Sunday, March 4, 2012

19 වන කොටස



"සුජාතා .............. සුජාතා..............."

"කෝ මේ සුජාතා " කියමින් ඩග්ලස් දොරට තට්ටු කරන්නට විය.

තේ කම්හලක කම්කරු රැකියාවක් කළ ඔහු පසුව එයින් ඉවත් වි සිල්ලර බඩු කඩයක් දමා ගෙන ජිවත් විය. අද එය ප්‍රදේශ තිපෙන විශාලතම තොග බඩු කඩයයි. පසුව කෙමෙන් කෙමෙන් දියුණුවට පත්වු ඔහු ගමේ කා අතරත් ප්‍රසිද්ධ වුයේ ඩගි අයියා හෝ ඩගි මුදලාලි නමිනි. ඩගි අයියා යනු සිල්ලර බඩු කඩයට හොරෙන් කසිප්පුද පෙරු අයෙක් විය. එය රහසේ කර ගෙන ගියත් ගමේ උන් සියල්ලෝම දැන ගෙන උන්හ. නමුත් අද වන විට එය කරගෙන ගියේ ඩගිගේ සේවකයන්ය. එයට ඩගි ගැවුවේවත් නැතය. නමුදු ලාභය ලැබුනේ ඔහුටය.එමෙන්ම ඔහුට රටේ තරමක් පිළිගත යුතු සමග සබදකම්ද පැවතින. ඔහුට තරුණ කාලයේදි ගැහැණුන්ගෙන් කිසිදු අඩුවක් නොවිය. ඇහැට කනට පේන කෙල්ලෙක් හො ගැහැණියක් දුටු විට කෙසේ හෝ ඇය නතු කර ගැනිමේ හැකියාව ඔහුට නොඅඩුව තිබුණි. එය හොදින් හෝ නරකිනි. නමුත් සුජාතා කැන්දන් ආ දා පටන් ඔහුගේ එම ගති මදින් මද දුරස් වන්නට විය. නමුදු ඔහුගේ චන්ඩිකම් වල නම් කිසිදු අඩුවක් නොවිය.අවශ්‍ය සියල්ල හොදින් හෝ නරකින් ඉටු කරගන්නට ඔහුට හැකියාව තිබුණි.

"සුජාතෝ මොකද මේ මහ දවල් දොරවල් වහගෙන" යැයි කියමින් ඩග්ලස් නැවතත් දොරට තට්ටු කරන්නට විය.

ඒ සමගම ඇතුලේ සිට පැමිණි සුජාතා ඉතා කඩිනමින් පැමිණ දොර විවෘත කලේය.
"මො‍කද අනේ කැ ගහන්නේ?? "
" මම මේ චුටි පුතාට යවන්න කියලා වැලි තලප ටිකක් හැදුවා."

" ආහ් ඒක මිසක්. මම බය වුනා සද්දයක් නැති කොට "

" මොකද මට එන්න කියලා කථා කලේ " යැයි පවසමින් ඔහු  සෝපාවේ වාඩි විය.

" ආහ් මේ ඔයාගේ ෆොන් එක වැඩ කලේ නැ කියලා තිසේරා මහත්තයා ගෙදරට කථා කළා.ඒක කියන්නයි එන්න කියලා පණිවිඩේ එව්වේ. "

" ඒ මොකටද දන්නේ නැ නේ. "

" මට නම් කිව්වේ නැ. ඒත් ඉක්මණට කථා කරන්න කිව්වා."

" හරි හරි මං කථාකරන්නම්කෝ  " කියමින් තිසේරාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තා.

" සර් මම ඩගි කථා කරන්නේ"

" කොහෙද මනුස්සයෝ තමුසේ ගිහින් හිටියේ.."

"ඇයි සර් හදිසියක්ද?? කථා කලේ "

" තමුසේ දන්නවනනේ මම හදිසියක් නැත්නම් කථා කරන්නේ නැ කියාලා. අර නඩුව ආයෙත් එළියට ඇවිත්..."

එය ඇසිමෙන් ඩග්ලස් තිගැස්මකට පත්වුනා.. එවිට එතනටම සුජාතා තේ එකක් රැගෙන එතනට පැමණෙමින් සිටියා. ඇය දුටු ඔහු ඇයට තේ කොප්පය තබා එතනින් පිට වන ලෙසට අතින් සන් කළා.

මදක් කලබලයට පත්වු ඩගි,

"සර් අපි මොකද කරන්නේ දැන් ඉතින්??"

"මොනා කරන්නද අයිසේ තමුසෙට මතකනේ ගිය පාර තමුසේ දුන්න කට උත්තරේ... ඒ විදියටම කියනවා වෙනස් නොකර... දන්නවනේ වචනයක් එහා මෙහා ගියෝත් උඹත් එක්ක මාත් ගස් කියලා.."

"ඔව් සර් ඒක දන්නවා. ඒත් කවුද මේ යට ගිය මිනි ආයි ගොඩගන්න දගලන්නේ?????"

"ඒක තමයි අයිසේ මටත් තියන ප්‍රශ්නේ.... හැබැයි නඩුව කථා කරන්නේ අපේ අනුර ඇමති තුමාගේ පුත්‍ර රත්නය.. මට වෙන විස්තරනම් මොකුත් දැන ගන්න ලැබුනේ නැ."

"හරි සර්, සර් බය වෙන්න එපා. මගෙන් සර් කවදාකවත්ම අවඩක් වෙන්නේ නැ..ඒක ඉර හද වගේ මට විශ්වාසයි සර්.."

"හරි අයිසේ. එහෙනම් තමුසේ තියනවකෝ ෆොන් එක. උවමනාවක් වුනොත් මං කථා කරන්නම්"  කියමින් තිසේරා දුරකථනය විසන්ධි කලේය..

ඩග්ලස් මද වේලාවක් කල්පනා කරමින් සිටින සුජාතා පැමිණ,

" ඩගි හෙට අනිද්දා කොළඹ යන්නේ නැද්ද" යි අසමින් ඒ අසලින් වාඩි විය. එහෙත් ඩග්ලස්ට එය ඇසු‍නේ නැත.

එය දුටු සුජාතා, " මේ මොකක් හරි ප්‍රශ්නයක්ද " අසමින් ඩග්ලස් වෙත ළං විය. ඒඑයින් කලබලයට පත්වු ඩග්ලස් " නැ නැ සුජාතා මං මේ කල්පනා කලේ අපේ තිසේරා මහත්තයා කථා කලොත් මොකක් හරි ප්‍රශ්නෙකටනේ ඉතින්.. ආහ් ඒකට කමක් නැ දැන් මොකක්ද ඇහුවේ???"

" මං ඇහුවේ හෙට අනිද්දා කොළඹ යනවද කියලා.. පුතාට නැම ටිකක් යවන්න."

"මං කොහොමත් දැන් අනිද්දට තිසේරා මහත්තයව හම්බවෙන්න. එතකොට පුතාවත් බලාගෙන එන්නම්.. "කියමින් ඔහු පුටුවෙන් නැගිට්ටේය..

" ඔය නැගිටේ යන්නද?? ඉන්න මේ තේ එක නිවිලනේ.. මං තව තේ එකක් හදාගෙන එන්න " කියමින් සුජාතා කුස්සියට පිය නැගිය.


*********************************************************************************
ෂමෙල්ගේ දුරකථනය නාද වනවිට ෂමෙල් උන්නේ රසායනාගාරය අසලය. ඇමතුම ලබා දෙන්නේ අංජු බව දුටු ඔහුට යන්තමින් සිනාහ පහළ විය.

"හෙලෝ අප්පච්චි රිපෝර්ට් එක ගත්තද??? "

" නැ අංජු තව ටිකක් වෙලා යයි. "
මං එන්නම් ඔයාව එක්කන් යන්න. ඒ ඇවිල්ලා රිපෝර්ට් එක ගමු. හරි මහත්තයෝ මං ලැස්ති වෙලා ඉන්නම්.."

" පොඩි දෙන්නවත් ලැස්ති කරලා තියාගන්න. ඒ දෙන්නව තිලකම්මට දිලා එන්නත් ඔන නේ.."

" ඔව් ඒ දෙන්නනම් ‍මේ දැන්ම ඉදන්ම ලැස්ති වෙලා ඉන්නේ.."

" හරි අංජු මං තියන්නම්. තව පැයකින් මම ඔතන " කියු ඔහු දුරකථනය විසන්ධි කලේය..

No comments:

Post a Comment