Saturday, January 22, 2011

04 කොටස


සස්මි කාරයෙන් බසින්න හදන විටම තිලකා දුව විත් කාරයේ දොර ඇරියා.

"තිලකම්මා අද හරි මහන්සියි"
"හදලා දෙන්නකෝ මට හොඳ ටි එකක්"

"යන් කෝ බේබි ගෙට අන්න මං අද හැදුවා පැන් කේක් වගයක් බේබි ආස හින්දා"

"ෂා නියමයිනේ තිලකම්මා"
"යන් යන්" කියමින් ඇය තිලකාත් සමඟ ගෙට ඇතුල් වුනා

"මොකද බේබි අද වේලාසනින්"

"ආ, තිලකම්මේ මං යනවා ෆැෂන් ෂෝ එකක් බලන්න 6ට විතර"

"එතකොට බේබි තනියමද යන්නේ"

"අනේ නැ මං යන්නේ මයුරියි දුලන අයියයි එක්ක"

"ආහ්, දුලන මහත්තයා යනවනම් කමක් නැ"

"ඒ මොකෝ තිලකම්මා ඒ??? "

"නැ ඉතින් බේබි,  ගැණු ළමයි දෙනෙක් තනියම යනවට වඩා හොඳ නැද්ද දුලන මහත්තයත් එක්ක යන එක"

"අපෝ තිලකම්මා,  මං දුලන අයියත් එක්ක ගියාම මට එයාවයි පරිස්සම් කරන්න වෙන්නේ"

තිලකා පුදුමයෙන් මෙන්,
"ඒ මොකද චුටි බේබි ඒ????"

"ඇයි  ඉතින් මගේ යාලුවෝ ඔක්කොම වහ වැටිලනේ ඉන්නේ ඒකයි. ඒ එක්කෙන්ක් එක්වත් මේකා යාළු වෙන්නෙත් නැ.. අන්තිම මට මෙයාව පරිස්සම් කරන්න වෙනවා. උන්ගෙන් බේරගන්න."

තිලකා හා ස්සමි දෙදෙනාටම එකවර සිනහ නැගුනා

"තිලකම්මා,
"ඔ‍ෆිස් එකේ වැඩත් ඉක්මණට ඉවර කරලා මං ඉක්මණට ආවේ මගේ ඔළුවත් කැක්කුමයි  ඒ හින්දා චුට්ටක් විතර ඇඳට යන්න කියලා"

"හරි බේබි එහෙනම්"
"මුණ කට සෝදගෙන එන්නකෝ"

"මං ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් එහෙනම්"
කියමින් සස්මි උඩු මහලට පිය මැන්නා.

ඇය නාගෙන පහළට එද්දි

"අනේ අනේ චුටි බේබි දැන් ඔලුව කැක්කුමයි කිව්වා නේද??
එහෙනම් ඇයි නැවේ ???"

"අනේ මට නොනා ඉන්න බැ කියලා තිලකම්මා දන්නවනේ.. "
යැයි කියමින් ඇය වාඩි වුනා.

පැන් කේක් එකක් අතට ගත්ත ඇය එය කන ගමන්ම
"ෂා නියමයිනේ තිලකම්මා.. මට තව 4ක් 5ක්වත් කන්න හිතෙනවා"

"ඉතින් කන්න බේබි ඔක්කොම ටික හරි. මං බේබි කැමති හින්දමනේ හැදුවේ"

පැන්කේක් දෙකක් පමණ කැ ඇය

"අම්මෝ මටනම් දැන් ඇති"

"ආ ඒකනේ නෙවි තිලකම්මා තව පැන් කේක් තියනවාද"

"ඔව් බේබි, ඒත් කාටද???"

"නැ තිලකම්මා දුලන අයියා එනවා කිව්වා එයාට"

"ආහ් , ඔය තියෙන්නේ
ඔන තරම්. දුලන මහත්තයට"
යැයි තිලකා අමුතු විදියට සිනාසෙමින් පැවසුවා

යන්නට සැරසි සස්මි ,
"තිලකම්මා මං යනවා ටිකක් ඇල වෙන්න"
"මට 5.30 ට විතර ඇහැරන්න"

"හොදයි බේබි මං ඇහැරන්නම්කෝ"
කියමින්ම ඇය කුස්සියට ඇදුනා

සස්මි ගිතයක කොටසක් මුමුණමින් උඩුමහලට පියමැන්නා


"මටත් හොරෙන් මගේ සිතින් ...........

බිදින් බිද ආදරය සොරාගෙන.......... 

මගේ සිතම ඔබ රැගෙන ගිහින්.......... 

බලාගත් වනම බලාසිටින්නෙමි .........

සිතාගන්න බෑ කලයුතුදේ.......... 

රාගන්න බෑ මේ රුදු පාලුව.......... 

කෙසෙද මා තව ඉවසන්නෙ.........."


No comments:

Post a Comment