Thursday, February 17, 2011

11 කොටස



සස්මිගේ දෙනෙත් වලින් කදුළු කැට වැටෙන්නට විණ.

"අනේ අයියා මාව අතඅරින්න "

කියමින් ඇය දුලනගේ දෙනෙත් වලින් හා දැත් වලින් මිදෙන්නට උත්සහ දරමින් පැවසුවා.

"කියන්න මගේ රත්තරනේ ආදරෙයි නේද මට????"

"අනේ අයියා ප්ලිස් මාව අතඅරින්නකෝ " කියා කියුවත් ඇය ඔහුගෙන් මිදෙන්නට උත්සහ නොකළේය.

දුලනට ඇගේ පිළිතුර කුමක් දැයි යන්න ඔහු සස්මිට ඔහුගේ සිතේ තුළ මෙතුවක් කලක් තිස්සේ පැවති දේ කියා නිමවනවාත් සමගම තේරුම් ගන්නට හැකිවිය. නමුදු දුලනට අවශ්‍ය වුයේ එය ඇගේන්ම දැන ගැනිමටය.;

"කියන්න මගේ දෝණි ඔයා මගේමයි නේද හැමදාමත්ම??? "

"මං දන්නේ නැ අයියා මොනා කියන්නද " කියලා ඇය ඉවත බලාගෙනම හැඩුම් ස්වරයකින් පැවසිය.

මේ වනවිට දුලන ඇය තම ග්‍රහණයෙන් මුදවා තිබුණි.

" මං දන්නවා දෝණි,  ඔයා මට ආදරෙයි කියලා. ඒත් මම කැමතියි ඒ දේ ඔයාගේ වචන වලින්ම දැනගන්න. කියන්න මගේ රත්තරනේ ආදරෙයිද කියලා මට එකම එක පාරක් ".

"අ.............නේ...........   අ............යි.............යා..........."

"අනේ අයියා නේවි,  එහෙනම් මම හිතාගන්නද ඔයා මට චුට්ටක්වත් ආදරේ නැ කියලා. "

කියා දුලන කියන විටම ඇයගේ දෙනෙත් වලින් කදුළු කැට හෝ ගා වැටෙන්නට විය.

" අනේ අයියා එහෙම නැ.................මාත් අයියට ආ...ද..රෙ....යි ගො..ඩා..රි..ය....ක්................... "යැයි කියමින් ඇය විත් දුලනගේ බද වටා අත් යවමින් දුලනව තදින් බදාගෙන පපුව මත හිස තබා ගෙන හඩන්නට විය.

දුලන හිමින් සිරුවේ මදක් පහත්වි ඇගේ නළලත හෙමිහිට සිප ගත්තේය. සස්මි ලැජ්ජාවෙන් මුණ බිමට හරවා ගනිමින් දුලනගෙන් ඇත් විය.

"ඇත්තම කියන්න දෝණි ඇයි ඔයා කවදාවත්ම මට ආදරෙයි කියලා කියුවේ නැත්තේ ඇයි?? මම කියනකන්ම කියන්න හිටියේ??"

"මම එහෙම දෙයක් හිතන් උන්නේ නැ අයියා.ඒත් මම දන්නේ නැ මගේ හිතේ මොකක්දෝ දෙයක් තිබුණා. මට මගේ අයියලා දෙන්නට වඩා ලොකු වෙනසක් දැණුනා ඔයාගෙන්. ඒ මොකක්ද කියන්න මං දැනන් උන්නේ නැ. ඉස්කොලේ යන කාලේ යාළුවෝ ඔයා ගැන කියලා විහිළු කරද්දි මං ඒක කේන්තියෙන් මඟ ඇරියට මගේ හිතටත් යන්තමට වගේ දැණුනා ඒ දේ. ඒත් ඔයා මං ගැන එහෙම හිතන්නේ නැ කියලා මට සමහර තැන්වලදි දැණුනා. ඒ හින්දා මං ඔයාගෙන් දුරස් වෙලා ඉන්න හැදුවා."

"මතකද අයියා ඔයා රට යන්න හදද්දි දුන්න පාටි එකට හැමෝම ආවා. ඒත් මං ආවේ නැ නේ. මට සනිප නැ කියලා. ඒ මට ඒක දරාගන්න බැරි නිසා. අද වුනෙත් ඒ වගේ දෙයක් තමයි ඔයා චේතනා ගැන කියපු වෙලේ ඉදන්ම."

" අනේ , අනේ,  ආච්චිඅම්මා මෙච්ර දෙයක් හිතේ තියාගෙන ඉදලා. අදයි කියන්නේ මේ දේවල්".

"ඒත් අයියා..............................." කියමින් ඇය මදක් කල්පනා කරන්නට වුනා.

"ඒ පාර මොකෝ ඒත් ... මේත් ගාන්නේ??? "

" නැ අයියා, අපේ ගෙවල් වලින් මේ දේවල් වලට කැමතියි වෙයි කියලා අයියා හිතනවද???? "

"අකමැති වෙන්න හේතුවක් නැ නේ දෝණි. මොකද අපි නොදන්න අය නෙවිනේ.
අනිවාර්යයෙන්ම කැමති වෙනවා."

නමුදු සස්මි දුලනට පිටුපා මුහුද දෙස බලාගත්වනම බලාන උන්නා.

"මේ දැන් ගෙදර යන්න හදිසි කිව්වා නේද??"
"තාමත් ඒ හදිස්සිය තියනවාද?? " කියමින් දුලන ඔහුට පිටුපාගෙන මුහුද දෙස බලමින් උන් සස්මිව තුරුල් කරගත්තා.

No comments:

Post a Comment