Thursday, February 10, 2011

09 කොටස



කාරය හරවනවාත් සමඟම දුලනගේ දුරකථනය නාද විය.

"දෝණි බලන්න කවුද කියලා"

"ඒක හරි නැ නේ අයියා " යැයි පවසමින් ඇය පිටුපස ආසනයේ තිබු දුරකථනය අතට ගත්තා.
"ආහ් මේ ගැණු ළමයෙක් නේ " කියමින් ඇයි ඇය දුරකථනය දුලන වෙත පැවා. 

"කවුද ළමයෝ " යැයි අසමින් දුරකථනය අතට ගන්න හදනවිටම එය විසන්ධි වුනා.

" කවුද චේතනා කියලා කෙනෙක් අයියා මේ ඇත්තටම කවුද ඒ"

"ඔයා අන්සර් කරන්න".
"අහන ඒවාට ඔයා උත්තර දෙන්න" 

"එතකොට අයියා මම කවුද කියලා ඇහුවොත්???"

"එතකොට ඔයා කියන්න ඔයා තමයි මම මැරි කරන්න ඉන්නේ" 

"මොකක්?"
" කියන්නකෝ අයියා ඇත්තටම අපි නොදන්න චේතනා කවුද??" කියමින් ඇය තරමක් නොසන්සුන් ස්වරූපයකින් අසුවා.

" ආ! මම ඔයාට කියන්නම්කෝ ඒ කවුද කියලා " කියනවිටම නැවතත් දුරකථනය නාද වුනා. 

 " අයියා මේ ආයිමත් එයා තමයි මොකද කරන්නේ"

" ඔන්න ඔයා මම කියපු විදියටම කරන්නකෝ."

සස්මි දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නා. 

"හලෝ " 

අනෙක් පසින් ඇසුනෙත් කන්තා කටහඩකි

"හලෝ,  මට දුලනට කතා කරන්න පුළුවන්ද?? "

" ඔයා කවුද කථා කරන්නේ කියනවද? එයා දැන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. එයාට කථා කරන්න විදියක් නැ. "

" ඔයාගේ පණිවිඩේ කියන්න මං එයාට කියන්නම් " යැයි සස්මි සිහින් හඩින් පැවසුවා

අනෙක් පස වු තරුණිය " අනේ මට කියන්න පුළුවන්ද තරහා නැතුව ඔයා කවුද එයාගේ කියලා "

" මම තමයි එයා මැරි කරන්න ඉන්නේ. ඇයි ඔයා මේ දේවල් අහන්නේ ඔයා කවුද " සස්මි තරමක් සැර ගතියකින් පැවසුවා
එයින් අනෙක් පස වු තරුණිය තරමක් කලබල වු බවක් සස්මිට දැණුනා

ඇයත් සැරෙන් මෙන් " මම තමයි චේතනා ඔයාම අහගන්න"  කියමින් දුරකථනය විසන්ධි කලා.

" අයියා මේ කියන්නේ ඔයාගෙන්ම අහගන්න කියලා කවුද අයියා කියන්නකෝ"

මේ වනවිටත් දුලන කාරය මුහුදු වෙරළ අසල ඇති අවන්හලක් ළග කාරය නතර කර අවසන්.

"එයා තමයි චුටි අර අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නේ ගුණතිලක කියලා. අර මන්ත්‍රි කෙනෙක් ඉන්නේ. ආන්න එයාගේ දුව. "

"අනේ චුටි , අපි බැහැලා යනගමන් කථා කරමුකෝ "කියමින් දුලන කාරයෙන් බැස්සා.

" අනේ අයියා කියන්නකෝ " කියමින් ඇයද කාරයෙන් බැස දුලන ළගට ගියා. නමුදු ඇයගේ සිතේ කිසියම් කළකිරිමක් තිබුණා. ඒ කුමක්දැයි ඇයට තේරුණේ නැ.

 "චේතනා දැන් මාස දෙකකට විතර කලින් ලංකාවට ආවේ මැලේසියා ඉදන්. ඒ ආපු වෙලාවේ ගුණතිලක අන්කල් අපේ ගෙදර එක්කන් ආවා.ඇවිත් ගිහින් දවස් දෙකකට පස්සේ මෙන්න මට කොල් කරලා කියනවා එයාව එක්කන් යන්න කියලා නයිට් ක්ලබ් එකකට. මං ඉතින් බැ කිව්වා. ‍ඊට පස්සේ මෙන් ආයිමත් දවසක කොල් කරලා කියනවා එයාට මාව හම්බවෙන්න ඔනලු දෙයක් කියන්න තියනවා කියලා. මං කිව්වා ඉතින් කියන දෙයක් කියන්න කියලා ෆොන් එකෙන්ම. ඒ පාර මෙන්න මේ කෙල්ල කියාපි ඒකිට මාව ඔන කියලා. ආන්න එදා ඉදන් මම එයාව  මඟ අරිනවා."

සස්මි මේ සියල්ල අසාගෙන හෙමින් සිරුවේ සිනිදු වැලි මත පා තබමින් ඉදිරියට ඇදුනා.

" ඉතින් අයියා එයා ලස්සනයිනේ මං එයාව දැකලා තියනවා. ඔයා ඇයි අකමැති?? "

" මට ඔය කොහේවත් යන කෙල්ලෝ ඔන නැ."

" එහෙනම් ඔයාට ඔන කෙල්ල කොහේද කියන්නකෝ ඉන්නේ."

" හරි මං අද ඔයාට ඒක කියන්නම්. ඒත් ඊට කලින් අපි මොවා හරි කමුද මට හරි බඩගිනි " කියමින් දුලන රෙස්ට්ටුරන්ට් එක ඇතුළට ඇදුනා. සස්මිත් ඔහු පසුපසින්ම ගොස් විඩි වුනා.

එතන‍ට පැමිණි වේටර් ;

"මොනාද සර් ඔඩර් කරන්නේ " කියමින් මෙනු පත දුලනගේ මේසය උඩින් තැබුවා.

" මොනාද දෝණි කන්නේ "

" අයියා කැමති දෙයක් ගන්න."

" ඔන්න එහෙනම් මං සි රයිස් ඔඩර් කරනවා හොදේ " කියමින් වේටර් දෙසට හැරුන දුලන " අපිට සි රයිස් දෙකක් ගේන්න කිව්වා."

වේටර් යනවාත් සමඟම මදක් ඇතින්

"දුලන............................... " කියා අමතන හඩක් ඇසුනා.

" ආ මචං කවිෂ්ක වරෙන් වරෙන් " කියමින් පුටුවෙන් නැගිට්ට දුලන කවිෂ්කව බදා ගත්තා.

"අනේ බං උඹ බැදල අපිට කිවේත් නැතුව නේ. හොදයි හොදයි ඔහොම තමයි හරි යනකොට." යැයි කවිෂ්ක පවසනවිටම වාගේ සස්මි පුටුවෙන් මදක් නැගිට මුහුද පැත්තට ගියා.

කවිෂ්ක සමඟ පිටුපසින් තවත් කන්තාවක් සහ කුඩා දරුවෙක් පැමිණුනා

"පිස්සුද මචං මං තාම බදින්න තියා හිතලවත් නැ. උඹට මතක නැද්ද අපේ ෂමෙලයා. ඒ ෂමෙල්ගේ නංගි"

"එහෙමද ?? එහෙම නැතිවුනත් හොදට මැච් වෙනවා උඹට බලපං පොඩි උත්සහයක් කරලා " යැයි හින් සිරුවේ කනට කරමින් පැවසුවා.

" මේ කවිෂ්ක කෝ උඹේ හාමිනේ ‍කෝ?? "

" අර ඉන්නේ පුතත් එක්ක මෙතන හිටපු උඹේ සුරංගනාවිත් එක්කම. මේ ඒක නෙවි මචං මට ඒ ගර්ල්ව දැකලා පුරුදුයි ඒත් කොහේද කියලා මතක නැ ".

" හරි උඹ ඒක පස්සේ මතක් කරපං දැන් කමු බං මට මාර බඩගින්නකින් මං ආවේ " යැයි දුලන පැවසිය.

"දෝණි......... "කියා මදක් උස් ස්වරයකින් ඇය සස්මිට අඩගැසුවා.

ඒත් සමඟම කවිෂ්ක , "මේනකා ...... "යයි ඔහුගේ බිරිඳ‍ට අඩගැසුවා. ඔවුන් එතනට පැමිණි පසු,

"මචං දුලන අපි දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. පුතාට නිදිමතයි කිය කිය ඉදියේ. අපි එහෙනම් දැන් යන්නද පස්සේ මිට් වෙමු මචං " කියමින් දුලන වෙතඅතට අත දික්කලා.

"හරි මචං.. "

" නංගි අපි යන්නම් එහෙනම් අයියවත් මතක් කලා කියන්නකෝ " යැයි කියමින් කවිෂ්ක යන්නට හැරුණා.

"එහෙනම් දුලන අයියා අපිත් යනවා යයි පැවසු ඇ,.

"නංගියෝ එහෙනම් අපි ගිහින් එන්නම් " කියු ඇය සස්මිව වැළදගත්තා.

"එහෙනම් ඔන්න අපි ගියා " කියමින් ඔවුන් යන්නට හැරුණා.

"ඒ මචං මෙන්න මගේ කාඩ් . කොල් එකක් දිපං".

" හරි මචං එහෙනම් අපි කැපුනා "කියමින් ඔවුන් යන්ට ගියා.

ඒ වනවිටත් වේටර් කැම ගෙනවිත් මේසය මත තබා තිබුණා.

"දෝණියෝ මට බඩගිනි. කමුද " කියමින් දුලන වාඩි කැම බෙදාගත්තා.
දෙදෙනාම නිශ්ශබ්දව කැම කන්නට වුනා. ඉක්මණින් කැම කැ සස්මි ,

" අයියා කාලා එන්න මං අර පැත්තට යනවා " කියමින් මුහුදු වෙරළ දෙසට ඇදුනා. 

ඇගේ කුමක්දෝ සිතිවිල්ලක් නිසා නොසන්සුන් වි ඇති පව ඇයට දැණුනා. එයට හේතුව කුමක්දැයි කියාවත් ඇයට සිතා ගැනිමට පුළුවන් කමක් තිබුණේ නැ. නමුදු මේ සියල්ල සිදුවුනේ දුලනට චේතනාගේ දුරකථන ඇමතුම ආ වෙලේ සිටන් බව ඇයට යන්තම් විතර දැණුනත්. ඇයට කිසිවක් සිතා ගන්නට නොහැකිව තිබුණා. මේ සිතුවිල්ලෙන්ම ඇය ගොස් කළුගල් තලාවක් මත වාඩි වුනා......

No comments:

Post a Comment