Saturday, January 29, 2011

06 කොටස



"අනේ මන්දා අංජු අපේ අම්මටයි තාත්ටයි මොනා වෙලාද කියලා "
කියමින් ෂමෙල් ඇවිත් ඉස්තෝප්පුවේ තිබු පුටුවේ ඇල වුනා..

ෂමෙල්ගෙන් බෑගය අතට ගන්න ගමන් අංජු,
"ඇයි ඔයා එහෙම කියන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ ??? " යැයි ඔහු අසලින්ම වාඩි වෙමින් ඇසුවා.

"එයාලා එදා මට කිවේ එයාලට කැනඩා යන්න තියෙන්නේ 25 කියලා. ඒ යන්න කලින් චුටිව මෙහේ ඇරලනවා කිව්වා. ඒත් පෙරේදා මේ දෙන්නා ගියා කෙල්ලව තනියම දාලා... "

"හරි හරි අනේ, අපි දෝණිව මෙහේ ගෙන්න ගමුකෝ... අම්මටයි අප්පච්චිටයි හදිසියට අමතක වෙන්න ඇති.. අනික බය වෙන්න දෙයකුත් නැ නේ තිලකම්මයි සිරි අන්කලුයි ඉන්නවනේ..."

"ඒ හින්දා තමයි මං මේ බයක් නැතුව ඉන්නේ... "යැයි ෂාමෙල් සැනසුම් සුසුම් හෙලමින් පැවසිය...

"මං ඔයාට තේ එකක් අරන් එන්නම් එතකන් ඔයා වොෂ් එකක් දාගන්නකෝ... " යැයි කියමින් ෂමෙල්ගේ බැගයත් රැගෙන අංජු යන්නට හැරිණ..

"කෝ අංජු අපේ දඟ මලු දෙක ?? " යැයි කියනකොටම ,

"අප්පච්චි අපි මෙහේ " යැයි උඩ තට්ටුවේ සිට රනවි සහ ඔලිනි කැ ගැසිය..

"අප්පච්චි කෝ ගෙනාවද මං උදේ කියපු දේ " යැයි දුව විත් ඇගේ එල්ලෙන ගමන් රනවි ඇසිය..

" අනේ අප්පච්චිට අමතක වුනානේ පැටියෝ. අප්පච්චි හෙට ගෙන්නම්කෝ.. " යැයි කියු ෂමෙල් සාක්කුවට අත දමා චොක්ලට් දෙකක් ගෙන ඔලිනි ට සහ රනවි වෙත් දික් කළේය..

"අප්පච්චි හරි නෝර්ටි.. දැන් මං ඇහුවම කිව්වා ගෙනාවේ නැ කියලා " යැයි කියමින් රනවි මුණ ඇඹුල් කරගෙනම චොක්ලට් එක අතට ගත්තේය..

"අප්පච්චි, අප්පච්චි , අප්පච්චි දන්නවද  අද අම්මිට සනිප නැති වුනානේ " යැයි ඔනලි එක පාරට පැවසිය..

"හා ,  හා , දැන් දෙන්නම යනවා. ගිහින් අර ඉස්කොලේ දුන්න වැඩේ කරන්න.. අප්පච්චි වොෂ් එකක් දාගෙන එයි. " කියමින් අංජු තේ එකත් රැගෙන එතනට පැමිණුනා.

ඒ ඇසිලෙන් පොඩි උන් දෙන්නා ගේ ඇතුලට දිව්වා

තේ එක අතට ගන්න ගමන් ෂමෙල් , "ඇයි මොකද වුනේ මම දවල් කථා කරලාවත් මට නිකමටවත් කිව්වද" යැයි තරමක් සැරෙන් විමසුවා..

"අනේ ඒක එච්චර හිතන්න දෙයක් නෙවි අනේ.. එකපාරට‍ ඇඟට පොඩි තෙහෙට්ටු ගතියක් දැණුනා.. ඒ පාර මං හාන්සි වුනා.. එච්චරයි.. බය වෙන් දෙයක් නැ අනේ " යැයි අංජු පවසමින් ගේ ඇතුලට යන්නට හැරුණා..

"ඇයි ආයිමත් මං අප්පච්චි කෙනෙක් වෙන්න යනවද " යැයි අසමින් ෂමෙල් ඇයව තුරුල් කරගත්තා.

"අනේ අත අරින්නකෝ අනේ දුවලා දෙන්නා එයි.."

"ඇයි වෙනදා එයාලා දැකලා නැද්ද අප්පච්චි අම්මිට කිස් දෙනවා " යැයි කියමින් ෂමෙල් ඇගේ මුහුණ සිපගත්තා.

"ආ , ඒකට කමක් නැ ඔයා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.. අපි හෙට ගිහින් ‍ඩොක්ටර්ව හම්බවෙමුකෝ.. දැන්වත් ඉතින් අතඅරින්නකෝ " යැයි කියමින් ඇය ෂමෙල්ගෙන් මිදෙන්න උත්සහ කළා.. තවත් වරක් ඇයව සිපගත් ෂමෙල් ,

"එහෙනම් උදේට ලැස්ති වෙන්නකෝ ඩොක්ටර් හම්බවෙන්න යන්න " යැයි  කියමින් ෂමෙල් ඇයව දැත් වලින් මිදෙව්වා..

"හරි අනේ මං ලැස්ති වෙන්නම් දැන් ඔයා දැන් වොෂ් එකක් දාගන්න.. මේ එක නේවි දෝණි අද කොහේද යනවා කිව්වා නේද?? "

"ආ ඔව්, ඔව්"
"මං දුලනට කිව්වා කෙල්ලෝ දෙන්න එක්ක යන්න කියලා.. මුත් පැනපු ගමන් හා කියලා ඔය ගියේ.."

"ඔයා වගේම නැතැයි ඔයාගේ යාලුවත්" යැයි සිනාසෙමින් කියමින් අංජු ගේ ඇතුලට ගියා. ඇයත් සමඟින් සිනාසෙමින්ම ෂමෙල් ගෙට ගොඩවුනා...

2 comments: