Wednesday, January 12, 2011

01 කොටස


"තිලකම්මේ............ තිලකම්මේ......... ඉක්මණට එන්නකෝ "යැයි සස්මි හයියෙන් මොර දෙන්නට විය.

තම සායට උඩින් ඇඳ සිටි චිත්තයෙන් අත පිසිමින් දුවගෙන ආ තිලකා  "මොකද බේබි කැ ගහන්නේ මම කියුවා නේද ඔය පැලවලට වතුර මම දාන්නම් කියලා..... කෝ කෝ සර්පයා කොහේටද ගියේ" යැයි මහත් කලබලයෙන් තිලකා වට පිට බැලුවා. නමුදු ඇයට කිසිවක් දැක ගන්නට නොලැබිණ.

 "අයියෝ තිලකම්මේ මොන සර්පයෙක්ද අනික මම හැමදාම කියනවා නේද මට බේබි කියන්න එපා කියලා අපේ අම්මි කියනවා වගේ තිලකම්මත් මට චුටි දෝණි කියන්නකෝ"....

" අනේ මට බැනේ බේබි එහෙම කියන්න. බේබි අත දරුවා කාලේ ඉදන්ම මම කිව්වේ චුටි බේබි කියලනේ දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ. අනේ ඇත්ටම මොකද බේබි බෙරිහන් දුන්නේ????"

" තිලකම්මේ මේ බලන්නකෝ අර එදා අංජු අක්කි දිපු රෝස පැලේ පුංචි පොහොට්ටු 2ක්ම ඇවිල්ලා..."

" මං නම් හිතුවේ නැ බේබි ඔය ‍රෝස මෙහේ පැලවෙයි කියලා . මේ කාශ්ටකේ හැටියට..බේබිට අද ඔෆිස් යන්නත් අමතකවෙලාද මේ රෝස පොහොට්ටු දැකලා  යන්න ගිහින් ලැස්ති වෙන්න බේබි ලොකු බේබි එනවත් ඇති දැනටමත් ... " කියමින් තිලකා ආපසු යන්නට හැරුණා..

තිලකාගේ ඇගේ එල්ලුණ සස්මි "අනේ මට බඩගිනි තිලකම්මේ, මං ටක් ගාලා ලැස්තිවෙලා එන්නම් මට බත් ටිකක් කවනවද "  යැයි අසමින් දුවෙක් තම මවත් සමඟ හුරතල් වන ලෙසින් තිලකාගෙන් ඇසුවා...

"හරි චුටි බේබි ලැස්ති වෙලා එන්නකෝ මම කවන්නම්"  කියු තිලකා කුස්සියට ඇදුනා..
සස්මි තම කාමරයට ගොස් ලැස්ති වි පහළට එනවිට කාරයක නලා හඩක් ඇසුනා. ඒ හඩ ඇසුන ඇය ඉක්මණින් පහළට දිව ආවා. ඇය එනවිට පහළ තිලකා බත් අනනමින් උන්නා. චුටි බේබි ලොකු බේබි ආවට කමක් නැ නොකා යන්න එපා කියමින් සස්මිට බත් කවන්නට වුනා.

"අනේ අනේ තිලකම්මා තමයි මෙයාව නරක් කරන්නේ.. මෙයා දැන් පොඩි නැ ලොකුයි ඒ හින්දා තනියම කන්න පුරුදු කරන්න"  කියමින් සස්මි හා තිලකා සිටි දෙසට එමින් ෂාමෙල් පැවසුවා.

"අනේ මේ ලොකු ඔයාටත් උදේට අංජු අක්කි නේ කවන්නේ" කියමින් ඇසක් ගැසු සස්මි දිව දික්කළා..

"පිස්සුද චුටි ඔයාට කවුද ඔය බොරු කියන්නේ මට මොකටද කවුරුත් කවන්නේ ??? හැබැයි අංජු අපේ දඟමලු දෙකටනම් කවනවා මට කෙසේ වෙතත්"  යැයි කියු ෂමෙල් " අනේ තිලකම්මා මටත් කවන්නකෝ බත් කටක් "  කීය.

" ආහ් ! දැන් මට කවන්න එපා කියලා මෙයා බබා වෙන්න යනවා " යැයි නෝක්කාඩු ස්වරුපයකින් සස්මි පැවසිය.

" අනේ මට බේබි තාමත් පොඩි ළමයි ඉස්සර වගේම "  කියු තිලකා ෂමෙල්ටද බත් කටක් අනා කැවිය.

"අනේ මටනම් ඇති තිලකම්මා, මේ අලිබබාට කවන්න එතකන් මම හැන්ඩ් බැග් අරගෙන එන්නම් " කියු ඇය උඩුමහලට ගොස් තම අත්බැගයත් රැගෙන පැමිණෙන විට ෂමෙල් හා තිලකා කාරය ළඟට ගොස්ය.

" එහෙනම් තිලකම්මේ අපි යනවා"  කියු ෂමෙල් "නඟිනවකෝ දෝණි ඉක්මණට පරක්කුයි" කියමින් ෂමල් කාරයට නැගිණ.

" එහෙනම් තිලකම්මා අපි යනවා" කියු සස්මිත් කාරයට නැඟ දොර වසා ගත්තේය..

" බේබිලා දෙන්නටත් බුදු සරණයි! " යැයි ඇය සෙමින් මිමිණිය...




No comments:

Post a Comment