Saturday, March 17, 2012

21 වන කොටස



"මයුරි නංගි අපි දැන් යන්න ඕන යාළුව එවනවද....??? "

" අයියෝ අයියේ, තව ටිකක් වෙලා ඉදලා යන්න බැරිද?? අනික අද යන්නෙත් ලොකු අයියලගේ ගෙදරනේ.. "

" බැ නංගි,  පරක්කු වෙන්න. පෙන්නේ නැද්ද වැස්සකුත් එන්න වගේ.. "

" හ්ම් ..... මොනා කරන්නද නේ.."

" ඇයි දෝණි කථාවක් නැත්තේ.. යන්න ඔන නැද්ද ගෙදර අද??? "

" අනේ යන්න ඕන පොඩි පැටවු දෙන්න අද මං එනකන් බලන් ඉන්නවා. එහෙනම් අපි යන්නම් මයු..."
" අයියේ අපි සාංචි පුංචිට කියලා එමු "  කියු සස්මි දුලනවත් එක්කන් ගෙට යන්නට විය....

" විහඟ අයියේ ඔයාත් යනවද දැන්මම.. " යැයි අසමින් විහඟට ළං වෙමින් ඇසිය..

" මාත් ගියානම් හොදයි නේ.. " යැයි නොන්ඩියට මෙන් සිනාසි විහඟ ඇසිය.

" ඉතින් යන්න.. මට මොකද?? "

" හා එහෙනම් මාත් යනවා දුලනලත් එක්කම එහෙනම්. "  යැයි විහඟ පවසනවිට මයුරිගේ නෙත් යාන්තමට වගේ රත් පැහැ ගැන්වි තිබුණා.

" අපෝ අඩන්න ඔනද?? මං රෑ වෙලා බබෝ යන්නේ.... "
" මොකද කියන්නේ යමුද රවුමක් දෙන්නා එක්ක ටිකක් රෑ වෙලා.. " යැයි කියමින් මයුරි‍ට අසක් ගසමින් විය.

" පිස්සුද ඔයාට.. විකාර කියන්නේ මේ මළ ගේ අස්සේ " යැයි ගස්සමින් මයුරි ඇසිය.

ඒ වන විට දුලනත් සස්මිත් ඒ දෙසට එමින් සිටියේය. ඔවුන් දෙදෙනා දුටු විහඟ යමක් මයුරිට පවසන්නට විය. ඒ ඇසු සැණින් මයුරිද සිටින තැන අමතක වුවා සේ හයියෙන් සිනාසෙන්නට විය. ඒ දුටු දුලන ඔවුන් අසලට පැමිණ,

" මොකද බං උඹලට වෙලා තියෙන්නේ අමතකද මේක මළ ගෙයක් " යැයි අසමින් විහඟගේ පිටට තට්ටු කරමින් ඇසිය..

" නැ අයියේ මේකනේ... විහඟ අයියා කිව්වේ... නරියෙකුට කුකුළු පැටියෙක් බාර දිලා වගේ කියලා.. " එය ඇසු සස්මිද බකස් ගා සිනාසෙන්ට විය.

" හා!  හා ! එහෙනම් දැන් අපි එතකොට නරි... උඹලා මිනිස්සු... හොදයි හොදයි බලමුකෝ.."

" සුදු අයියේ මාත් ඒ කථාවම ඔයාට කිව්වානේ " කියමින් කියමින් සස්මි සිනාසෙන්නට විය.

" හරි හරි පරක්කු වෙනවා.. අපි දැන් යන්න ඔන දෝණි. ලොකු කිව්වා ගල්කිස්සට එන්න කියලා. යමුද දැන්වත් කියු ඔහු විහඟ දෙසට හරි , උඹ එන්නේ නැ අපි ගියා ඔන්න එහෙනම් " කියු දුලන කාරයට නැගුණි.. සස්මිද ඔහුගේ පසු පසින් ගොස් කාරයට නැගුණි..

දෙදෙනාම නිහඩව මද දුරක් ගිය පසු නිහඩ බව බිදමින් දුලන කාතා කරන්ට විය.. දෙදෙනා බොහෝ වෙලාවක් කතාකරමින් ඉදුරුව කිට්ටුවටම පැමිණ තිබිණි

"දෝණි අපි ටිකක් නැවතිලා යමුද ඉදුරුවේ....... "

" ඒ මොකටද අයියා ඒ??? "

"නැ නිකමට වගේ.. "
" ආසයි ටිකක් ළගට වෙලා තුරුල් කරන් ඉන්න මගේ කෙල්ලව...."
" කමක් නැ‍නේ මගේ කෙල්ලේ???"

සස්මි ලැජ්ජාවෙන් දෙනෙත් බිමට හරවාගත් වනම උන්නාය. ඒ වනවිටත් දුලන කාරය ඉදුරුව වෙරළ තිරය දෙසට හරවා අවසන්ය.. කාරය නතර කළ ඔහු කාරයෙන් බැස අනික් පසින් පැමිණ සස්මිගේ පස වු කාරයේ දොර හැරියේය. නමුදු සස්මි කාරයෙන් නොබැසම දුලන දෙස බලා උන්නාය... සස්මිට අත දිගු කළ ඔහු සස්මිව කාරයෙන් එළියට කැදවා ගත්තතාය... සස්මිගේ අතින් අල්ලගෙනම වෙරළ දෙසට දුලන ගමන් කරන්නට විය... සස්මිගේ හද වේගයෙන් ගැහෙන්ට විය. කිසිදු දිනක මෙවැනි ලෙසක කිසිවකුත් සමග නොගොස් සිටි සස්මිගේ හිත මොකක්දෝ අමුතුම සිතිවිල්ලකින් පිරි තිබුණි. ඒ ආදරය මුසු වු මොකක්දෝ අමුතු හැඟුමකි. එය වදන් වලට හැරවිමට ඇයට කිසිවිටකත් නොහැකි වුනු ඇති. ඒ තරම්ම ඒ මොහොතේ සුන්දර බව ඇය විදිමින් උන්නාය.. කියන්නට බොහෝ දේ තිබුණත් ඒවා වචනවලට පෙරලා ගත නොහැකිව දුලනගේ අත තදින්ඇගේ දැතින්ම අල්ලා ගත්තාය. එය දැණුන ඔහු හිමින් සිරුවේ ඇගේ දැතින් අත මුදවාගෙන ඔහුගේ අතක් ඇගේ බඳ වටා යවා ඈ ඔහුගේ තුරුලට ගත්තේය. මේ සියල්ල හමුවේ වුවද සස්මි උන්නේ නිහඩවය. සස්මි කිසිවක් පවසන්ට තරම් ශක්තියක් නොවිය. ඒ තරමටම ඇගේ හදවත පිරි තිබුණි..ක්ෂිතිජ මායිමේ හිරු ගිලිහෙන්ට ළං වෙමින් පැවතිණ.. ඒ මොහොත කෙතරම් අපුරු දසුනක් විද?? සස්මි ඇතින් බැස යන හිරු දෙස බලා සිටිනට විය..

මේ නිහඩ බව දරා ගත නොහැකි වු දුලන බඳ වටා යැවු අත යන්තමින් ලිහිල් කොට සස්මිව ඔහු දෙසට හරවා ගන්නට විය. සස්මිට මුහුණ බලන්නට නොහැකිවු නිසා ඇය නෙත බිමට හරවා ගත්තාය.

කථාකරන්නකෝ දෝණි... ඇයි කථා නැත්තේ මගේ මැණික.. කියමින් ඇගේ බිමට බරවි තිබු මුහුණ නිකටින් ඔසවමින් පැවසිය..

ඇගේ නෙත් අග පුංචිවට වගේ කදුළු කැට දෙකක් දිලිසෙමින් පැවතිණ.

" මගේ කෙල්ල අකමැතිද මං මෙහෙම එක්කන් ආවාට?? "

වචන අසිරුවෙන් මෙන් එකිනෙක ගැට ගසමින්,

" අනේ නැ අයියේ.... මට මේ දේවල් හිතාගන්න බැරුව මං මේ ඉන්නේ කියමින්.. " ඇය යන්තමින් සිනාසෙන්ට උත්සහ දැරිය...

ආහ් ඒකද මේ එහෙනම් ඔහොම ඉන්නකෝ කියමින් ඇය යමක් සිතන්නටවත් කලියෙන් යන්තමට නැඹුරු වි ඇගේ නළලත ආදරෙයෙන් ඔහු‍ගේ දෙතොල් වලින් ස්පර්ශ කරන්ට විය.. ඇය ලැජ්ජාවෙන් මෙන් දෙනෙත් වසා ගත්තාය.

ඒ මෙහෝතේ ඇයටත් නොදැනිම ඇගේ දැත් වලින් දුලනගේ බඳ  වටා තදින් දැතින් අල්ලාගන්නට විය.

" කෝ  ! දැන් දෙන්න මං දුන්නා වගේ මටත් එකක්.... "

"  ඉතින් අයියා උසයිනේ මට වඩා...."

" ඉතින් ඉස්සිලා දෙන්න.. ඔන්න මට එකක් දෙනකන් මං මෙතනින් හෙල්ලෙන්නේ නැ... "කියු දුලන ඇයව තදින් තුරුලු කරගත්තේය.

ඇගිලි තුඩු වලින් ඉහළට ඉස්සුනු සස්මි දුලනගේ නළලත හාදුවකින් උණූසුම් කරන්ට විය..

" අයියා, අපි දැන් යන්ද ලොකු බලාගෙන ඉන්නවා කිව්වා නේද?? "

" යමු යමු ඊට කලින් මට දෙයක් දෙන්න තියනවා

" ආහ් ! ඒ මොකක්ද ඒ?? ඒක යන ගමන් දෙන්නකෝ.. "

" බැ !  බැ ! එහෙම දෙන්න බැ... "

" එහෙනම්, "

" මෙන්න මෙහෙමයි " කියු දුලන පහත් වි ඇගේ සිතල දෙතොල් මත ඔහුගේ උණුසුම් දෙතොල් තබන්නට විය. සස්මි යමක් කියන්ටත් කලියෙන් හෝ සිතන්නටත් කලියෙන් දුලන ඇගේ දෙතොල් ඔහුගේ ග්‍රහණයට හසු කරගත්තේය.....

No comments:

Post a Comment