Saturday, February 4, 2012

16 කොටස



"අනේ බබා මම බොරුවට එහෙම කලේ. ඔකට අඩන්න ඕනද??? "

එහෙත් සස්මි කිසිවක් නොදොඩා අහක බලන් උන්නාය. ඇ කිසිත් නොපැවසුවත් ඇගේ දෙනෙත් වල කදුළු කැට හිමින් හිමින් දෙනෙත් වලින් රු රා පහළට වැටෙන්නට විය. මේ වන විට ඔවුන් කළුතර පාලම අසලට ළං වෙමින් සිටියේය.

ඒ සමගම දුලනගේ ජංගම දුරකථනය නාද විය.

"දෝණි ඕකට ආන්සර් කරන්නකෝ. ලොකු කථා කරන්නේ."

මට බැ යැයි ඇයි හිස වනමින් පැවසුවා. තවමත් ඇගේ දෙනෙත් වල කදුළු වියළි තිබුනේ නැත.

" අපෝ මේකිගේ ආඩම්බර "  යැයි කියමින් දුලන කාරය පසකට කර නැවතිය. ඒ වන විටත් ෂමෙල් දුරකථන ඇමතුම් 5ක් දුලනගේ දුරකථනයට දි තිබුනා. නතර කරනවාත් සමගම එතනට පැමිණි පොලිස් නිළධාරියේක්,

"සර් මෙතන වාහන පාර්ක් කරන්න බැ. අර පහළ තියනවා කාර් පාර්ක් එක එතනට ගිහිල්ලා පාර්ක් කරන්න බෝධිය වදින්න යනවනම්."

"අනේ සමාවෙන්න. මං දැනගෙන හිටියේ නැ. ඕකේ තැන්කියු " කියමින් දුලන කාරය රථ ගාල දෙසට හැරවිය.
රථ ගාලට වාහනය දැමු දුලන ජංගම දුරකථනය ගෙන ෂමෙල්ට දුරකථන ඇමතුමක් ගන්නට හදන විටම සස්මිගේ දුරකථනය නාද විය.

" හෙලෝ ලොකු.."

" හෙලෝ චුටි.. කොහේද ඉන්නේ"

" අයියා අපි දැන් කළුතර ඉන්නේ."

"මොකද බං ඔය දුලනයට වෙලා තියෙන්නේ. මං දැන් කි පාරක් ගත්තද ඕකට. උගේ කන් ඇහෙන්නේ නැද්ද?? "

" නැ නැ අයියේ ඇහුනා. දුලන අයියා ඬ්‍රයිව් කරන ගමන් නේ හිටියේ ඒකයි ගත්තේ නැත්තේ."

" එහෙනම් ඔයාට ගන්න තිබුනනේ දරුවෝ"

" මං ඉතින් අනුන්ගේ කොල්ස් වලට ආන්සර් කරන එක හරි නැ නේ අයියා. ඒකයි මං කථා නොකලේ. "

අනිත් පසින් ෂමෙල් කොක් හඩලා සිනා සෙමින්, " හරි හරි මගේ ආච්චිඅම්මේ. ඒක නෙවි චුටි මොකද කට හඩ අමුතු වෙලා. ඇඩුවා නේද??? "

" අනේ නැ ලොකු මං මොකටද අඩන්නේ. අද උදෙන්ම නැවා ඒකයි.සෙම ගතිය ඇවිස්සිලා."

 " පරිස්සමින් දරුවෝ. දෙන්නකෝ ඔය පිට එකාට මට කථා කරන්න "

" ආ මෙන්න ඔයාට ලොකු කථා කරනවා "  යැයි කියමින් තරහින් මෙන් ඇ දුරකථනය දුලන දිගු කලේය. දුරකථනය ගන්නවාත් සමගම දුලන ඇගේ අතද හෙමිහිට පිරිමැදිය. එසැනි ඇය අත අහකට ගත්තේය.

" මොකෝ මචං මේ වද දෙන්නේ " යැයි දුලන ෂමෙල්ගෙන් විමසිය.

" උඹට මගේ නංගිව දාගෙන ඔච්චර දුර යන්න මං අවසර දුන්නා. ඒ ගමන දැන් උඹ මගෙන්ම අහනවා වද දෙන්නේ මොකද කියලා. අනේ අම්මපා උඹ වගේ මිනිහෙක්.නිතිඥයන්ගේ හැටි නේ. "


" අනේ පලයං බං යන්න. මොකෝ මාව මතක් වුනේ අද උදේ පාන්දරම?? "


" මේකනේ බං අපේ මැණික දැන් උඹ ගාව. ඒක පරිස්සම් කරලා හවසට අපේ ගෙදරට ගෙනත් දෙන්න කියන්නයි කථා කලේ."

" උඹ මැණික මං උඹලටත් වඩා හොදට පරිස්සම් කරලා ගෙනත් දෙන්නම්....." යැයි කියමින් දුලන සිනාසිය. සස්මි අතින් සන් කරමින් දුරකථනය ඇය වෙතට ඉල්ලිය. 

" මේ අන්න උඹේ මැණික ‍ෆොන් එක ඉල්ලනවා මං දෙන්නම්.  නැත්නම් මාව මෙතන ඉවර කරයි" යැයි සිනාසෙමින් කියමින් සස්මිට දුරකථනය දිගු කලේය.

" එහෙනම් චුටි පරිස්සමින් ගිහින් හවසට අපේ ගෙදර එන්න"
" බුදුසරණයි"

" බුදුසරණයි අයියා " යැයි කියු ඇය දුරකථනය විසන්ධි කළා.

" මේ , ඇයි දැන් මෙතන ඉන්නේ ??? දැන් අපි යන් කොල් එක ඉවරනේ " සස්මි තරහින් පැවසිය.

" කොල් එක ඉවර වුනාට තාම මගේ කෙල්ල මාත් එක්ක තරහින්නේ"

" එහෙම කෙනෙක් මෙතන නැ නේ"

" අනේ,  මගේ පැටියෝ දැන් ඇති නේද අයියත් එක්ක රණ්ඩු කලා. යාළු වෙන්නකෝ දැන්වත්.. " යැයි කියමින් දුලන ඇය ළං වන්නට හැදුවා 

හ්ම් කියා ගස්සා සස්මි ඈතින් ගලා එන කළු ගග දිහාවට නෙත් යොමාගෙන සිටියේය.

මදක් ඉදිරියට නැමි දුලන ඇයව තුරල් කරගන්නට තැත් කළ විට ඇය දුලනව ඈත් කරන්නට තැත් කළ නමුදු ඇයට එය කිරිමට නොහැකි විය. දුලනගේ ශක්තිමත් බහුවලට ඇය තරයේ තද විය. මේ උණුසුම තත්පර කිපයක්වත් ඔවුනට විදගන්නට නොහැකි විය. එසැනින් කාරයේ දොරට කවුරුදෝ තට්ටු කරන්නට විය.

No comments:

Post a Comment