Saturday, February 18, 2012

18 කොටස




හින් සිරුවේ ඉදිරියට ඇදෙද්දි සස්මි දුලනට බෙහෙවින් ළං වි තිබුණි... පළමුව පහළ මළුවට ගොස් මල් පහන් පුජා කළ ඔවුන් දෙවනුව උඩ මළුවටද ගොස් මල් පහන් පුජා කර බුදුන් වැද නැවතත් හින් සිරුවේ කළුතර බෝ මළුවෙන් පිටත පැමිණ පාළම ‍දිගේ හින් සිරුවේ කාරය වෙත පියමනින්නට වුනා. රථ ගාල වෙත ඔවුන් එනතෙක්ම අර පුංචි දැරිවිය මඟ බලන් උන්නාය.. ඇයව දුටු දුලන,

"දෝණි අපි අර පොඩි කෙල්ලට ඉස්කොලේ යන්න උදව් කරමුද??"

"ඒක තමයි අයියා මං කල්පනා කලේ.. අපි ඒ පැටියට ඕන කරන දේවල් අරන් දෙමු.මෙහේ බැරිනම් වෙන ඉස්කොලේකට දාලා හරි.."

"ඒක තමයි බබා මාත් කල්පනා කලේ... ඊට කලින් අපි ඒ ළමයගේ තාත්ගෙන් අහලා බලමු. කොයි දේටත් වඩා ඒ මනුස්සයා කැමති වෙන්න එපැයි."

අර ළැදැරියගේ පියා ළගට ගිය දුලන,

"මේ.......... ඔයා කැමති නැද්ද ළමයාව ආයෙමත් ඉස්කොලේ යවලා උගන්නන්න."

"ඇයි මහත්තයෝ මං අකමැති වෙන්නේ.. ඒත් මට කොයින්ද සල්ලි පනම්???"

"හරි මෙහෙම කරන්න.ඔයා ළමයාගේ සහතික ටිකයි ග්‍රාම සේවක සහතිකෙයි අරන් ලබන සතියේ නිවාඩු දවසක් එනවනේ එදාට මෙන්න මේ කාඩ් එකේ තියන ඇඩ්‍රස් එකට එන්න. " කියමින් දුලන ඔහුගේ කාර්යාලයේ ලිපිනය සදහන් කාඩ් පතක් ඔහු වෙත දිගු කළා.

එම කාඩ් පත අතට ගත් ඔහු එය කියවා,

" ආහ් මහත්තයා නිතිඥ මහත්තයෙක්ද මහත්තයෝ??"

ඔහු ඒ ඇසු දෙයින් දුලන හා සස්මි පුදුමයෙන් මෙන් ඇස් ලොකු කරගෙන බලාන උන්නා. එහි සියල්ල සටහන්ව වි තිබුණේ ඉංග්‍රිසි බසින්ය.

" මාත් හොදට ඉගෙන ගත්තු කෙනෙක් තමා මහත්තයෝ.. මං වැඩ කලේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කම්පැණියක ක්ලාක් කෙනෙක් විදියට මහත්තයෝ... මහත්තයටයි නෝනටයි මේ කථාව කියන්න ගියෝත් අද දවසම මහත්තයලට මෙතන ඉන්න වෙයි. ඒ හින්දා මං මහත්තයලව හම්බවෙන්න ආවාම මං කියන්නම්කෝ මගේ මුළු කථාවම.. දැන් මහත්තයයි නෝනයි ආපු ගමන හිත සතුටින් ගිහින් එන්නකෝ...."

හරි එහෙනම් අපි ගිහින් එන්නම්කෝ කියමින් ඔවුන් කාරය වෙත පිය නැග්ගා.

**********************************************************************************

මඳක් දුර ගිය පසු නිහඬ බව බිදිමින්,

" අයියා ඇයි මට මේ තරම් ආදරේ??? "

"ඔයා දන්නේ නැතුවුනාට දෝණි ඔයා මගේ ජිවිතේ...නොතේරෙන වයසේ ඉදන්මයි මං ඔයාට ‍ආදරේ කලේ. ඉස්සර ෂමෙලුයි අංජුයි එහේ මෙහේ යන කාලේ මාවත් එක්කන් යනවනේ තනියට... එතකොට මට මතක් වෙන්නෙම මගේ පුංචි කෙල්ලව.. "

" අයියට අදවත් කිස් එකක් දෙන්නේ නැද්ද මගේ කෙල්ලේ??? "යැයි අසමින් දුලන සස්මිගේ අත පිරිමැදිය... එසේ පවසද්දි සස්මි හින් සිරුවට මුහුණ ලැජ්ජාවෙන් සඟවා ගන්නට විය....

ඔවුන් මයුරිගේ පුංචි අම්මලාගේ නිවසට ළං වන විට 12ට කිට්ටු වි තිබුණි. කාරයෙන් බැස නිවස දෙසට යන විට ඔවුන් දුටුවේ විහඟ සමඟින් කථා කරමින් මයුරිය...

දුලන දුටු විහඟ පුදුමයට පත්විය.... " ආහ් චුටි අයියා ඔයා කොහේද මේ??????? "

" මේ මයුරි කියන්නේ අපේ පරණ ගැන්සියේ සමාජිකාවක්නේ නැද්ද මචි???? "
" ආහ් ඒක නෙවි උඹ මොකද මෙහේ කරන්නේ?? අපිටනම් මේවා අදාල වැඩනේ..... "

" මේකනේ චුටි අයියා මාත් තව ටික දවසකින් ඔයාලගේ සංගමේට බැදෙන්නනේ ඉන්නේ..... " යැයි කියමින් මයුරි දෙස බැලිය.

" ආහ් මගේ මස්සිනේ එකත් එහෙමද හොදයි හොදයි කාට කාටත් හරි යනවනම්... "

" ආහ් චුටි එන්නේ නැද්ද ගෙට ඔතන දුලන අයියට තුරුල් වෙලා ඉන්නේ??? සංචි පුංචි අරහේ බලන් ඉන්නවා " යැයි කියමින් මයුරි සස්මිවත් ඇදගෙන ගෙතුලට යන්නට විය.ඔවුන් පසු පසින් දුලන හා විහඟද යන්නට විය.
ගෙතුලට ගොස් ටික වෙලාවක් උන් ඔවුන් මිදුලට පැමිණ අසල වු බංකුවක් මත වාඩි විය.

" මේ ඒක නෙවි සස්මි දැන් කියන්නකෝ බලන්න ඔයා අපේ චුටි අයියත් එක්ක මොකෝ කියලා මේ පැත්තේ??? "

" ආහ් ඒකද විහඟ අයියා.. මේකනේ දුලන අයියට එයාගේ මස්සිනාගේ අනාගත නැදැ පිරිවර බලන්න ඔන කිව්වා. ඒ හින්දා මං එන්න හදනකොට එයත් ආවා එච්චරයි."

" ආහ් ඒකත් එහෙමද ??? හොදයි හොදයි... හැබැයි ඉතින් නංගි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියෙනේ..... "

" නේද චුටි අපි එහෙම නටන්නේ නැ හැංගි හැංගි නටනවනම් නටන්නේ එළිපිට නේද " කියමින් දුලන සස්මි දෙස බලමින් ඇසක් ගැසුවා

" ඔයාලා තුන්දෙනා අද කන්න එන්නේ නැද්ද " යැයි අසමින් එතනට පැමිණි මයුරි විහඟ අසලින් වාඩි වුනා.

" අනේ අපි ඉක්මණට යන්න ඕන මයුරි මෙයාගේ අයියණ්ඩි කිව්වා රෑ වෙන්න කලියෙන් ගෙදර ගෙනත් ඇරලන්න කියලා. අඩුම ගානේ මෙහෙන් 3ටවත් යන්න ඕන "

"ඔව් ඔව් ලොකූ බය ඇති නරියට කුකුල් පැටව් භාර දෙන්න " යැයි කියු මයුරි සිනා සෙන්නට විය. "මේ යමු යමු කාලා ඉන්න ඔක්කොටම කලියෙන් " යැයි කියමින් විහඟගේ අතින් ඇද්දා.

ඒ අනුව දුලනගේ පසුපසින් සස්මිදඇදෙන්නට වුනා.....

No comments:

Post a Comment