Saturday, March 10, 2012

20 වන කොටස



ෂමෙල් නිවසට පැමිණෙනවිට අංජු දුවලා දෙදෙනාවත් ලැහැස්ති කරගෙන ෂමෙල් එන මගට ගියා. ෂමෙල් දුටු  ඔලිනි දුව ගොස් ෂමෙල්ගේ අතේ එල්ලි,

"අප්පච්චි!  අප්පච්චි ! අප්පච්චි , දන්නවද අදත් අම්මිට සනිප නැති වුනා. මායි අක්කියි බය වුනා. අපිට කොහේවත් යන්න එපා අප්පච්චි.... අප්පච්චි අම්මිව ඩොක්ටර් අන්කල් ගාවට එක්කන් යමු.."

"අ‍යියෝ නැ අනේ මගේ ඇගට ටිකක් අමාරු වුනා. " ඒකයි යැයි අංජු සිනාසෙමින් පැවසුවා

අංජු දෙසට තරමක් නපුරු දෙසට නෙත් යොමු කළ ෂමෙල් ඔලිනි දෙසට හැරි ,

"හා මගේ පැටියෝ... අපි එහෙනම් දැන් අම්මිව ඩොක්ටර් අන්කල් ගාවට එක්කන් යමු. මගේ දෝණිලා තිලකම්මත් එක්ක ඉන්නවද නේද?? අම්මි අප්පච්චි ගිහින් එනකන්.."

" හා අප්පච්චි.. අපි ඉන්නම් "යැයි කියමින් ඔවුන් දුව ගොස් කාරයට නැගුනා..

"මොකක්ද අංජු මේකේ තේරුම??? මං දැන් ටිකකට කලින් කථා කලා ඔයා මට කිව්වද නිකමටවත්??"

" නැ අනේ ඔයා ඉතින් වාහනේ එන ගමන්නේ ඒ හින්දා කිව්වේ නැත්තේ.. "

"එහෙම කියලා හරියනවද?? මෙතන කවුරුත් ඇත්තෙත් නැ.. මොනාහරි දෙයක් වුනානම් එහෙම..."

"හරි හරි අප්පච්චි දැන් අපි යමුකෝ " කියමින් අංජු දුලනගේ අතින් ඇදගෙන කාරයට එන ගමන්,  
 'මේ ඒක නෙවි අප්පච්චි රිපොර්ට් එන ගෙනාවද???

"ආහ් ඔව් ඔව්.. ආන්න කාර් එකේ ලොකර් එකේ ඇති..ගිහින් ගන්නකෝ කියමින්... "දෙදෙනාම කාරයට නැගුනා. යන අතරමගදි කාරයෙ ලොකරයෙන් රිපොර්ට් එක ගත් අංජුගේ දෙනෙත් ඉහළට එසවි යන්තම් සිනාවක් දෙනෙත් මත මතු වුනා..

"මොනද අංජු රිපොර්ට් එකේ තියෙන්නේ තනියම හිනාවෙන්නේ?????"

"අප්පච්චි,  ආයෙමත් අප්පච්චි කෙනෙක් වෙන්න යනවා කියලා තමයි රිපොර්ට් එකේ තියෙන්නේ......"

"ඇත්තමද අංජු????"

"ඇයි මං වෙනදත් ඔයාට බොරු කියලා තියනවද??"

" නැහැ නැහැ ළමයෝ...... එහෙම නැ....  මට හිතාගන්න බැරි හින්දයි මං එහෙම ඇහුවේ... මං ඒ තරම් ලොකු වැඩක් ඊයේ පෙරේදා කලේ නැ නේ ඒකයි " යැයි සිනාසෙමින් ෂමෙල් පැවසිය..

"ආහ් ඇත්තද?? එතකොට කවුද දන්නේ නැ නේ පැටව් දෙන්නට නින්ද ගියාම හැමදාම රෑට මාව හොයාගෙන එන්නේ " කියමින් අංජු දුල‍නගේ කකුලට යන්තමින් තට්ටුවක් දැමිය...

" ඇත්තට කවුද දන්නේ නැ නේ... මමනම් හොද සැපට නිදා ගන්නවා.. " යැයි සනාසෙමින් පැවසිය

" ඔව් ඔව් හොද සැපට නිදා ගන්නවා මට වද දිලා දිලා රෑ පුරාම..  " කියමින් අංජු ද සිනාසෙන්නට විය..

" අප්පච්චි ඒක නෙවි දුලා දෙන්නව බස්සලා යන්.... ආහ් ඊට කලින් අපි මේක දෝණිිට කියමුද??? "

" චුට්ටක් ඉන්න අංජු අපි උන් දෙන්නා රෑට ආවම සප්‍රයිස් කරමු.... "

මේ වන විට ෂමෙල්ගේ මහගෙදර අසලට වාහනය පැමිණ නතර කර අවසානය. ඒ වන විටත් තිලකම්මා පැමිණ ගේට්ටුව අසලට වි උන්නාය.

" දෝණි තිලකම්මා ගේට් එක ගාව ඉන්නවා.. දෝණිලා දෙන්නා යන්න තිලකම්මත් එක්ක මායි අප්පච්චි ගිහින් එන්නම් " ඉක්මණට කියු  අංජු පිටුපස හැරි ඔලිනි හා රනිවි සිප ගත්තා.

කාරයට ළං වු තිලකා... , " මොකද බේබි අසනිපේ??? " යැයි හින් සිරුවට ළං වි අංජුගෙන් ඇසුවා.

" මොකුත් නැ තලකම්මේ මේ දවස් ටිකේම මට ක්ලාන්ත ගතියක් ආවා... ඒකයි මේ තිලකම්මගේ ෂමෙල් බේබි බය වෙලා තියෙන්නේ.... "

" ආහ් තව චුටි බේබි කෙනෙක් එන්නද දන්නේ නැ " කියමින් තිලකම්මා සිනා සුනා....

" ඒක තමයි තිලකම්මේ අපි මේ බලන්න යන්නේ... අපි ඉක්මණට එන්නම් අපේ දගමලු දෙක බලාගන්න"  කියමින් ෂමෙල් කාරය පණගැන්වුවා.

තිලකා දරුවන් දෙදෙනා රැගෙන ගෙතුලට පියමං කළ අතර ෂමෙල් සහ අංජු එතනින් පිටත් වුනා..
ඔවුන් රෝහල වෙත ළං වන විට ඔවුන්ගේ අංකය කථා කර තිබුණා...

"ආහ් මොකද ෂමෙල් පුතා මේ පැත්තේ???"

" නැහැ අන්කල් මෙන්න මෙයාට සනිප නැ ටික දවසක ඉදන් ඒකයි මේ අන්කල්ට පෙන්නලා යන්න ආවේ... " කියමින් අතේ වු රිපොර්ට් එක අංජු වෛද්‍ය රත්නායකට ඉදිරිපත් කළා..

" ආහ් අංජු දුව බය වෙන්න දෙයක් නැ... පවුලට තවත් අමුත්තෙක් එන්නයි හදන්නේ... මං දුවට විටමින් ටිකක් ලියලා දෙන්නම්... ඊට පස්සේ ඉතින් කලින් කළා වගේ මාසෙන් මාසෙට ඇවිත් චේක් කරගන්න.
ලබන සතියේ දුව එන්නකෝ පුතත් එක්කම. එතකොට අපි ස්කැන් එක කරගමු.. අද කට්ටිය වැඩි.. "

" අන්කල් මගේ ඇගට ටිකක් වැඩිපුර තෙහෙට්ටු ගතියක් දැනෙනවා.. ඒකට මොකද කරන්නේ??? "

" දුව මං දුන්න විටමින් ටික බොන්න.. ටිකක් රෙස්ට් කරන්න ටික දවසක් යනකොට ඕක ඇරිලා යයි..."

" හරි අන්කල් එහෙනම් අපි ගිහින් එන්නම්..... " කියු ෂමෙල් හා අංජු එයින් එළියට ආවා....

" මේ අප්පච්චි දෝණිට කථා කරලා බලන්න කොහේද කියලා.. "

ෂමෙල් දුරකථන ඇමතුම ගන්න හදනවාත් සමගම ෂමෙල්ගේ ජංගම දුරකථනය නාද වුනා.

" ආහ් මං උඹට කොල් එකක් ගන්න හැදුවා විතරයි දුලනයෝ....."

" හරි හරි අපි එනවා මස්සිනා. ඒත් චුට්ටක් විතර පරක්කු වෙනවා කියන්න ගත්තේ... මයුරි කියනවනේ තව ටිකක් ඉන්න කියලා.. උඹේ නංගිත් ඉතින් මයුරිගෙන් ගැලවෙන්නේ නැ නේ " කියමින් දුලන සිනාසෙන්නට විය..

" ආහ් උඹලා දෙන්නා 7 විතර වෙනකොට එනවනම් අපි රෑ කැම එළියෙන් ගමු.. අද ඩිනර් එක මං ගානේ " යැයි ෂමෙල් පැවසිය...

" හරි බං මායි දෝණි ඔන්න 7.30 වෙද්දි ගල්කිස්සේ ඇති..."

" හරි මගේ නංගිව පරිස්සමෙක් එක්කන් වරෙන් " කියමින් ෂමෙල් දුරකථනය විසන්ධි කලේය.....

No comments:

Post a Comment