Thursday, February 3, 2011

07 කොටස



කාරය තුළ පැවතියේ දැඩි නිහැඩියාවකි.

"දාන්නකෝ අයියා සිඩි එකක්වත් සින්දුවක් අහන්න. වෙනදනම් ඔයා කියනවනේ.. අද මොකෝ අමතක වෙලාද සිංදු කියන්න ගායකයට " යැයි සිනාසෙමින් සස්මි ඇසිය.

සස්මි ලෙස මදක් මන්ද ස්වර‍යකින් බැලු දුලන,

"නැ චුටි, මට දැන් සින්දු කියනවට වඩා රසවිදින් හිතන්න දේවල් තියනවනේ යැයි කියමින් කාරයේ වේගය වැඩි කළේය.."

"දුලන අයියා................... මොකෝ මේ මෙච්චර හයියෙන් යන්නේ අපිට තව වෙලා තියනවා"

"වේලානන් තියනවා තමයි දෝණි, ඒත් අපි යනකොට ඔයාගේ අර සහයට ඩැනි ලැස්තිවෙලා නැත්නම් මට නෙමෙයි ඔයාලටයි පරක්කු වෙන්නේ.."

"මොකද අයියා ඔයා එයාට හැමතිස්සේම සහයට ඩැනි කියන්නේ " යැයි සස්මි මුණ නොරොක් කරගෙන ඇසිය.

"ඇයි චුටි, ඕක අහන්නත් දෙයක්ද ඔය දෙන්නා නර්සරි යන කාලේ ඉදන් අද වෙනකනුත් ඔයායි එයයි ඉදිකට්ටයි නුලයි  වගේනේ.........."

" මේ හලෝ එහෙම කියන්න එපා. දැන් ඔයයි අපේ ලොකුයිත් එහෙමනේ........".
"ඉතින් මායි මයුරිත් එහෙම තමයි.."
"ඔයා දන්නවද අයියා, මයුරිට එයාලගේ ගෙදරින් ප්‍රෝපොසල් එකක් ගෙනත්.."
"ඒ කවුද කියලා ඔයා ඇහුවොත් පුදුම වෙයි...."

"ඒ මොකටද චුටි මං පුදුම වෙන්නේ මයුරිට  ප්‍රෝපොසල් එක ගෙනාපු කෙනා අහල... "

"ඔයා දන්නවද ඒ කවුද කියලා " යැයි සස්මි සිනාසෙමින් ඇසිය

"ඉතින් හලෝ,  කියන්නේ නැතුව මං දන්නේ කොහොමද?? කියනවකෝ...... "යැයි දුලන වේගයෙන් පැවසිය..

"එයා තමයි අපේ රෙජි අන්කල්ගේ පුතා විහඟ අයියා............".

"මොකක් මේ අපේ විහඟයා ???? " යැයි දුලන පුදුමයෙන් ඇසිය.
"ඔව් ඔව් එයා තමයි.... ඔයාගේ ආදරණිය මස්සිනා පොඩ්ඩ " යැයි කියා කියමින් ඇය සිනාසුනා

අනේ අම්මපා මු වගේ එකෙක් මට නිකමටවත් කිව්වේ නැ ඊයේ මං එහෙ ගිහිලලත්.  මං ඌව අල්ලගන්නම්කෝ.. යැයි දුලන පවසමින් කාරය සිරිමති මාවතට හරවන ලදි.

දෙදෙනා කථාකරමින් සිටින අතරතුර දුලන කාරය මයුරිලගේ ගේට්ටුව අසල නවතන විටම,
" අයියා යමු අයියත් ඇතුළට " යැයි කියමින් සස්මි කාරයෙන් බිමට බැස්සා.

දුලනත් සස්මි සමඟින් ගේ ඇතුලට අදුනා.

ඔවුන් ගෙට යනවිටම මයුරි,

"එන්න එන්න, ජොඩුවම ගේ ඇතුලට"

"අම්මෝ දුලන අයියා දැකපු කල්...  එන්න ඇවිත් වාඩි වෙන්න"  කියමින් මයුරි සස්මිව සිප ගනිමින් පැවසුවා.

"උඹට පිස්සුද බං මෙතන කොහේද ජොඩුවක්??? "
"අපිට ඉතින් ජොඩුවක් ඉක්මණටම බලන්න පුළුවන් වෙයි නේද අයියා.."

"ඔව් ඔව් චුටි , අපේ විහඟයටත් දැන් තනිකඩ ජිවිතේ එපා වෙලාලු ඒ හින්දා ඌ ඉක්මණට අර යාළු වෙලා ඉන්න කෙල්ලව ගෙදර එක්කන් එනවා කිව්වේ.."  යැයි කියමින් දුලන මයුරිට නොපෙනෙන්නට ඇහැක් ගැසිය.

එය ඇසුන මයුරි සස්මි දෙස බැලිය.

"අනේ පව් අයියා කෙල්ලව බය නොකර ඉන්න. .... " යැයි දුලනට පැවසු සස්මි,

"උඹ දන්නවද විහඟ කියන්නේ අපේ දුලන අයියගේ නැන්දගේ පුතා.. ඒ කියන්නේ මේ ඉන්නේ අනාගත මස්සිනා .. මේ මේ විකාර කිය කිය ඉන්න නෙවි උඹ තාමත් ලැස්ති නැද්ද ????   " යැයි අසන විටම,

"අනේ සස්මියෝ මං ඔයාට කොල් කරන්න හදනකොටමයි ඔයාලා ආවේ මට අද යන්න එන්න වෙන්නේ නැ. .. අපේ ගල්ගේ සාංචි පුංචිගේ මහත්තයා නැති වෙලා. දැනුයි කිව්වේ .අපිට දැන් එහේ යන්න වෙනවා...... "

"කමක් නැ , මයු අවුලක් නැ උඹ පලයන් එහේ.. මට තනියම යන්නත් බැ උඹ නැතුව ඒ හින්දා අපි ආයි ගෙදර යනවා."

"අනික අනිද්දට මං ලොකුටත් කියලා එයාවත් එක්කන් ගාලු එන්නම්... "

"ඒක නෙවි චුටි , දැන් මාත් යන්න ඔනද අපේ මේ මයුරි නෑනලගේ මළගෙදර??? "

"එහෙම නැතුව බැ නේ මයු??? "

" ඔව්,  ඔව්, මස්සිනාල දැන් ඉතින් අපේ දේවල් වලටත් බැහැලා වැඩ කරන්න ඔන "  කියා කියමින් "මයුරි සිනා සුනා.

"එහෙනම් අපි යන්නම් අපි අනිද්දා දිහාවේ ගාල්ලේ එන්නම්කෝ"  කියමින් සස්මි පුටුවෙන් නැගිට්ටා.

"එහෙනම් නැනෝ මාත් යනවා......... " කියමින් දුලනද එළියට ඇදුනා

"හරි මස්සිනේ, මේ මෙයාව පරිස්සමින් එක්කන් යන්න හොදේ " යැයි මයුරි අමුතු තාලයකට පැවසුවා

"මයුරි නංගි,  ඔයා කිව්වත් නැතත් මං අපේ දෝණිව හොඳ පරිස්සමින් එක්කන් යන්නේ " යැයි කියා සස්මි දෙස ආදරෙන් බලමින් පැවසුවා.

"මේ , යමු හලෝ ඉතින් කියමින් "  සස්මි දුලනවත් ඇදගෙන කාරයට නැගුනා...

No comments:

Post a Comment