Saturday, January 29, 2011
06 කොටස
"අනේ මන්දා අංජු අපේ අම්මටයි තාත්ටයි මොනා වෙලාද කියලා "
කියමින් ෂමෙල් ඇවිත් ඉස්තෝප්පුවේ තිබු පුටුවේ ඇල වුනා..
ෂමෙල්ගෙන් බෑගය අතට ගන්න ගමන් අංජු,
"ඇයි ඔයා එහෙම කියන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ ??? " යැයි ඔහු අසලින්ම වාඩි වෙමින් ඇසුවා.
"එයාලා එදා මට කිවේ එයාලට කැනඩා යන්න තියෙන්නේ 25 කියලා. ඒ යන්න කලින් චුටිව මෙහේ ඇරලනවා කිව්වා. ඒත් පෙරේදා මේ දෙන්නා ගියා කෙල්ලව තනියම දාලා... "
"හරි හරි අනේ, අපි දෝණිව මෙහේ ගෙන්න ගමුකෝ... අම්මටයි අප්පච්චිටයි හදිසියට අමතක වෙන්න ඇති.. අනික බය වෙන්න දෙයකුත් නැ නේ තිලකම්මයි සිරි අන්කලුයි ඉන්නවනේ..."
"ඒ හින්දා තමයි මං මේ බයක් නැතුව ඉන්නේ... "යැයි ෂාමෙල් සැනසුම් සුසුම් හෙලමින් පැවසිය...
"මං ඔයාට තේ එකක් අරන් එන්නම් එතකන් ඔයා වොෂ් එකක් දාගන්නකෝ... " යැයි කියමින් ෂමෙල්ගේ බැගයත් රැගෙන අංජු යන්නට හැරිණ..
"කෝ අංජු අපේ දඟ මලු දෙක ?? " යැයි කියනකොටම ,
"අප්පච්චි අපි මෙහේ " යැයි උඩ තට්ටුවේ සිට රනවි සහ ඔලිනි කැ ගැසිය..
"අප්පච්චි කෝ ගෙනාවද මං උදේ කියපු දේ " යැයි දුව විත් ඇගේ එල්ලෙන ගමන් රනවි ඇසිය..
" අනේ අප්පච්චිට අමතක වුනානේ පැටියෝ. අප්පච්චි හෙට ගෙන්නම්කෝ.. " යැයි කියු ෂමෙල් සාක්කුවට අත දමා චොක්ලට් දෙකක් ගෙන ඔලිනි ට සහ රනවි වෙත් දික් කළේය..
"අප්පච්චි හරි නෝර්ටි.. දැන් මං ඇහුවම කිව්වා ගෙනාවේ නැ කියලා " යැයි කියමින් රනවි මුණ ඇඹුල් කරගෙනම චොක්ලට් එක අතට ගත්තේය..
"අප්පච්චි, අප්පච්චි , අප්පච්චි දන්නවද අද අම්මිට සනිප නැති වුනානේ " යැයි ඔනලි එක පාරට පැවසිය..
"හා , හා , දැන් දෙන්නම යනවා. ගිහින් අර ඉස්කොලේ දුන්න වැඩේ කරන්න.. අප්පච්චි වොෂ් එකක් දාගෙන එයි. " කියමින් අංජු තේ එකත් රැගෙන එතනට පැමිණුනා.
ඒ ඇසිලෙන් පොඩි උන් දෙන්නා ගේ ඇතුලට දිව්වා
තේ එක අතට ගන්න ගමන් ෂමෙල් , "ඇයි මොකද වුනේ මම දවල් කථා කරලාවත් මට නිකමටවත් කිව්වද" යැයි තරමක් සැරෙන් විමසුවා..
"අනේ ඒක එච්චර හිතන්න දෙයක් නෙවි අනේ.. එකපාරට ඇඟට පොඩි තෙහෙට්ටු ගතියක් දැණුනා.. ඒ පාර මං හාන්සි වුනා.. එච්චරයි.. බය වෙන් දෙයක් නැ අනේ " යැයි අංජු පවසමින් ගේ ඇතුලට යන්නට හැරුණා..
"ඇයි ආයිමත් මං අප්පච්චි කෙනෙක් වෙන්න යනවද " යැයි අසමින් ෂමෙල් ඇයව තුරුල් කරගත්තා.
"අනේ අත අරින්නකෝ අනේ දුවලා දෙන්නා එයි.."
"ඇයි වෙනදා එයාලා දැකලා නැද්ද අප්පච්චි අම්මිට කිස් දෙනවා " යැයි කියමින් ෂමෙල් ඇගේ මුහුණ සිපගත්තා.
"ආ , ඒකට කමක් නැ ඔයා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.. අපි හෙට ගිහින් ඩොක්ටර්ව හම්බවෙමුකෝ.. දැන්වත් ඉතින් අතඅරින්නකෝ " යැයි කියමින් ඇය ෂමෙල්ගෙන් මිදෙන්න උත්සහ කළා.. තවත් වරක් ඇයව සිපගත් ෂමෙල් ,
"එහෙනම් උදේට ලැස්ති වෙන්නකෝ ඩොක්ටර් හම්බවෙන්න යන්න " යැයි කියමින් ෂමෙල් ඇයව දැත් වලින් මිදෙව්වා..
"හරි අනේ මං ලැස්ති වෙන්නම් දැන් ඔයා දැන් වොෂ් එකක් දාගන්න.. මේ එක නේවි දෝණි අද කොහේද යනවා කිව්වා නේද?? "
"ආ ඔව්, ඔව්"
"මං දුලනට කිව්වා කෙල්ලෝ දෙන්න එක්ක යන්න කියලා.. මුත් පැනපු ගමන් හා කියලා ඔය ගියේ.."
"ඔයා වගේම නැතැයි ඔයාගේ යාලුවත්" යැයි සිනාසෙමින් කියමින් අංජු ගේ ඇතුලට ගියා. ඇයත් සමඟින් සිනාසෙමින්ම ෂමෙල් ගෙට ගොඩවුනා...
Thursday, January 27, 2011
05 කොටස
"චුටි බේබි නැගිටින්න."
"අන්න දුලන මහත්තයත ඇවිත්"
"චුටි බේබි .................."
"දොර අරින්න"
යැයි කියමින් තිලකා දොරට තට්ටු කරමින්ම දොර අරින්නට වුනා.
"අනේ තිලකම්මා මං දුලන අයියට එන්න කිවේ 6ට නේ"
කියමින් නිදිමතෙන් ඇය ඇදෙන් බැස්සා
"ඉතින් බේබි දැන් 5.30 යිනේ"
"මම බේබිව ඇහැරන්න එන්න හදනකොටම තමයි දුලන මහත්තයා ආවේ"
"හරි තිලකම්මා මං ලැස්ති වෙලා එන්නම්.
"දුලන අයියාට තේ එකක් දෙන්න අර තිලකම්මා හදපු පැන් කේක් එක්ක."
"අනේ අනේ බේබි මට අපේ දුලන මහත්තයට තේ දෙන්න කියන්න ඔනයැයි"
"හරි හරි තිලකම්මා , ඔයා ගිහින් තේ දෙන්නකෝ.."
"මං එන්නම්.."
කියමින් ඇය තිලකාගේ ගෙල වටේ අත්දෙක දමමින් තුරුල්වුනා
"දැන් මට කියනවා ගිහින් තේ දෙන්නලු. මගේ ඇගේ එතිලා"
"හරි හරි එහෙනම් අනේ තිලකම්මා යන්නකෝ..."
යැයි කියමින් ඇය නාන කාමරය වෙත පියමැන්නා.
***********************************************************************
"මොකෝ තිලකම්මේ තිලකම්මාගේ හුරතලි තාම නිදිද??"
"අනේ ඔව් දුලන බේබි මං යනකොට හොදටම නිදි..."
"මං ගිහිල්ලා ඇහැරෙව්වා."
"ඔය ලැස්තිවෙලා එන්නම් කිව්වේ"
"බේබිට තේ එකක් ගෙන්ද නැත්නම් කුල් ඩ්‍රින්ක් එකක්ද ?? "
"ඇයි තිලකාම්මා අද කන්න මොකුත් නැද්ද බොන ඒවා විතරක් දෙන්න හදන්නේ"
"ආ ! නැ නැ කන්න ඒවා තියනවා"
"ඉන්නකෝ මං ගේන්න.."
යැයි කියු තිලකා කුස්සියට ගොස් තසිමක තැබු පැන් කේක් ගෙන ආවා.
"ෂා නියමයිනේ තිලකාම්මේ.. අද මං එන හින්දමද හැදුවේ"
යැයි අසමින් දුලන කන්නට වුනා
"අපේ චුටි බේබිත් ආසයිනේ මේවා කන්න ඒ හින්දා මං හැදුවා"
"අපේ අම්මනම් ඉතින් හැමදාම හදන්නේ කේක් කේක් කේක්.... එතනින් එහා අපේ අම්මා මොකුත් දන්නේ නැ"
"ෂමෙල්ලටනම් තිලකම්මා ඉන්න හින්දා හොදයි..."
තිලකා සිනාසි,
"ඉන්නකෝ බේබි මං තේ එකත් හදාගෙන එන්න. එතකන් බේබි කන්නකෝ"
යැයි කියමින් තිලකා කුස්සියට ඇදුනා.
තේ එක රැගෙන ආ තිලකා,
"තව කන්න බේබි , ඔනනම් තව තියනවා"
"අයියෝ මට කන්න කියලා කියන්න ඔන නැ නේ .. මං කනවා දැන් මේ දිසියම..."
"හා ! හා ! දුලන අයියා අපේ දිසිය කන්න එපා.. " යැයි කියමින් සස්මි පහළට ආවා.
"අනේ යනවා හලෝ යන්න.. මං කන්නේ දිසිය නෙවි. ඒකේ තියන පැන් කේක්"
"ආහ් ඇත්තද?? මං හිතුවා මේ අපේ දිසිය කියලා.. "
"මේ දුලනයෝ, "
"අපේ තිලකම්මගේ කැම වල රහ බල බල ඉන්නේ හොද නැද්ද දැන් කාව හරි හොයාගෙන කසාදයක් බැදගත්තොත්.."
"බලනවා දැන් අපේ ලොකු වගේ ඔයත් නාකිනේ. ."
""තව ටික කලක් ගියොත් ඔයාට ගැණු ළමයෙක් නෙවි නාකි ආච්චි කෙනෙක් තමයි හොයා ගන්න වෙන්නේ
"මේකනේ දෝණි වැඩේ කියන්නේ, මට හරියන කෙල්ලෙක් තාම මට මුණ ගැහුනේ නැ නේ.. හැබැයි ඉතින් මුණ ගැහුනොත් ඔන්න මං කියන්නේ මුලින්ම ඔයාට තමයි...."
"මේ දෝණි බැයිද මාව බදින්න.. ඔච්චර දුක නම් මං ගැන.. "
"අනේ මේ හලෝ, ඔය තේ එක බිලා ඉවරනම් යමුද ??? "
"මයුරිවත් එක්කන් එන්න මොරටුවට යන්න ඔන... , යැයි ඇය ලැජ්ජාවෙන් පවසමින් නැගිට්ටා
එය දුටු තිලකාටත් යන්තමට සිනාවක් නැගුනා..
"ඉන්නවකො ඉතින් මේක බොනකන්.. "
"ඒක නෙවි තිලකම්මා දෝණි අද මාර හැඩයිනේ නේද ?? "
"ඒක තමයි බේබි මාත් මේ කියන්න හැදුවේ.. "
සස්මිට එය ඇසුන ගමන්ම ,
"මේ මගේ කැත ලස්සන බල බල ඉන්නේ නැතුව යමුකෝ දැන්වත්... " යැයි ඇය හුරතලයට මෙන් පැවසුවා..
"හරි හරි ලොකු අම්මේ යමු යමු.. "
යැයි කියමින් දුලන තේ කෝප්පය මේසය මත තබමින් නැගිට්ටා.
"බේබිලා රැ වෙන්නේ නැ නේද ??? "
" නැ නැ තිලකම්මා මං රෑවෙන්න කලින් මෙයාව ගෙනත් බස්සනවා.. ෂමෙලුත් මට කිව්වා ඉක්මණට ගෙනත් බස්න්න කියලා "
" එහෙනම් ඔන්න තිලකම්මා අපි ගියා. යැයි කියමින් ඔවුන් කාරයට නැගුනා..
ඔවුන් දෙදෙනා පිටව ගිය පසු තිලකා ගේට්ටුව වසා දැමුවා.......
Saturday, January 22, 2011
04 කොටස
සස්මි කාරයෙන් බසින්න හදන විටම තිලකා දුව විත් කාරයේ දොර ඇරියා.
"තිලකම්මා අද හරි මහන්සියි"
"හදලා දෙන්නකෝ මට හොඳ ටි එකක්"
"යන් කෝ බේබි ගෙට අන්න මං අද හැදුවා පැන් කේක් වගයක් බේබි ආස හින්දා"
"ෂා නියමයිනේ තිලකම්මා"
"යන් යන්" කියමින් ඇය තිලකාත් සමඟ ගෙට ඇතුල් වුනා
"මොකද බේබි අද වේලාසනින්"
"ආ, තිලකම්මේ මං යනවා ෆැෂන් ෂෝ එකක් බලන්න 6ට විතර"
"එතකොට බේබි තනියමද යන්නේ"
"අනේ නැ මං යන්නේ මයුරියි දුලන අයියයි එක්ක"
"ආහ්, දුලන මහත්තයා යනවනම් කමක් නැ"
"ඒ මොකෝ තිලකම්මා ඒ??? "
"නැ ඉතින් බේබි, ගැණු ළමයි දෙනෙක් තනියම යනවට වඩා හොඳ නැද්ද දුලන මහත්තයත් එක්ක යන එක"
"අපෝ තිලකම්මා, මං දුලන අයියත් එක්ක ගියාම මට එයාවයි පරිස්සම් කරන්න වෙන්නේ"
තිලකා පුදුමයෙන් මෙන්,
"ඒ මොකද චුටි බේබි ඒ????"
"ඇයි ඉතින් මගේ යාලුවෝ ඔක්කොම වහ වැටිලනේ ඉන්නේ ඒකයි. ඒ එක්කෙන්ක් එක්වත් මේකා යාළු වෙන්නෙත් නැ.. අන්තිම මට මෙයාව පරිස්සම් කරන්න වෙනවා. උන්ගෙන් බේරගන්න."
තිලකා හා ස්සමි දෙදෙනාටම එකවර සිනහ නැගුනා
"තිලකම්මා,
"ඔෆිස් එකේ වැඩත් ඉක්මණට ඉවර කරලා මං ඉක්මණට ආවේ මගේ ඔළුවත් කැක්කුමයි ඒ හින්දා චුට්ටක් විතර ඇඳට යන්න කියලා"
"හරි බේබි එහෙනම්"
"මුණ කට සෝදගෙන එන්නකෝ"
"මං ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් එහෙනම්"
කියමින් සස්මි උඩු මහලට පිය මැන්නා.
ඇය නාගෙන පහළට එද්දි
"අනේ අනේ චුටි බේබි දැන් ඔලුව කැක්කුමයි කිව්වා නේද??
එහෙනම් ඇයි නැවේ ???"
"අනේ මට නොනා ඉන්න බැ කියලා තිලකම්මා දන්නවනේ.. "
යැයි කියමින් ඇය වාඩි වුනා.
පැන් කේක් එකක් අතට ගත්ත ඇය එය කන ගමන්ම
"ෂා නියමයිනේ තිලකම්මා.. මට තව 4ක් 5ක්වත් කන්න හිතෙනවා"
"ඉතින් කන්න බේබි ඔක්කොම ටික හරි. මං බේබි කැමති හින්දමනේ හැදුවේ"
පැන්කේක් දෙකක් පමණ කැ ඇය
"අම්මෝ මටනම් දැන් ඇති"
"ආ ඒකනේ නෙවි තිලකම්මා තව පැන් කේක් තියනවාද"
"ඔව් බේබි, ඒත් කාටද???"
"නැ තිලකම්මා දුලන අයියා එනවා කිව්වා එයාට"
"ආහ් , ඔය තියෙන්නේ
ඔන තරම්. දුලන මහත්තයට"
යැයි තිලකා අමුතු විදියට සිනාසෙමින් පැවසුවා
යන්නට සැරසි සස්මි ,
"තිලකම්මා මං යනවා ටිකක් ඇල වෙන්න"
"මට 5.30 ට විතර ඇහැරන්න"
"හොදයි බේබි මං ඇහැරන්නම්කෝ"
කියමින්ම ඇය කුස්සියට ඇදුනා
සස්මි ගිතයක කොටසක් මුමුණමින් උඩුමහලට පියමැන්නා
"මටත් හොරෙන් මගේ සිතින් ...........
බිදින් බිද ආදරය සොරාගෙන..........
මගේ සිතම ඔබ රැගෙන ගිහින්..........
බලාගත් වනම බලාසිටින්නෙමි .........
සිතාගන්න බෑ කලයුතුදේ..........
දරාගන්න බෑ මේ රුදු පාලුව..........
කෙසෙද මා තව ඉවසන්නෙ.........."
Wednesday, January 19, 2011
03 කොටස
උඩ තට්ටුවට යන ඇය දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා
"හලෝ,"
"ඔව් කියන්න මිස්ටර් තිසේරා"
"දුව අද මැනෙජ්මන්ට් ට්‍රේනින් ෆයිනල් ඉන්ටර්විව් එකනේ.."
"ඉතින් දුව, "
"මගේ නංගිගේ දුවවත් සිලෙක්ට් වෙලා තියනවා. "
"ඒත් ඉතින් දුවනේ ෆයිනල් ඩිෂිසන් එක දෙන්නේ.. "
"ඒකයි මම මේ කොල් කළේ "
"මේ අහන්න මිස්ටර් තිසේරා, මිස්ටර් තිසේරා දන්නවනේ කොලිෆිකේෂන් තියනවනම් ඒ කෙනා කවුරුවුනත් මම අයින් කරන්නේ නැ කියලා. "
"ඒ හින්දා ඒ ගැන කථා කරන්න ඔන නැ. "
"කවුද මිස්ටර් තිසේරාගේ දුව ??"
"දුව , එයාගේ නම තිලෝකා තෙවරප්පෙරුම "
"ආහ් මම දැක්කා තමයි"
"ඒත් එයාට සුදුසුකම් අඩුයිනේ "
"එහෙම කෙනෙක් මම කොහොමද තොරගන්නේ"
"අනික මට මෙහෙම කියන්න බැ"
"මම කට්ටියව සිලෙක්ට් කළාම දැනගන්න පුළුවන් මිස්ටර් තිසේරාට"
"මට දැන් පරක්කු වෙනවා . ඒ හින්දා මම ෆයිනල් ඩිෂිෂන් එක දෙනකන්න ඉන්න".
***************************************************************************
දහවල් 2.30 වනවිට ඇය සියල්ල නිමවි ආවා.
"තාරකා මං තෝරගත්ත අය මේ ලිස්ට් එකේ තියනවා. රතු පාටින් ලකුණු කරලා
අර තිලෝකාට සුදුසුකම් මදි. "
"ඒ හින්දා මම එයාව සිලෙක්ට් කළා අපේ එකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකට."
"ඔයා තෝර ගත්ත හැමෝටම කෝල් කරලා කියන්න"
"හොදයි මැඩම් මම ඒ ටික කරන්නම්"
"අනික ශ්වේතට කියන්න එයාලගේ එපොයින්ට්මන්ට් ලෙටර්ස් ටික මට අනිද්දා උදේ වෙනකොට මගේ ටේබල් එක උඩ තියන්න කියලා"
"හරි මැඩම්"
"ඇයි මැඩම් දැන් කොහේවත් යනවද?"
"ඔව් තාරකා මං දැන් යනවා"
"මොනවා හරි උවමනාවක්නම් මට කථා කරන්න"
"මැඩම් දුලන සර් කථා කළා"
"මැඩම්ගේ ෆොන් එක ඔෆ් නිසා ඔෆිස් එකට ගත්තා කිව්වා"
"හරි තාරකා මම බලන්නම්"
කියු ඇය කාරයාලයෙන් නික්මුනා
ඇය පහළට යනවිටම සිරිමෙවන් කාරය පෝටිකොවේ නවතා තිබුණා.ඇය එයට ගොඩ වෙමින්,
"අන්කල් අද හවසට මාත් එක්ක රවුමක් යන්නත් තියනවා" යැයි සිරිමෙවන්ට පැවසුවා
"හරි බේබි "
"යමු අන්කල් මට පරක්කුත් වෙනවා" දැන් කියු ඇය දුරකථන ඇමතුමක් ගනු ලැබුවා
"හෙලෝ දුලන අයියා"
"හදිසියක්ද කොල් කරලා තිබුණේ"
"අනේ නැ දෝණි"
"මං ෂමෙල්ව හම්බ වෙන්න ගියාම ඌ කිව්වා දෝණි අද මවුන්ට් එකේ තියන ෆැෂන් ෂෝ එක බලන්න යනවා කියලා ඒකයි. මාත් යනවා අද ඒ පැත්තේ"
"මාත් එක්ක යන්නයි එන්නයි පුළුවන්"
"ෂමෙල් කිව්වා දෝණිවත් එක්ක යන්න කියලා "
"හරි අයියා, හැබැයි මාත් එක්ක මයුරිත් යනවා. මං හැදුවේ සිරිමෙවන් අන්කල් එක්ක යන්න"
"නැ දෝණි මං එන්නම් ඔයාව එක්කන් යන්න"
"ඔයා ලැස්ති වෙලා ඉන්න 6 වෙනකොට මං එන්නම්"
"හරි අයියා. ඔන්න එන්න ඔන හොඳ්.."
"හරි කෙල්ලේ හරි. මොකෝ මං වෙනදත් නැවිත් ඉදලා තියනවද??? "
"අනේ නැ අයියා මං නිකමට කිව්වේ"
"එහෙනම් අයියා මං තියන්නම්,
"බුදු සරණයි දෝණි!"
"බුදුසරණයි අයියා ! "කියු ඇය දුරකථන අමතුම විසන්ධි කළා
"අන්කල් මං දුලන අයියත් එක්ක යනවා. රෑටත් එයා එක්කම එනවා"
"හරි බේබි" කියු ඔහු කාරය වත්තට දැමුවා.
Saturday, January 15, 2011
02 කොටස
'' අප්පච්චියි අම්මයි එන්නේ කවදද දෝණි ?? ''
'' අම්මි නම් කිව්වේ තව ටු වික්ස්වත් යයි කියලා.. අනික ලොකු අප්පචිට එහෙදි ටිකක් අසනිප වෙලාලු'' යැයි මන්ද ස්වරයකින් සස්මි පැවසිය.
එය ඇසි කලබල වු ෂමෙල්,
'' ඇයි දෝණි අප්පච්චිට මොන වෙලාද, මොකුත් කරදරයක් එහෙම නැ නේද '' යැයැ විමසිය..
හයියෙන් සිනාසෙන්නට වුන සස්මි දෙස පුදුමයෙන් ෂමෙල් බැලිය..
" මොකද බං දෝණි උඹට වුනේ, දැන් අප්පච්චි අසනිපයි කියලා නහෙන් අඩ අඩ කිව්වා. දැන් හිනාවෙනවා. පිස්සු හැදිලද"
"අනේ නැ ලොකු අපේ අප්පච්චි චුට්ටක් විතර වැඩියෙන් ඩ්‍රින්ක්ස් අරගෙන පපුවේ පොඩි අමාරුවක් හැදිලා ඒකයි , ඊයේ ඩිස්චාජ් වෙලා ගිහින්. අම්මි බනිනවා පලු යන්න" යැයි කියන විටම ෂමෙල්ද මහ හයියෙන් සිනාසෙන්ට වුනා..
ඒත් සමඟම සස්මිගේ දුරකථනය නාද වුනා...
"හායි මයු, "
"ගුඩ් මොර්නින්"
"හරි හරි මං එනවා 6 වෙන කොට"
"ලැස්තිවෙලා ඉන්න "
කියා දුරකථනය තබද්දිම
" කොහේද චුටි මහ රෑ යන්න ලැස්ති වෙන්නේ"
" අනේ ලොකු මම ඊයේ අංජු අක්කිට කිව්වා ඔයාට කියන්න කියලා අද අර මවුන්ට් එකේ තියනවනේ ෆැෂන් ෂෝ එකක්. ඒකට යනවා කියලා. මම අම්මිටත් කිව්වා එයා කිව්වා සිරිමෙවන් අන්කල් එක්ක යන්න කියලා. ඇයි අංජු අක්කි කිව්වේ නැද්ද?? " යැයි සස්මි මුණ බෙරි කරගෙන ඇසුවා
" ආහ් ඒකටද මේ ඩබල යන්න ලැස්ති වෙන්නේ. මම හිතුවා ඒක තියෙන්නේ හවස කියලා. හරි හරි ගිහින් එන්නකෝ " යැයි පවසා ෂමෙල් සස්මි ගේ කන මිරිකුවා
"මගේ හොද ලොකු අයියා" යැයි සස්මි හුරතල් ලෙස පැවසිය
"ඔව් ලොකු අයියා කොහොමත් හොදයි තමයි" යැයි සිනාසෙමින් ෂමෙල්ද පවසන්නට වුනා.
"ආ ඒක නෙවි ලොකු අර අපේ නුවරඑළියේ ටි ෆැක්ට්‍රි එකේ නඩුව තියනවා කියලා ඊයේ දුලන අයියා කිව්වා"
"මොන නඩුවද චුටි"
"අර ලොකු මිට අවුරුදු 23කට කලින් ගිනි ගත්තා කියල කියන්නේ"
"ආහ් හරි හරි මට මතකයි. එහෙනම් ඔයා කියන්න දුලනට මාව හම්බවෙන්න කියලා ඇවිල්ලා".
"මම කියන්න ඔන නැ ලොකු අද දුලන අයියා එනවා කිව්වා ඔෆිස් එකට ඒ ගැන කථා කරන්න"
ඒත් සමඟම ෂමෙල් කාරය හොටලයේ ගේට්ටුව අසල නැවැත්තුවා. නවතා හොන් ගසන්නටත් පළමුව ගේට්ටුව අරිනු ලැබුවා
"නැ අයියා ඇතුලට දාන්න ඔන නැ කාර් එක අයියා යන්න මම බහින්නම්. " කියු සස්මි බැගයත් රැගෙන බහින්නට ලැස්ති වුනා
"බුදු සරණයි චුටි, පරිස්සමින්" කියු ෂමෙල් ඇයගේ හිස අත ගැවා
"අයියාටත් බුදු සරණයි" කියු ඇය ෂමෙල්ගේ කම්මුල සිප ගත්තා
"අයියා ඔයා හවසට එන්න එපා මම ටිකක් කලින් යනවා. මම සිරිමෙවන් අන්කල්ට එන්න කියන්නම්" කියු සස්මි කාරයෙන් බැස්සා.
"දුලන ආවොත් අපේ ඔෆිස් එකට එන්න කියන්න චුටි මතක ඇතුව"
"හරි අයියා. මං යනවා"
"ආ මේ වැඩිය රැ වෙන්නේ නැතිව ගෙදර යන්න හොදේ දොණි "
"හරි මගේ ලොකු අප්පච්චියේ හරි " කියු සස්මි ෂමෙල්ට දිව දික්කළා
" එහෙනම් මං ගියා " කියු ෂමෙල් කාරය හරවන්නට වුනා.
"ගුඩ් මොර්නින් මැඩම්"
"ගුඩ් මොර්නින් සරත් කියාගෙනම ඇය ඇතුලට ගියා"
ඇය තම කාර්යාල කාමරයට යනවිට
"ගුඩ් මොර්නින් මැඩ්ම්" යැයි කියාගෙන තාරකා කාමරයට ඇතුල් වුනා.
"ගුඩ් මොර්නින් තාරකා. ගේන්න මට අද මැනේජ්මන්ට් ට්‍රේනිස්ලගේ නම් ලිස්ට් එක. අද ඉන්ටර්විව් තියනවා නේද ?"
"ඔව් මැඩම්"
"කෝ දෙන්න බලන්න" කියු ඇය ෆයිල් එක අතට ගෙන එකින් එක බැලුවා.
"මොකද්ද තාරකා කවුද මේ තිලෝකා තෙවරප්පෙරුමව දැම්මේ ෆයිනල් ඉන්ටර්විව් එකට. කිසිම කොලිෆකේෂන් එකක් නැතුව."
"ඔය මිස්ටර් තිසේරා තමයි මැඩම් සිලෙක්ට් කරලා තියෙන්නේ" යැයි තාරකා පැවසිය
"හරි මම යනවා උඩට . සංජුට කියන්න එක්කෙනා එක්කෙනා එවන්න කියලා... " යැයි පවසමින් ඇය උඩුමහලට යාමට සැරසුණා.
ඒත් සමඟම ඇගේ ජංගම දුරකථනය නාද වෙන්නට වුනා.....
Wednesday, January 12, 2011
01 කොටස
"තිලකම්මේ............ තිලකම්මේ......... ඉක්මණට එන්නකෝ "යැයි සස්මි හයියෙන් මොර දෙන්නට විය.
තම සායට උඩින් ඇඳ සිටි චිත්තයෙන් අත පිසිමින් දුවගෙන ආ තිලකා "මොකද බේබි කැ ගහන්නේ මම කියුවා නේද ඔය පැලවලට වතුර මම දාන්නම් කියලා..... කෝ කෝ සර්පයා කොහේටද ගියේ" යැයි මහත් කලබලයෙන් තිලකා වට පිට බැලුවා. නමුදු ඇයට කිසිවක් දැක ගන්නට නොලැබිණ.
"අයියෝ තිලකම්මේ මොන සර්පයෙක්ද අනික මම හැමදාම කියනවා නේද මට බේබි කියන්න එපා කියලා අපේ අම්මි කියනවා වගේ තිලකම්මත් මට චුටි දෝණි කියන්නකෝ"....
" අනේ මට බැනේ බේබි එහෙම කියන්න. බේබි අත දරුවා කාලේ ඉදන්ම මම කිව්වේ චුටි බේබි කියලනේ දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ. අනේ ඇත්ටම මොකද බේබි බෙරිහන් දුන්නේ????"
" තිලකම්මේ මේ බලන්නකෝ අර එදා අංජු අක්කි දිපු රෝස පැලේ පුංචි පොහොට්ටු 2ක්ම ඇවිල්ලා..."
" මං නම් හිතුවේ නැ බේබි ඔය රෝස මෙහේ පැලවෙයි කියලා . මේ කාශ්ටකේ හැටියට..බේබිට අද ඔෆිස් යන්නත් අමතකවෙලාද මේ රෝස පොහොට්ටු දැකලා යන්න ගිහින් ලැස්ති වෙන්න බේබි ලොකු බේබි එනවත් ඇති දැනටමත් ... " කියමින් තිලකා ආපසු යන්නට හැරුණා..
තිලකාගේ ඇගේ එල්ලුණ සස්මි "අනේ මට බඩගිනි තිලකම්මේ, මං ටක් ගාලා ලැස්තිවෙලා එන්නම් මට බත් ටිකක් කවනවද " යැයි අසමින් දුවෙක් තම මවත් සමඟ හුරතල් වන ලෙසින් තිලකාගෙන් ඇසුවා...
"හරි චුටි බේබි ලැස්ති වෙලා එන්නකෝ මම කවන්නම්" කියු තිලකා කුස්සියට ඇදුනා..
සස්මි තම කාමරයට ගොස් ලැස්ති වි පහළට එනවිට කාරයක නලා හඩක් ඇසුනා. ඒ හඩ ඇසුන ඇය ඉක්මණින් පහළට දිව ආවා. ඇය එනවිට පහළ තිලකා බත් අනනමින් උන්නා. චුටි බේබි ලොකු බේබි ආවට කමක් නැ නොකා යන්න එපා කියමින් සස්මිට බත් කවන්නට වුනා.
"අනේ අනේ තිලකම්මා තමයි මෙයාව නරක් කරන්නේ.. මෙයා දැන් පොඩි නැ ලොකුයි ඒ හින්දා තනියම කන්න පුරුදු කරන්න" කියමින් සස්මි හා තිලකා සිටි දෙසට එමින් ෂාමෙල් පැවසුවා.
"අනේ මේ ලොකු ඔයාටත් උදේට අංජු අක්කි නේ කවන්නේ" කියමින් ඇසක් ගැසු සස්මි දිව දික්කළා..
"පිස්සුද චුටි ඔයාට කවුද ඔය බොරු කියන්නේ මට මොකටද කවුරුත් කවන්නේ ??? හැබැයි අංජු අපේ දඟමලු දෙකටනම් කවනවා මට කෙසේ වෙතත්" යැයි කියු ෂමෙල් " අනේ තිලකම්මා මටත් කවන්නකෝ බත් කටක් " කීය.
" ආහ් ! දැන් මට කවන්න එපා කියලා මෙයා බබා වෙන්න යනවා " යැයි නෝක්කාඩු ස්වරුපයකින් සස්මි පැවසිය.
" අනේ මට බේබි තාමත් පොඩි ළමයි ඉස්සර වගේම " කියු තිලකා ෂමෙල්ටද බත් කටක් අනා කැවිය.
"අනේ මටනම් ඇති තිලකම්මා, මේ අලිබබාට කවන්න එතකන් මම හැන්ඩ් බැග් අරගෙන එන්නම් " කියු ඇය උඩුමහලට ගොස් තම අත්බැගයත් රැගෙන පැමිණෙන විට ෂමෙල් හා තිලකා කාරය ළඟට ගොස්ය.
" එහෙනම් තිලකම්මේ අපි යනවා" කියු ෂමෙල් "නඟිනවකෝ දෝණි ඉක්මණට පරක්කුයි" කියමින් ෂමල් කාරයට නැගිණ.
" එහෙනම් තිලකම්මා අපි යනවා" කියු සස්මිත් කාරයට නැඟ දොර වසා ගත්තේය..
" බේබිලා දෙන්නටත් බුදු සරණයි! " යැයි ඇය සෙමින් මිමිණිය...
Subscribe to:
Posts (Atom)