Saturday, February 12, 2011

10 කොටස



ඇයට මතකයට ආවේ දැන් ටික කාලයක සිට දුලන ඇයට ළං වන්නට උත්සහ කරන අයුරුයි.ඒත් මෙතුවක් ඔහු ඇයට කිසිවක් පවසා නොමැති වුවත් ඇගේ සිතෙහිද දුලන ගැන කුමක් හො සිතිවිල්ලක් මොදු වන බව ඇයට තේරුණා. එම නිසා  වෙන්නට ඇති චේතනා කතා කළ මොහොතේ පටන් ඇගේ සිත ව්‍යාකුල වුයේ. කුඩා කාලයේදි ඇය හා දුලන එකට සෙල්ලම් කළ අයුරු මෙන්ම , පාසල් සමයේදි ඇයට පාසලේ යෙහෙළියන් දුලන ගැන කියමින් ඇයට විහිළු කළ අයුරුත් ඇයට මතකයට නැගුනා. මේ සියල්ලම ඇගේ සිතේ කොනක තැන්පත් වි තිබුණා. 

ඇයටත් කොපමණ වේලාවක් ගල් තලාව මතට වි සිටියාද කියා ඇයට මතකයක් වුයේ නැත. ඇය එකවරම තම කර මත සිතල අතක් රැදුන බව දැණුන විගස පසු පස හැරි බැලුවා.දුලන ඇය දෙස බලා සිටිනු ඇය දුටුවා.

එසැණින්ම,

"මොකද දොණි ඔයාට වුනේ එකපාරටම ??? මම දැන් ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඔයා ඉන්නේ වෙනම ලොකේක මම ආවා දැණුනේවත් නැ. "

"අනේ එහෙම දෙයක් නැ අයියා . මම මේ මුහුද දිහා බලාගෙන හිටියා."

"මමත් දැක්කා ඔයා මුහුද දිහා බලන් හිටපු බව . ඒත් හිටියේ මේ ලොකේනම් නෙවි."

"හරි හරි අයියා ඒක වැඩක් නැ"

"මොකද මට වැඩක් නැත්තේ, මට වැඩක් තියනවා."
කියා දුලන පැවසුවේ ආදරණිය ස්වරයකිනි. ඒ කථා ශෛලිය සස්මිට නොතේරුණා නොවේ.නමුත් ඇය එය නොතේරුණා සේ ,

"ආ එහෙමද මොකක්ද දන්නේ නැ ඔයාගේ වැඩේ  . මේ ඒක වැඩක් නැ. දැන් කියන්නකෝ කවුද ඔයාගේ ඔය හිත ගැණු ළමයා ???"

"ඒ මේ දැන් මෙයා මෙච්චර වෙලා අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කලේ ඒකද?? " 

"අනේ ඔව් , මට වෙන වැඩ නැනේ ඔයාගේ හිත ගිය ගැණු ළමයා ගැන කල්පනා කරන්න. " ඇය නොක්කාඩුවෙන් පැවසුවා.

"අපෝ ඔච්චර කේන්ති ගන්න එපා. ඔය සුදු මුණ කැතවෙයි."

" ඉතින් ඔයාට මොකෝ , සුදු හරි කළු හරි මුණ මගේනේ. " ඇය ගස්සමින් පැවසමින් එතනින් නැගිට්ටා.

"දැන් ඔය කොහේ යන්නද නැගිට්ටේ ආ ???? "

" කොහේ යන්නද ගෙදර මිසක්. මාව ගෙදර ගෙනියන්න "

" අනේ දෝණි පොඩ්ඩක් ඔහොම ඉන්න මට දෙයක් කියන්න තියනවා." 

" ඉතින් කියන්න. මං අහගෙන ඉන්නේ. " ඇය තරහෙන් මෙන් පැවසුවා.

" මේකයි දෝණි කථාව, මම ගොඩක් කාලෙක ඉදන් ගැණු ළමයෙකුට ආදරේ කරනවා. ඒත් ඒ ගැණු ළමයා ඒක දන්නේ නැ. ඒත් මට තවත් මේ දේ හංගගෙන ඉන්නත් බැ." දුලන දුක් මුසුව පැවසුවා.

"ඉතින් ඔයා ඒක ඒ ගැණු ළමයට කියන්න. ඒ ගැණු ළමයා ඔයාට කැමතිනම් හා කියයි. අනේ අයියා කියන්නකෝ කවුද ඒ ගැණු ළමයා??? " යැයි ඇය ඇසුවද ඇගේ මහත් දුකකින් පිරි තිබුණා. ඇයට දැණුනේ ඇගේ ලෝකයම කඩා වැටෙන්නට යන ආකාරයයෙන්.

" හැබැයි දෝණි මං දෙයක් කියන්නම් තරහ වෙන්න නම් එපා මාත් එක්ක හොදේ."

" ඉතින් කියන්න මං මොකටද තරහා වෙන්නේ ඔයා එක්ක. ඔයා ඔයා කැමති ගැණු ළමයා ගැන කියන කොට " 

"දෝණි මේකයි.................. මං මේක මට තේරේණ කාලේ ඉදන්ම මට දැනිච්ච දෙයක්. ඒත මේ වෙනකන්ම කාටවත් කිව්වේ නැ. අද මං ඔයාට කියනවා. හැබැයි සමහර විට අදින් පස්සේ ඔයා මාත් එක්ක කථා කරන එකක්වත් නැ. "

"අ.....නේ.... අ...යි...යා... ඔයා මොනාද මේ කියන්නේ මට කිසිම දෙයක් තේරේන්නේ නැ. තේ‍රේන විදියකට කියන්නකෝ මාව බය නොකර.......... ".

" දෝණි,  ඒ ගැණු ළමයා වෙන කවුරුවත් නෙවෙයි. පුංචි කාලේ අපේ රජ මාළිගාවේ මගේ බිසව වුනේ ආන්න ඒ පුංචි කුමාරි ඔයා".

"අ...........යි...................යා ! "සස්මි තිගැස්සි දුලන දෙස බලා උන්නා

"ඔව් දෝණි මං ඒ දවස් වල ඉදලම මං ඔයාට ගොඩාක් ආදරේ කළා. ඒත් කවදාවත්ම කිව්වේ නැ. ඔයා ඉගෙන ගන්න ඔන හින්දා හොදට. ඒත් ඊටපස්සේත් මං ඔයාට කියන්න ගොඩක් උත්සහ කළා. ඒත් මට ඒ දේ කවදාවත්ම මට ඔයාට කියා ගන්න බැරි වුනා."

"කියන්න දෝණි ඔයත් මට ආදරෙයි නේද??? ඉස්සර වගේ හැමදාටම මගේ මාලිගේ පුංචි කුමාරි ඔයා වෙනව නේද?? කියන්න දෝණි........... මට තවත් මේ දේවල් හිතේ ගුලි කරගෙන ඉන්න බැ... කියන් මගේ පුංචි කුමාරි නේද හැමදාමත් ............ " යැයි කියමින් අත් දෙකෙන්ම සස්මිගේ මුහුණ  අල්ලමින් මුවට මුව ළං කරමින් ඇසුවා.

No comments:

Post a Comment