍රෝස මෙහේ පැලවෙයි කියලා . මේ කාශ්ටකේ හැටියට..බේබිට අද ඔෆිස් යන්නත් අමතකවෙලාද මේ රෝස පොහොට්ටු දැකලා  යන්න ගිහින් ලැස්ති වෙන්න බේබි ලොකු බේබි එනවත් ඇති දැනටමත් ... " කියමින් තිලකා ආපසු යන්නට හැරුණා..

තිලකාගේ ඇගේ එල්ලුණ සස්මි "අනේ මට බඩගිනි තිලකම්මේ, මං ටක් ගාලා ලැස්තිවෙලා එන්නම් මට බත් ටිකක් කවනවද "  යැයි අසමින් දුවෙක් තම මවත් සමඟ හුරතල් වන ලෙසින් තිලකාගෙන් ඇසුවා...

"හරි චුටි බේබි ලැස්ති වෙලා එන්නකෝ මම කවන්නම්"  කියු තිලකා කුස්සියට ඇදුනා..
සස්මි තම කාමරයට ගොස් ලැස්ති වි පහළට එනවිට කාරයක නලා හඩක් ඇසුනා. ඒ හඩ ඇසුන ඇය ඉක්මණින් පහළට දිව ආවා. ඇය එනවිට පහළ තිලකා බත් අනනමින් උන්නා. චුටි බේබි ලොකු බේබි ආවට කමක් නැ නොකා යන්න එපා කියමින් සස්මිට බත් කවන්නට වුනා.

"අනේ අනේ තිලකම්මා තමයි මෙයාව නරක් කරන්නේ.. මෙයා දැන් පොඩි නැ ලොකුයි ඒ හින්දා තනියම කන්න පුරුදු කරන්න"  කියමින් සස්මි හා තිලකා සිටි දෙසට එමින් ෂාමෙල් පැවසුවා.

"අනේ මේ ලොකු ඔයාටත් උදේට අංජු අක්කි නේ කවන්නේ" කියමින් ඇසක් ගැසු සස්මි දිව දික්කළා..

"පිස්සුද චුටි ඔයාට කවුද ඔය බොරු කියන්නේ මට මොකටද කවුරුත් කවන්නේ ??? හැබැයි අංජු අපේ දඟමලු දෙකටනම් කවනවා මට කෙසේ වෙතත්"  යැයි කියු ෂමෙල් " අනේ තිලකම්මා මටත් කවන්නකෝ බත් කටක් "  කීය.

" ආහ් ! දැන් මට කවන්න එපා කියලා මෙයා බබා වෙන්න යනවා " යැයි නෝක්කාඩු ස්වරුපයකින් සස්මි පැවසිය.

" අනේ මට බේබි තාමත් පොඩි ළමයි ඉස්සර වගේම "  කියු තිලකා ෂමෙල්ටද බත් කටක් අනා කැවිය.

"අනේ මටනම් ඇති තිලකම්මා, මේ අලිබබාට කවන්න එතකන් මම හැන්ඩ් බැග් අරගෙන එන්නම් " කියු ඇය උඩුමහලට ගොස් තම අත්බැගයත් රැගෙන පැමිණෙන විට ෂමෙල් හා තිලකා කාරය ළඟට ගොස්ය.

" එහෙනම් තිලකම්මේ අපි යනවා"  කියු ෂමෙල් "නඟිනවකෝ දෝණි ඉක්මණට පරක්කුයි" කියමින් ෂමල් කාරයට නැගිණ.

" එහෙනම් තිලකම්මා අපි යනවා" කියු සස්මිත් කාරයට නැඟ දොර වසා ගත්තේය..

" බේබිලා දෙන්නටත් බුදු සරණයි! " යැයි ඇය සෙමින් මිමිණිය...