Saturday, February 11, 2012

17 කොටස


"අංජු ඔයා හවසට ලැස්ති වෙලා ඉන්න. මං ඩොක්ටර්ට ඇපොයින්මන්ට් එකක් දාගෙන 2 වෙනකොට එන්නම්... " යැයි කියමින් ෂමෙල් කුස්සිය වෙත පිය නැගිය. ඒ වන විට අංජු උන්නේ ළමයින්ගේ ඇදුම් ටික සොදන්නට වොෂින් මැෂිමට දමමින්ය. ෂමෙල් පුටුවක් ඇද වාඩි වෙනවාත් එක්කම ඒ දෙසට හැරුණ අංජු,

"එ‍තකොට අප්පච්චි බබාලා දෙන්නා???"

" ආහ් මට ඒක අමතක වුනා නේ.. අපි ඒ දෙන්නාව යන ගමන් තිලකම්මාට දිගෙන යමු එන ගමන් අරන් එමු එතකොට හරිනේ... කොහොමත් මේ දෙන්නවත් ළගදි කොහේවත් එක්ක යන්න බැරි වුනානේ... ඒ හින්දා එද්දි ගල්කිස්ස බිච් එක පැත්තෙන් එමු."

" ඔව් ඒක හොදයි අනේ.. පොඩි දු ඊයේත් කිව්වා අප්පච්චි අපිව දැන් කොහේවත් ගෙනියන්නේ නැ කියලා. ආහ් මේ ඒක නෙවි චුටිට කථා කළාද ඔයා??? "

" ඔව් බබා මං කථා කළා. අන්න උන් දෙන්නා දැන් කළුතරලු. අපේ ඒකිට මල පැනලා හිටියේ " යැයි කියමින් ෂමෙල් සිනාසෙන්නට විය.

" ඒ මොකද ඒ?? වෙනදා කුරුළු ජෝඩුව වගේ ඉන්නේ " යැයි පවසමින් අංජුද පුටුවක් රැගෙන වාඩි වෙන්නට විය.

" අරු මොනා හරි කියන්නැති. දන්නේනේ නැද්ද දුලනයගේ හැටි."

" අපෝ දන්නවා දන්නවා දෙන්නම ඉතින් එකයිනේ. ඔයා වගේ නැතැයි යාළුවත්.. ඔයා කිව්වේ නැද්ද යනකොට කෙල්ලව මෙහෙන් ගෙනත් ඇරලන්න කියලා,"

"කිව්වා කිව්වා."
" බබා දැන් මං යන්න ඕන " යැයි පවසමින් ෂමෙල් නැගිට්ටේ යන්නටය.

" හරි මහත්තයෝ එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ " කියමින් අංජු ෂමෙල්ගේ හිස සිගනිමින් පැවසිය.

අංජු ෂමෙල් පසුපසින්ම පැමිණ කාරය ගේට්ටුවෙන් යන තෙක්ම මග බලා උන්නේය..

**********************************************************************************

කාරයට තට්ටු කරන විට දුලනගේ දැත් වලින් සස්මිට ලෙහෙසියෙන්ම මිදෙන්නට හැකිවිය. එසැනින් දුලන කාරයේ විදුරුව පහත් කලේය.

"සර් මල් එකක් ගන්න සර් "

කියමින් පුංචි ගැහැණු ළමයෙක් නෙළුම් මල් පොකුරක් දුලන වෙත පැවේය.
ඒ වනවිටත් සස්මි කාරයෙන් බිමට බැස අවසානය.

" ඉන්නකෝ නංගි බහිනකන් " කියමින් දුලන කාරයෙන් බසිමින් පවසමින් කාරයෙන් බැස්සේය. ඒ පුංචි කෙල්ල අතේ නෙළුම් මල් පොකුරු 4ක්ම විය.

" කියද නංගි ඔය මල් පොකුරක්?? "

"මල් 5ක්ම රු 100/= යි සර්"

"එහෙනම් දෙන්නකෝ නංගි ඔය මල් ටික ඔක්කොම."

එවිට ඒ ගැහැණු ළමයා මල් පොකුරු 4ම දුලන වෙතට පැවේය.

"අර අක්කට දෙන්නකෝ " කියමින් දුලන පර්ස් එකෙන් රු 500/= ක් කො‍ළයක් ගත්තේය. ඒ පොඩි එකාගේ වයස අවුරුදු 10ක් හෝ 11 පමණ විය.

පොඩි එකාගේ ඔලුව අතගාමින් සස්මි මල් පොකුරු 4ම අතට අරගෙන,

" බබා ඔයා අද ඉස්කොලේ ගියේ නැද්ද " අසමින් සස්මි පුංචි දැරිවියගේ ඔළුව අත ගැවේය.

" නැ මිස් මං ඉස්කොලේ යන්නේ නැ. ගිය අවුරුද්දේ ගියා. මේ පාර ගියේ නැ."

දුලන , "ආ පැටියෝ ඔයාගේ සල්ලි "
කියමින් සල්ලි දිගු කළේය. කෙල්ල අත දිගු කර සල්ලි අතට ගත්තේය. එන්න සර් ඉතුරු සල්ලි දෙන්න කියමින් මදක් එහායින් රෝද පුටුවක උන් පුද්ග‍ලයෙක් වෙත අත දිගු කලේය.

"කවුද බබා ඒ??"

"ඒ තමයි තාත්තා ', සර්". කියමින් ඒ දෙසට පියමං කලේය.

"තාත්තේ මෙන්න සල්ලි " කියමින් ඇයි 500 නොට්ටුව ඒ පුද්ගලයාට දිගු කලේය.

"ආ, මහත්තයෝ මෙන්න ඉතිරි සල්ලි " කියමින් ඔහු ඉතිරි රු 100 දුලන වෙත පැවේය.

"කමක් නැ ඕක තියා ගන්න."

"නැ මහත්තයෝ එහෙම එපා. එහෙනම් මේ තෙල් පොතලයකුයි පහන්තිර පැකට් එකකුයි ගන්න. මගේ දරුවට හිගා කලා කන්න දෙන්න මං කැමති නැ මහත්තයෝ. " කියමින් ඔහු පොල් තෙල් බෝතලයකුත් පහන්තිර පැකට් එකකුත් සස්මිට දිගුකළේය.

" ආ මට එහෙනම් හදුන් කුරු පැකට් එකකුත් දෙන්නකො " කියමින් සස්මි ඔහු වෙත රු50ක් දිගු කලේය.

"එහෙනම් අපි ගිහින් එන්නම් "කියමින් ඔවුන් එතනින් නික්ම පාලම දිගේ ඉදිරයට ගමන් ගන්නට විය.

දුලන හින් සිරුවේ සස්මි අත අල්ලාගනිමින් දැගිලි පටලගන්නට විය.......

No comments:

Post a Comment