Saturday, February 19, 2011

12 කොටස


"ඔව්... යමු යමු පරක්කු වෙන්න බැ. ලොකු කොල් කලොත් එහෙම.."

"බය වෙන්න එපා බබෝ ලොකු කොල් කරන්නේ නැ. ඔයාගේ ලොකු මට පර්මිෂන් දුන්නා. පරිස්සමින් එක්කන් එන්න කියලා."

" ආ මේ ඒකද මේ බය නැතුව ඉන්නේග මෙහෙමද මේ පරිස්සම් කරන හැටි. අනේ අතඅරින්න අයියා. කවුරු හරි දැක්කකොත් හොද නැ නේ"

"ආ !  මේ බය කවුරු හරි දකියි කියලා. අකමැත්තෙන් නෙවි එහෙනම්. " යැයි කියමින් තවත් තද කොට සස්මිව තුරුලු කරගත්තා.

දුලන දෙසට හැරුණ ඇය,
"මේ, මේ, මම හා කිව්වා විතරයි, මෙච්චර දෙයක් කරනනවද ඒ ඉක්මණට. අතරිනවා මාව." 

"මේ මම මෙච්චර කලක් බලන් ඉදලා අල්ලගත්තේ අතඅරින්න නෙවෙයි තේරුණාද??
මුලදි මෙහෙමයි තමයි. පස්සේ කොහොමද කියලා එහෙනම් දැන්ම හිතාගන්නකෝ. දන්නවනේ ඉතින් මගේ හැටි " කියමින්ම ඔහු සස්මිව ඔහුගේ මුහුණ දෙසට හරවා ගත්තා. හිමින් සිරුවේ ඔහු සස්මිගේ දෙතොල් වෙත ළං වෙන්නට උත්සහ ගනිද්දි සස්මි ඔහුගෙන් මිදි මදක් දුරට දිව ගියා.

"හු .......... ඇද්ද?? " කියමින් ඇය දුලනට දිව දික් කළා.

" හරි හරි කමක් නැ. අදට පැන ගත්තට. මං වාඩුව වෙන වෙලාවක ගන්නම්කෝ. " කියමින් දුලන හින් සිරුවේ සස්මි උන් දෙසට ළං වෙමින් පැවසුවා.

"අ.....නේ යමු අයියා."

" අපෝ මොකද මෙච්චර හදිසි. කමක් නැ කමක් නැ. යමුකෝ එහෙනම්. "කියමින් ඔහු සස්මිගේ අතින් අල්ලගෙන ඉදිරියට ඇදුනා.

" අතඅරිනවා මගේ අත."

"මොකද මෙච්චර ගණන්. වෙනදා මං මේ අත කොච්චර අල්ලනවද??"

" ඒ වෙනදනේ දැන් එහෙම බැ."

" හා හා බලමුකෝ ඔය ගණන් බහින හැටි." කියමින් දෙදෙනාම කාරයට නැගුනා.

සස්මිගේ නිවසට ළං වනතුරුත් දෙදෙනා අතර කිසිම කථාවක් සිදුවුනේ නැ. ගේට්ටුව අසල වාහනය නැවැත්තු දුලන හොර්න් එක ගැසුවා. 

"ඉන්න අයියා, මං ගේට් එක අරින්නම්. පව්නේ තිලකම්මා. ඒත් එක්කෝ ඔන නැ. මම බැහැලා යන්නම් . අයියා යන්න."

" එහෙම බැ නේ දෝණි. මං ඔයාව තිලකම්මට බාර දෙන්නම එපැයි. එයාගේ ඉස්සරහනේ මං ඔයාව අරන් ගියේ."

මේ දෙදෙනා කථාකරමින් සිටින අතරතුර තිලකා ඇවිත් ගේට්ටුව අරියා. කාරය වත්තට දැමු දුලන ඉන් බැස, 

" ඔන්න තිලකම්මේ, මං ගෙනිච්ච විදියටම තිලකම්මගේ චුටි බේබිව ගේනාවා".

සිනාසුන තිලකා, 
" බේබිලා ඉක්මණටම ඇවිත් නේ. මං හිතුවා තව රැ වෙයි කියලා."

" ඔව් තිලකම්මේ අපි ඉක්මණට ආවා. ගැණු ළමයි රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න ඔන නැති නිසා... " කියමින් දුලන සස්මි දෙස බලා ඇසක් ගැසුවා.මේ වන විටත් සස්මි ගෙට ඇතුල් වි අවසන්.

" ඔව් , බේබි ඒකනම් ඇත්ත තමයි. ඇවිල්ලා වාඩිවෙන්න බේබි. මම මොනවා හරි බොන්න ගේන්නම්"

" අනේ තිලකම්මා මට මොකුත් එපා. මට වතුර එකක් දෙනවද මාර වතුර තිබහයි."

" ඉන්න බේබි මං වතුර අරන් එන්නම්. "

තිලකා යනවිටම දුලන උන් තැනින් නැගිට සස්මි ළගට ගොස් ,

" කෝ දෙන්න මගේ ගුඩ් නයිට් කිස් එක " යැයි කියා සස්මිගේ කනට ළංවි පැවසුවා.

" අනේ යන්න අයියා. වෙනදත් ඔවා මං දුන්නේ නැ නේ. ඒ හින්දා අදත් නැ තමයි." 

" ආ එහෙමද ඒ කියන්නේ ඔයා දෙන්නේ නැ නේ ............... " යැයි කියු දුලන පාත් වි සස්මිගේ නළල සිප ගත්තා.

තිලකා එන බව දුටු සස්මිට කිසිවක් කියන්නට ඉඩක් ලැබුණේ නැ. එසැණින් ඇය හුන් තැනින් නැගිට ඉවතට ගියා.

වතුර එක බිවු දුලන,

" එහෙනම් තිලකම්මා මං යනවා. මං යනවා දෝණි " යැයි කියමින් ඔහු නික්මුණා.

දුලන ගේට්ටුවෙන් ඇතට යනතෙක්ම ඒ දෙස බලා උන් සස්මි ගෙට ඇතුල් වුනා. තිලකා සිරිමෙවන්ට අඩගසා ගේට්ටුව .

" අනේ සිරි ගේට්ටුව වහලා දානවද " කියමින් කුස්සියට ඇදුනා.

දුලන ගිය පසු, සස්මිගේ සිතට දැණුනේ හරිම පාලුවක්. ඇය ඒ සිතිවිලි වලින්ම කාමරයට ගොස් ඇදේ වැතිරුණා.

" බේබි නිදිද " කියා අසමින් තිලකා කාමරයට ආවා. ඒ වනවිටත් සස්මිට යන්තමට නින්ද යා ගෙන ආවා පමණයි.

" අනේ, අනේ, බේබි මොකද මේ කවදාවත් නැතුව මේ ඇදගෙන ආපු ඇදුම පිටින් නිදි ගිහින් ඇග සෝදගෙන එන්න. මං කිරි එකක් හදාගෙන එන්නම් " කියු තිලකා කාමරයෙන් නික්මුණා.

කොපමණ වේලාවක් නානකාමරයට වැදි උන්නාදැයි කියා මතකයක් ඇයට වුයේ නැ. තිලකා ඇවිත් කථා කළ පසුයි ඇය එයිනුත් එළියට ආවේ.

" බේබිට අද හරි මහන්සියි පාටයි. මේ කිරි එක බිලා නිදාගන්නකෝ " කියමින් ඇය සස්මිට දුන් කිරි එක ඇය නිසොල්මනේ බි විදුරුව තිලකා වෙතට දිගු කළා. 

" මොකද මේ අද බේබිගේ කට වැහිලා වෙනදානම් කොචචර කියවනවද ?? ".

" අනේ එහෙම දෙයක් නැ තිලකම්මා මගේ ඔලුව රිදෙනවා. මං අද ඉක්මණටම නිදාගන්නවා " කියමින් ඇය අසල උන් ටෙඩිබෙයාර් තුරුල් කරගනිමින් ඇදේ දිග ඇදුනා.

" බුදුසරණයි බේබි " කියා සස්මිගේ ඔලුව අත ගැ තිලකා කාමරයේ වු ලයිට් එකත් නිවා දමමින්ම දොර වසා දැමුවා.

ඊට මද වේලාවකට පසු සස්මිගේ ජංගම දුරකථනය නාද වුනා.

 " හෙලෝ අංජු අක්කි "

" හොලෝ තමයි මං කථා කරනකන්ම හිටියා නේද??"

"අනේ නැ අක්කි එහෙම නැ" 

"හරි දොණියෝ මං විහිළුවට කිව්වේ. මං බැලුවේ කෙල්ල පරිස්සමින් ආවාද කියලා. මොකෝ මං අයියා ගැන දන්නවනනේ . ඉතින් දුලන ගැන තව මොන‍වා කියන්නද නේද??"

" ඒකනම් ඇත්ත අක්කි, කෝ අක්කි අපේ අයියණ්ඩි?? "

" ආ මේ ඉන්නේ දෙන්නද එයාට"

" එපා අක්කියෝ. මට හොදටම නිදි මතයි දැන්."

" හරි එහෙනම් නිදිගන්කෝ. බුදු සරණයි දෝණියෝ"

 " බුදු සරණයි අක්කි."

මේ දුරකථන සංවාදය අතරතුර දුලන සස්මිට දුරකථන ඇමතුම් කිපයක් ගනු ලැබුවා.ඒ හැම විටම සස්මිගේ දුරකථනය කාර්යබහුල දැක ගන්නට ලැබුණා. 

No comments:

Post a Comment