Wednesday, January 19, 2011

03 කොටස



උඩ තට්ටුවට යන ඇය දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා

"හලෝ,"
"ඔව් කියන්න මිස්ටර් තිසේරා"

"දුව අද මැනෙජ්මන්ට් ට්‍රේනින් ෆයිනල් ඉන්ටර්විව් එකනේ.."
"ඉතින් දුව, "
"මගේ නංගිගේ දුවවත් සිලෙක්ට් වෙලා තියනවා. "
"ඒත් ඉතින් දුවනේ ෆයිනල් ඩිෂිසන් එක දෙන්නේ.. "
"ඒකයි මම මේ කොල් කළේ "

"මේ අහන්න මිස්ටර් තිසේරා, මිස්ටර් තිසේරා දන්නවනේ කොලිෆිකේෂන් තියනවනම් ඒ කෙනා කවුරුවුනත් මම අයින් කරන්නේ නැ කියලා. "
"ඒ හින්දා ඒ ගැන කථා කරන්න ඔන නැ. "

"කවුද මිස්ටර් තිසේරාගේ දුව ??"

"දුව , එයාගේ නම තිලෝකා තෙවරප්පෙරුම "

"ආහ් මම දැක්කා තමයි"
"ඒත් එයාට සුදුසුකම් අඩුයිනේ "
"එහෙම කෙනෙක් මම කොහොමද තොරගන්නේ"
"අනික මට මෙහෙම කියන්න බැ"
"මම කට්ටියව සිලෙක්ට් කළාම දැනගන්න පුළුවන් මිස්ටර් තිසේරාට"
"මට දැන් පරක්කු වෙනවා . ඒ හින්දා මම ෆයිනල් ඩිෂිෂන් එක දෙනකන්න ඉන්න".

***************************************************************************


දහවල් 2.30 වනවිට ඇය සියල්ල නිමවි ආවා.

"තාරකා මං තෝරගත්ත අය මේ ලිස්ට් එකේ තියනවා. රතු පාටින් ලකුණු කරලා
අර තිලෝකාට සුදුසුකම් මදි. "
"ඒ හින්දා මම එයාව සිලෙක්ට් කළා අපේ එකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකට."
"ඔයා තෝර ගත්ත හැමෝටම කෝල් කරලා කියන්න"

"හොදයි මැඩම් මම ඒ ටික කරන්නම්"

"අනික ශ්වේතට කියන්න එයාලගේ එපොයින්ට්මන්ට් ලෙටර්ස් ටික මට අනිද්දා උදේ වෙනකොට මගේ ටේබල් එක උඩ තියන්න කියලා"

"හරි මැඩම්"
"ඇයි මැඩම් දැන් කොහේවත් යනවද?"

"ඔව් තාරකා මං දැන් යනවා"
"මොනවා හරි උවමනාවක්නම් මට කථා කරන්න"

"මැඩම් දුලන සර් කථා කළා"
"මැඩම්ගේ ෆොන් එක ඔෆ් නිසා ඔෆිස් එකට ගත්තා කිව්වා"

"හරි තාරකා‍ මම බලන්නම්"

කියු ඇය කාරයාලයෙන් නික්මුනා

ඇය පහළට යනවිටම සිරිමෙවන් කාරය පෝටිකොවේ නවතා තිබුණා.ඇය එයට ගොඩ වෙමින්,

 "අන්කල් අද හවසට මාත් එක්ක රවුමක් යන්නත් තියනවා" යැයි සිරිමෙවන්ට පැවසුවා

"හරි බේබි ‍"

"යමු අන්කල් මට පරක්කුත් වෙනවා" දැන් කියු ඇය දුරකථන ඇමතුමක් ගනු ලැබුවා

"හෙලෝ දුලන අයියා"
"හදිසියක්ද කොල් කරලා තිබුණේ"

"අනේ නැ දෝණි"
"මං ෂමෙල්ව හම්බ වෙන්න ගියාම ඌ කිව්වා දෝණි අද මවුන්ට් එකේ තියන ෆැෂන් ෂෝ එක බලන්න යනවා කියලා ඒකයි. මාත් යනවා අද ඒ පැත්තේ"
"මාත් එක්ක යන්නයි එන්නයි පුළුවන්"
"ෂමෙල් කිව්වා දෝණිවත් එක්ක යන්න කියලා "

"හරි අයියා, හැබැයි මාත් එක්ක මයුරිත් යනවා.  මං හැදුවේ සිරිමෙවන් අන්කල් එක්ක යන්න"

"නැ දෝණි මං එන්නම් ඔයාව එක්කන් යන්න"
"ඔයා ලැස්ති වෙලා ඉන්න 6 වෙනකොට මං එන්නම්"

"හරි අයියා. ඔන්න එන්න ඔන හොඳ්.."

"හරි කෙල්ලේ හරි. මොකෝ මං වෙනදත් නැවිත් ඉදලා තියනවද??? "

"අනේ නැ අයියා මං නිකමට කිව්වේ"

"එහෙනම් අයියා මං තියන්නම්,

"බුදු සරණයි දෝණි!"

"බුදුසරණයි අයියා ! "කියු ඇය දුරකථන අමතුම විසන්ධි කළා

"අන්කල් මං දුලන අයියත් එක්ක යනවා. රෑටත් එයා එක්කම එනවා"

"හරි බේබි" කියු ඔහු කාරය වත්තට දැමුවා.

No comments:

Post a Comment