Saturday, March 19, 2011

13 කොටස


"දෝණි, කා එක්කද මෙච්චර වෙලා කතා කළේ " යැයි සස්මි දුරකථනයට පිළිතුරු දුන් සැණින් දුලන සැරෙන් ඇසිය.

" කා එක්ක කථා කරන්නද අයියා. ‍අංජු අක්කි කථා කළා. එයා එක්ක තමයි මෙච්චර වෙලා කථා කලේ. ඒත් මේ මොකද මේ ඔයා ඒකට මට කැගහන්නේ???"

"මම බලන්න එපැයි මෙච්චර රෑ වෙලා මගේ වයිෆ් කා එක්කද කියලා කථා කරන්නේ???"

"ආහ් ! මේ මං කවදාද ඉදලද ඔයාගේ වයිෆ් වුනේ කියනවා බලන්න."

"අපෝ ඔයා ඒක දන්නේවත් නැද්ද  "
"මගේ මෝඩ කෙල්ලේ. මිට අවුරුදු 15කට විතර කලින් ඉදලා. "

"අනේ ඇත්තට ????  "
"අනේ නිකන් ඉන්නවා හලෝ විහිළු නොකර. " යැයි සස්මි හුරතල් ලෙසින් පැවසුවා.

"ඒක නෙවි මැණික හෙට ඔෆිස් යනවා නේද??"

"නැ අයියා මම හෙට යන්නේ නැ . මම හෙට කොහොමත් නිවාඩු."
"ඒත් අයියා අනිද්දා යන්න ඔන. අර අළුතින් ගන්න මැනෙජ්මන්ට් ට්‍රේනිස්ලාගේ ලෙටර්ස් සයින් කරන්න ඔනි.අනික හෙට මයුරිලගේ මරණ ගෙදරත් යන්න ඔනි."

"ආහ් එකත් එහෙම නේද ?? එහෙනම් මාත් එක්කම යමු. මාත් යන්න එපැයි දැන් ඔවට..."

"ඒ මොකටද ඒ ඔයා යන්නේ ???'"

"මේකනේ චුටි දැන් ඔය මැරිච්ච කෙනා දෙපැත්තකින් මට වැදගත්නේ. "
"එක පැත්තකින් අපේ මස්සිනාගේ වෙන්නඩ බාප්පා. අනිත් පැත්තෙන් මගේ වයිෆ්ගේ හොදම යාලුවගේ බාප්පා."

"අනේ මේ ඔයාට පිස්සුද ???"

" ඔව් මගේ රත්තරනේ ඔයා හින්දා මට පිස්සු හැදිලා ඉන්නේ.........."
"ඒ පිස්සුව හොද වෙන්න ඔයා මගේම වෙච්චි දවසට. ඒත් ඊට පස්සේ ඉදනුත් ඔයාට තවත් පිස්සෙක් වගේ ආදරේ කරයි වස්තුවේ. ඒ තරමට මං ආදරෙයි කෙල්ලේ... ."

" අනේ අයියා ඇයි මේ?????"

දෙදෙනාම අතර ටික වේලාවක් යනතුරු කිසිත් කථා නොකළහ. නමුදු ඒ නිහඩබව බිදිමින් සස්මිගේ කාමරයේ වු දුරකථනය නාද විය.

"අයියා අම්මි කථා කරනවා. "යැයි කියු ඇය ඒ ඇමතුමට පිළිතුරු දුන්නා.

"අ......ම්.........මි..........."
"පාළුයි අම්මි මට අම්මි නැතුව. ඉක්මණට එන්නකෝ "යැයි ඇය දුරකථනය අතට ගත් සැණින්ම පැවසුවා.

"අනේ මටත් ඔයා නැතුව ඉන්න බැ තමයි දෝණි . ඒත් මේ තාත්තා හින්ද ඉන්නත් එපැයි. ඒකනේ මං මගේ මැණිකව දාලා ආවේ."

"ගොඩක් පාළුයි අම්මි මට......"

"දෝණි අද කොහේද යනවා කිව්වා ගියාද??"

"අනේ නැ අම්මි සාංචි ඇන්ටිගේ හස්බන්ඩ් නැති වෙලා. මායි අයියයි යනකොට මයුරි ගාලු යන්න ලැස්ති වෙලා."

"ඇ මගේ කෙල්ලේ කවුද දැන් අයියා කිව්වේ  ලොකුද???"

"අනේ නැ  අම්මි දුලන අයියයි මායි දෙන්න ගියේ."
"මයුරි ගියේ නැ. ඒ හින්දා අපිත් ගියේ නැ. "
"මායි දුලන අයියයි ඩිනර් අරගෙන ගෙදර ආවා."

"ආහ් ඒකට කමක් නැ. " යන තැන පරිස්සමින්.

"අම්මි................"

"ඒ පාර මොකෝ මේ???"

"නැ.............. නැ.................. අම්මි මං හෙට සාංචි ආන්ටිලගේ මරණ ගෙදර යන්නද???"

"කා එක්කද යන්නේ දැන්?? "
"හැබැයි කාර් එක තනියම ඩ්‍රයිව් කරන් යන්නේ නැ."
"සිරිමෙවන් එක්ක යන්න."

"අ.........ම්........මි මම දුලන අයියා එක්ක යන්නද?? "
"එයාත් යනවා කිව්වා මරණගෙදර විහඟ අයියා නිසා."

"අනේ මන්දා රත්තරනේ පරිස්සමින්. "
"හැබැයි එහෙ නවතින්න එපා. ලොකුලගේ ගෙදර ගිහින් ඇරලවගන්න දුලන පුතාට කියලා".

"උම්මාමාමාමා.............. "
"මගේ හොද අම්මි.... ඔන්න මම එහෙනම් හෙට යනවා."
"හැබැයි පරස්සමින්."

"අම්මි ඒක නෙවි තාත්තිට කොහොමද??"

"අනේ අනේ දැනුයි තාත්තිගේ මහ ලොකු දෝණිට තාත්තිව මතක් වුනේ......... "
"දැන් අවුලක් නැ පුතේ තාත්තිට. දැන් හොදයි."

"අම්මි පුළුවන් තරම් ඉක්මණට එන්න.'"

"හරි මගේ වස්තුවේ අපි එන්නම් ඉක්මණට ඔයා හෙට ඉදන් ලොකුලගේ ගෙදර යන්න. මම දැන් තියන්නම් පුතේ"

"හා......... අම්මි ... බුදු සරණයි".

"බුදු සරණයි පුතේ පරිස්සමින් ඉන්න. " යැයි කියමින් සසදරා දුරකථන ඇමතුම විසන්ධි කළා.

මේ සංවාදය නිමවනතුරුත් දුලන දුරකථ‍නයේ රුදි උන්නා.