Saturday, February 19, 2011

12 කොටස


"ඔව්... යමු යමු පරක්කු වෙන්න බැ. ලොකු කොල් කලොත් එහෙම.."

"බය වෙන්න එපා බබෝ ලොකු කොල් කරන්නේ නැ. ඔයාගේ ලොකු මට පර්මිෂන් දුන්නා. පරිස්සමින් එක්කන් එන්න කියලා."

" ආ මේ ඒකද මේ බය නැතුව ඉන්නේග මෙහෙමද මේ පරිස්සම් කරන හැටි. අනේ අතඅරින්න අයියා. කවුරු හරි දැක්කකොත් හොද නැ නේ"

"ආ !  මේ බය කවුරු හරි දකියි කියලා. අකමැත්තෙන් නෙවි එහෙනම්. " යැයි කියමින් තවත් තද කොට සස්මිව තුරුලු කරගත්තා.

දුලන දෙසට හැරුණ ඇය,
"මේ, මේ, මම හා කිව්වා විතරයි, මෙච්චර දෙයක් කරනනවද ඒ ඉක්මණට. අතරිනවා මාව." 

"මේ මම මෙච්චර කලක් බලන් ඉදලා අල්ලගත්තේ අතඅරින්න නෙවෙයි තේරුණාද??
මුලදි මෙහෙමයි තමයි. පස්සේ කොහොමද කියලා එහෙනම් දැන්ම හිතාගන්නකෝ. දන්නවනේ ඉතින් මගේ හැටි " කියමින්ම ඔහු සස්මිව ඔහුගේ මුහුණ දෙසට හරවා ගත්තා. හිමින් සිරුවේ ඔහු සස්මිගේ දෙතොල් වෙත ළං වෙන්නට උත්සහ ගනිද්දි සස්මි ඔහුගෙන් මිදි මදක් දුරට දිව ගියා.

"හු .......... ඇද්ද?? " කියමින් ඇය දුලනට දිව දික් කළා.

" හරි හරි කමක් නැ. අදට පැන ගත්තට. මං වාඩුව වෙන වෙලාවක ගන්නම්කෝ. " කියමින් දුලන හින් සිරුවේ සස්මි උන් දෙසට ළං වෙමින් පැවසුවා.

"අ.....නේ යමු අයියා."

" අපෝ මොකද මෙච්චර හදිසි. කමක් නැ කමක් නැ. යමුකෝ එහෙනම්. "කියමින් ඔහු සස්මිගේ අතින් අල්ලගෙන ඉදිරියට ඇදුනා.

" අතඅරිනවා මගේ අත."

"මොකද මෙච්චර ගණන්. වෙනදා මං මේ අත කොච්චර අල්ලනවද??"

" ඒ වෙනදනේ දැන් එහෙම බැ."

" හා හා බලමුකෝ ඔය ගණන් බහින හැටි." කියමින් දෙදෙනාම කාරයට නැගුනා.

සස්මිගේ නිවසට ළං වනතුරුත් දෙදෙනා අතර කිසිම කථාවක් සිදුවුනේ නැ. ගේට්ටුව අසල වාහනය නැවැත්තු දුලන හොර්න් එක ගැසුවා. 

"ඉන්න අයියා, මං ගේට් එක අරින්නම්. පව්නේ තිලකම්මා. ඒත් එක්කෝ ඔන නැ. මම බැහැලා යන්නම් . අයියා යන්න."

" එහෙම බැ නේ දෝණි. මං ඔයාව තිලකම්මට බාර දෙන්නම එපැයි. එයාගේ ඉස්සරහනේ මං ඔයාව අරන් ගියේ."

මේ දෙදෙනා කථාකරමින් සිටින අතරතුර තිලකා ඇවිත් ගේට්ටුව අරියා. කාරය වත්තට දැමු දුලන ඉන් බැස, 

" ඔන්න තිලකම්මේ, මං ගෙනිච්ච විදියටම තිලකම්මගේ චුටි බේබිව ගේනාවා".

සිනාසුන තිලකා, 
" බේබිලා ඉක්මණටම ඇවිත් නේ. මං හිතුවා තව රැ වෙයි කියලා."

" ඔව් තිලකම්මේ අපි ඉක්මණට ආවා. ගැණු ළමයි රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න ඔන නැති නිසා... " කියමින් දුලන සස්මි දෙස බලා ඇසක් ගැසුවා.මේ වන විටත් සස්මි ගෙට ඇතුල් වි අවසන්.

" ඔව් , බේබි ඒකනම් ඇත්ත තමයි. ඇවිල්ලා වාඩිවෙන්න බේබි. මම මොනවා හරි බොන්න ගේන්නම්"

" අනේ තිලකම්මා මට මොකුත් එපා. මට වතුර එකක් දෙනවද මාර වතුර තිබහයි."

" ඉන්න බේබි මං වතුර අරන් එන්නම්. "

තිලකා යනවිටම දුලන උන් තැනින් නැගිට සස්මි ළගට ගොස් ,

" කෝ දෙන්න මගේ ගුඩ් නයිට් කිස් එක " යැයි කියා සස්මිගේ කනට ළංවි පැවසුවා.

" අනේ යන්න අයියා. වෙනදත් ඔවා මං දුන්නේ නැ නේ. ඒ හින්දා අදත් නැ තමයි." 

" ආ එහෙමද ඒ කියන්නේ ඔයා දෙන්නේ නැ නේ ............... " යැයි කියු දුලන පාත් වි සස්මිගේ නළල සිප ගත්තා.

තිලකා එන බව දුටු සස්මිට කිසිවක් කියන්නට ඉඩක් ලැබුණේ නැ. එසැණින් ඇය හුන් තැනින් නැගිට ඉවතට ගියා.

වතුර එක බිවු දුලන,

" එහෙනම් තිලකම්මා මං යනවා. මං යනවා දෝණි " යැයි කියමින් ඔහු නික්මුණා.

දුලන ගේට්ටුවෙන් ඇතට යනතෙක්ම ඒ දෙස බලා උන් සස්මි ගෙට ඇතුල් වුනා. තිලකා සිරිමෙවන්ට අඩගසා ගේට්ටුව .

" අනේ සිරි ගේට්ටුව වහලා දානවද " කියමින් කුස්සියට ඇදුනා.

දුලන ගිය පසු, සස්මිගේ සිතට දැණුනේ හරිම පාලුවක්. ඇය ඒ සිතිවිලි වලින්ම කාමරයට ගොස් ඇදේ වැතිරුණා.

" බේබි නිදිද " කියා අසමින් තිලකා කාමරයට ආවා. ඒ වනවිටත් සස්මිට යන්තමට නින්ද යා ගෙන ආවා පමණයි.

" අනේ, අනේ, බේබි මොකද මේ කවදාවත් නැතුව මේ ඇදගෙන ආපු ඇදුම පිටින් නිදි ගිහින් ඇග සෝදගෙන එන්න. මං කිරි එකක් හදාගෙන එන්නම් " කියු තිලකා කාමරයෙන් නික්මුණා.

කොපමණ වේලාවක් නානකාමරයට වැදි උන්නාදැයි කියා මතකයක් ඇයට වුයේ නැ. තිලකා ඇවිත් කථා කළ පසුයි ඇය එයිනුත් එළියට ආවේ.

" බේබිට අද හරි මහන්සියි පාටයි. මේ කිරි එක බිලා නිදාගන්නකෝ " කියමින් ඇය සස්මිට දුන් කිරි එක ඇය නිසොල්මනේ බි විදුරුව තිලකා වෙතට දිගු කළා. 

" මොකද මේ අද බේබිගේ කට වැහිලා වෙනදානම් කොචචර කියවනවද ?? ".

" අනේ එහෙම දෙයක් නැ තිලකම්මා මගේ ඔලුව රිදෙනවා. මං අද ඉක්මණටම නිදාගන්නවා " කියමින් ඇය අසල උන් ටෙඩිබෙයාර් තුරුල් කරගනිමින් ඇදේ දිග ඇදුනා.

" බුදුසරණයි බේබි " කියා සස්මිගේ ඔලුව අත ගැ තිලකා කාමරයේ වු ලයිට් එකත් නිවා දමමින්ම දොර වසා දැමුවා.

ඊට මද වේලාවකට පසු සස්මිගේ ජංගම දුරකථනය නාද වුනා.

 " හෙලෝ අංජු අක්කි "

" හොලෝ තමයි මං කථා කරනකන්ම හිටියා නේද??"

"අනේ නැ අක්කි එහෙම නැ" 

"හරි දොණියෝ මං විහිළුවට කිව්වේ. මං බැලුවේ කෙල්ල පරිස්සමින් ආවාද කියලා. මොකෝ මං අයියා ගැන දන්නවනනේ . ඉතින් දුලන ගැන තව මොන‍වා කියන්නද නේද??"

" ඒකනම් ඇත්ත අක්කි, කෝ අක්කි අපේ අයියණ්ඩි?? "

" ආ මේ ඉන්නේ දෙන්නද එයාට"

" එපා අක්කියෝ. මට හොදටම නිදි මතයි දැන්."

" හරි එහෙනම් නිදිගන්කෝ. බුදු සරණයි දෝණියෝ"

 " බුදු සරණයි අක්කි."

මේ දුරකථන සංවාදය අතරතුර දුලන සස්මිට දුරකථන ඇමතුම් කිපයක් ගනු ලැබුවා.ඒ හැම විටම සස්මිගේ දුරකථනය කාර්යබහුල දැක ගන්නට ලැබුණා. 

Thursday, February 17, 2011

11 කොටස



සස්මිගේ දෙනෙත් වලින් කදුළු කැට වැටෙන්නට විණ.

"අනේ අයියා මාව අතඅරින්න "

කියමින් ඇය දුලනගේ දෙනෙත් වලින් හා දැත් වලින් මිදෙන්නට උත්සහ දරමින් පැවසුවා.

"කියන්න මගේ රත්තරනේ ආදරෙයි නේද මට????"

"අනේ අයියා ප්ලිස් මාව අතඅරින්නකෝ " කියා කියුවත් ඇය ඔහුගෙන් මිදෙන්නට උත්සහ නොකළේය.

දුලනට ඇගේ පිළිතුර කුමක් දැයි යන්න ඔහු සස්මිට ඔහුගේ සිතේ තුළ මෙතුවක් කලක් තිස්සේ පැවති දේ කියා නිමවනවාත් සමගම තේරුම් ගන්නට හැකිවිය. නමුදු දුලනට අවශ්‍ය වුයේ එය ඇගේන්ම දැන ගැනිමටය.;

"කියන්න මගේ දෝණි ඔයා මගේමයි නේද හැමදාමත්ම??? "

"මං දන්නේ නැ අයියා මොනා කියන්නද " කියලා ඇය ඉවත බලාගෙනම හැඩුම් ස්වරයකින් පැවසිය.

මේ වනවිට දුලන ඇය තම ග්‍රහණයෙන් මුදවා තිබුණි.

" මං දන්නවා දෝණි,  ඔයා මට ආදරෙයි කියලා. ඒත් මම කැමතියි ඒ දේ ඔයාගේ වචන වලින්ම දැනගන්න. කියන්න මගේ රත්තරනේ ආදරෙයිද කියලා මට එකම එක පාරක් ".

"අ.............නේ...........   අ............යි.............යා..........."

"අනේ අයියා නේවි,  එහෙනම් මම හිතාගන්නද ඔයා මට චුට්ටක්වත් ආදරේ නැ කියලා. "

කියා දුලන කියන විටම ඇයගේ දෙනෙත් වලින් කදුළු කැට හෝ ගා වැටෙන්නට විය.

" අනේ අයියා එහෙම නැ.................මාත් අයියට ආ...ද..රෙ....යි ගො..ඩා..රි..ය....ක්................... "යැයි කියමින් ඇය විත් දුලනගේ බද වටා අත් යවමින් දුලනව තදින් බදාගෙන පපුව මත හිස තබා ගෙන හඩන්නට විය.

දුලන හිමින් සිරුවේ මදක් පහත්වි ඇගේ නළලත හෙමිහිට සිප ගත්තේය. සස්මි ලැජ්ජාවෙන් මුණ බිමට හරවා ගනිමින් දුලනගෙන් ඇත් විය.

"ඇත්තම කියන්න දෝණි ඇයි ඔයා කවදාවත්ම මට ආදරෙයි කියලා කියුවේ නැත්තේ ඇයි?? මම කියනකන්ම කියන්න හිටියේ??"

"මම එහෙම දෙයක් හිතන් උන්නේ නැ අයියා.ඒත් මම දන්නේ නැ මගේ හිතේ මොකක්දෝ දෙයක් තිබුණා. මට මගේ අයියලා දෙන්නට වඩා ලොකු වෙනසක් දැණුනා ඔයාගෙන්. ඒ මොකක්ද කියන්න මං දැනන් උන්නේ නැ. ඉස්කොලේ යන කාලේ යාළුවෝ ඔයා ගැන කියලා විහිළු කරද්දි මං ඒක කේන්තියෙන් මඟ ඇරියට මගේ හිතටත් යන්තමට වගේ දැණුනා ඒ දේ. ඒත් ඔයා මං ගැන එහෙම හිතන්නේ නැ කියලා මට සමහර තැන්වලදි දැණුනා. ඒ හින්දා මං ඔයාගෙන් දුරස් වෙලා ඉන්න හැදුවා."

"මතකද අයියා ඔයා රට යන්න හදද්දි දුන්න පාටි එකට හැමෝම ආවා. ඒත් මං ආවේ නැ නේ. මට සනිප නැ කියලා. ඒ මට ඒක දරාගන්න බැරි නිසා. අද වුනෙත් ඒ වගේ දෙයක් තමයි ඔයා චේතනා ගැන කියපු වෙලේ ඉදන්ම."

" අනේ , අනේ,  ආච්චිඅම්මා මෙච්ර දෙයක් හිතේ තියාගෙන ඉදලා. අදයි කියන්නේ මේ දේවල්".

"ඒත් අයියා..............................." කියමින් ඇය මදක් කල්පනා කරන්නට වුනා.

"ඒ පාර මොකෝ ඒත් ... මේත් ගාන්නේ??? "

" නැ අයියා, අපේ ගෙවල් වලින් මේ දේවල් වලට කැමතියි වෙයි කියලා අයියා හිතනවද???? "

"අකමැති වෙන්න හේතුවක් නැ නේ දෝණි. මොකද අපි නොදන්න අය නෙවිනේ.
අනිවාර්යයෙන්ම කැමති වෙනවා."

නමුදු සස්මි දුලනට පිටුපා මුහුද දෙස බලාගත්වනම බලාන උන්නා.

"මේ දැන් ගෙදර යන්න හදිසි කිව්වා නේද??"
"තාමත් ඒ හදිස්සිය තියනවාද?? " කියමින් දුලන ඔහුට පිටුපාගෙන මුහුද දෙස බලමින් උන් සස්මිව තුරුල් කරගත්තා.

Saturday, February 12, 2011

10 කොටස



ඇයට මතකයට ආවේ දැන් ටික කාලයක සිට දුලන ඇයට ළං වන්නට උත්සහ කරන අයුරුයි.ඒත් මෙතුවක් ඔහු ඇයට කිසිවක් පවසා නොමැති වුවත් ඇගේ සිතෙහිද දුලන ගැන කුමක් හො සිතිවිල්ලක් මොදු වන බව ඇයට තේරුණා. එම නිසා  වෙන්නට ඇති චේතනා කතා කළ මොහොතේ පටන් ඇගේ සිත ව්‍යාකුල වුයේ. කුඩා කාලයේදි ඇය හා දුලන එකට සෙල්ලම් කළ අයුරු මෙන්ම , පාසල් සමයේදි ඇයට පාසලේ යෙහෙළියන් දුලන ගැන කියමින් ඇයට විහිළු කළ අයුරුත් ඇයට මතකයට නැගුනා. මේ සියල්ලම ඇගේ සිතේ කොනක තැන්පත් වි තිබුණා. 

ඇයටත් කොපමණ වේලාවක් ගල් තලාව මතට වි සිටියාද කියා ඇයට මතකයක් වුයේ නැත. ඇය එකවරම තම කර මත සිතල අතක් රැදුන බව දැණුන විගස පසු පස හැරි බැලුවා.දුලන ඇය දෙස බලා සිටිනු ඇය දුටුවා.

එසැණින්ම,

"මොකද දොණි ඔයාට වුනේ එකපාරටම ??? මම දැන් ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඔයා ඉන්නේ වෙනම ලොකේක මම ආවා දැණුනේවත් නැ. "

"අනේ එහෙම දෙයක් නැ අයියා . මම මේ මුහුද දිහා බලාගෙන හිටියා."

"මමත් දැක්කා ඔයා මුහුද දිහා බලන් හිටපු බව . ඒත් හිටියේ මේ ලොකේනම් නෙවි."

"හරි හරි අයියා ඒක වැඩක් නැ"

"මොකද මට වැඩක් නැත්තේ, මට වැඩක් තියනවා."
කියා දුලන පැවසුවේ ආදරණිය ස්වරයකිනි. ඒ කථා ශෛලිය සස්මිට නොතේරුණා නොවේ.නමුත් ඇය එය නොතේරුණා සේ ,

"ආ එහෙමද මොකක්ද දන්නේ නැ ඔයාගේ වැඩේ  . මේ ඒක වැඩක් නැ. දැන් කියන්නකෝ කවුද ඔයාගේ ඔය හිත ගැණු ළමයා ???"

"ඒ මේ දැන් මෙයා මෙච්චර වෙලා අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කලේ ඒකද?? " 

"අනේ ඔව් , මට වෙන වැඩ නැනේ ඔයාගේ හිත ගිය ගැණු ළමයා ගැන කල්පනා කරන්න. " ඇය නොක්කාඩුවෙන් පැවසුවා.

"අපෝ ඔච්චර කේන්ති ගන්න එපා. ඔය සුදු මුණ කැතවෙයි."

" ඉතින් ඔයාට මොකෝ , සුදු හරි කළු හරි මුණ මගේනේ. " ඇය ගස්සමින් පැවසමින් එතනින් නැගිට්ටා.

"දැන් ඔය කොහේ යන්නද නැගිට්ටේ ආ ???? "

" කොහේ යන්නද ගෙදර මිසක්. මාව ගෙදර ගෙනියන්න "

" අනේ දෝණි පොඩ්ඩක් ඔහොම ඉන්න මට දෙයක් කියන්න තියනවා." 

" ඉතින් කියන්න. මං අහගෙන ඉන්නේ. " ඇය තරහෙන් මෙන් පැවසුවා.

" මේකයි දෝණි කථාව, මම ගොඩක් කාලෙක ඉදන් ගැණු ළමයෙකුට ආදරේ කරනවා. ඒත් ඒ ගැණු ළමයා ඒක දන්නේ නැ. ඒත් මට තවත් මේ දේ හංගගෙන ඉන්නත් බැ." දුලන දුක් මුසුව පැවසුවා.

"ඉතින් ඔයා ඒක ඒ ගැණු ළමයට කියන්න. ඒ ගැණු ළමයා ඔයාට කැමතිනම් හා කියයි. අනේ අයියා කියන්නකෝ කවුද ඒ ගැණු ළමයා??? " යැයි ඇය ඇසුවද ඇගේ මහත් දුකකින් පිරි තිබුණා. ඇයට දැණුනේ ඇගේ ලෝකයම කඩා වැටෙන්නට යන ආකාරයයෙන්.

" හැබැයි දෝණි මං දෙයක් කියන්නම් තරහ වෙන්න නම් එපා මාත් එක්ක හොදේ."

" ඉතින් කියන්න මං මොකටද තරහා වෙන්නේ ඔයා එක්ක. ඔයා ඔයා කැමති ගැණු ළමයා ගැන කියන කොට " 

"දෝණි මේකයි.................. මං මේක මට තේරේණ කාලේ ඉදන්ම මට දැනිච්ච දෙයක්. ඒත මේ වෙනකන්ම කාටවත් කිව්වේ නැ. අද මං ඔයාට කියනවා. හැබැයි සමහර විට අදින් පස්සේ ඔයා මාත් එක්ක කථා කරන එකක්වත් නැ. "

"අ.....නේ.... අ...යි...යා... ඔයා මොනාද මේ කියන්නේ මට කිසිම දෙයක් තේරේන්නේ නැ. තේ‍රේන විදියකට කියන්නකෝ මාව බය නොකර.......... ".

" දෝණි,  ඒ ගැණු ළමයා වෙන කවුරුවත් නෙවෙයි. පුංචි කාලේ අපේ රජ මාළිගාවේ මගේ බිසව වුනේ ආන්න ඒ පුංචි කුමාරි ඔයා".

"අ...........යි...................යා ! "සස්මි තිගැස්සි දුලන දෙස බලා උන්නා

"ඔව් දෝණි මං ඒ දවස් වල ඉදලම මං ඔයාට ගොඩාක් ආදරේ කළා. ඒත් කවදාවත්ම කිව්වේ නැ. ඔයා ඉගෙන ගන්න ඔන හින්දා හොදට. ඒත් ඊටපස්සේත් මං ඔයාට කියන්න ගොඩක් උත්සහ කළා. ඒත් මට ඒ දේ කවදාවත්ම මට ඔයාට කියා ගන්න බැරි වුනා."

"කියන්න දෝණි ඔයත් මට ආදරෙයි නේද??? ඉස්සර වගේ හැමදාටම මගේ මාලිගේ පුංචි කුමාරි ඔයා වෙනව නේද?? කියන්න දෝණි........... මට තවත් මේ දේවල් හිතේ ගුලි කරගෙන ඉන්න බැ... කියන් මගේ පුංචි කුමාරි නේද හැමදාමත් ............ " යැයි කියමින් අත් දෙකෙන්ම සස්මිගේ මුහුණ  අල්ලමින් මුවට මුව ළං කරමින් ඇසුවා.

Thursday, February 10, 2011

09 කොටස



කාරය හරවනවාත් සමඟම දුලනගේ දුරකථනය නාද විය.

"දෝණි බලන්න කවුද කියලා"

"ඒක හරි නැ නේ අයියා " යැයි පවසමින් ඇය පිටුපස ආසනයේ තිබු දුරකථනය අතට ගත්තා.
"ආහ් මේ ගැණු ළමයෙක් නේ " කියමින් ඇයි ඇය දුරකථනය දුලන වෙත පැවා. 

"කවුද ළමයෝ " යැයි අසමින් දුරකථනය අතට ගන්න හදනවිටම එය විසන්ධි වුනා.

" කවුද චේතනා කියලා කෙනෙක් අයියා මේ ඇත්තටම කවුද ඒ"

"ඔයා අන්සර් කරන්න".
"අහන ඒවාට ඔයා උත්තර දෙන්න" 

"එතකොට අයියා මම කවුද කියලා ඇහුවොත්???"

"එතකොට ඔයා කියන්න ඔයා තමයි මම මැරි කරන්න ඉන්නේ" 

"මොකක්?"
" කියන්නකෝ අයියා ඇත්තටම අපි නොදන්න චේතනා කවුද??" කියමින් ඇය තරමක් නොසන්සුන් ස්වරූපයකින් අසුවා.

" ආ! මම ඔයාට කියන්නම්කෝ ඒ කවුද කියලා " කියනවිටම නැවතත් දුරකථනය නාද වුනා. 

 " අයියා මේ ආයිමත් එයා තමයි මොකද කරන්නේ"

" ඔන්න ඔයා මම කියපු විදියටම කරන්නකෝ."

සස්මි දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නා. 

"හලෝ " 

අනෙක් පසින් ඇසුනෙත් කන්තා කටහඩකි

"හලෝ,  මට දුලනට කතා කරන්න පුළුවන්ද?? "

" ඔයා කවුද කථා කරන්නේ කියනවද? එයා දැන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. එයාට කථා කරන්න විදියක් නැ. "

" ඔයාගේ පණිවිඩේ කියන්න මං එයාට කියන්නම් " යැයි සස්මි සිහින් හඩින් පැවසුවා

අනෙක් පස වු තරුණිය " අනේ මට කියන්න පුළුවන්ද තරහා නැතුව ඔයා කවුද එයාගේ කියලා "

" මම තමයි එයා මැරි කරන්න ඉන්නේ. ඇයි ඔයා මේ දේවල් අහන්නේ ඔයා කවුද " සස්මි තරමක් සැර ගතියකින් පැවසුවා
එයින් අනෙක් පස වු තරුණිය තරමක් කලබල වු බවක් සස්මිට දැණුනා

ඇයත් සැරෙන් මෙන් " මම තමයි චේතනා ඔයාම අහගන්න"  කියමින් දුරකථනය විසන්ධි කලා.

" අයියා මේ කියන්නේ ඔයාගෙන්ම අහගන්න කියලා කවුද අයියා කියන්නකෝ"

මේ වනවිටත් දුලන කාරය මුහුදු වෙරළ අසල ඇති අවන්හලක් ළග කාරය නතර කර අවසන්.

"එයා තමයි චුටි අර අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නේ ගුණතිලක කියලා. අර මන්ත්‍රි කෙනෙක් ඉන්නේ. ආන්න එයාගේ දුව. "

"අනේ චුටි , අපි බැහැලා යනගමන් කථා කරමුකෝ "කියමින් දුලන කාරයෙන් බැස්සා.

" අනේ අයියා කියන්නකෝ " කියමින් ඇයද කාරයෙන් බැස දුලන ළගට ගියා. නමුදු ඇයගේ සිතේ කිසියම් කළකිරිමක් තිබුණා. ඒ කුමක්දැයි ඇයට තේරුණේ නැ.

 "චේතනා දැන් මාස දෙකකට විතර කලින් ලංකාවට ආවේ මැලේසියා ඉදන්. ඒ ආපු වෙලාවේ ගුණතිලක අන්කල් අපේ ගෙදර එක්කන් ආවා.ඇවිත් ගිහින් දවස් දෙකකට පස්සේ මෙන්න මට කොල් කරලා කියනවා එයාව එක්කන් යන්න කියලා නයිට් ක්ලබ් එකකට. මං ඉතින් බැ කිව්වා. ‍ඊට පස්සේ මෙන් ආයිමත් දවසක කොල් කරලා කියනවා එයාට මාව හම්බවෙන්න ඔනලු දෙයක් කියන්න තියනවා කියලා. මං කිව්වා ඉතින් කියන දෙයක් කියන්න කියලා ෆොන් එකෙන්ම. ඒ පාර මෙන්න මේ කෙල්ල කියාපි ඒකිට මාව ඔන කියලා. ආන්න එදා ඉදන් මම එයාව  මඟ අරිනවා."

සස්මි මේ සියල්ල අසාගෙන හෙමින් සිරුවේ සිනිදු වැලි මත පා තබමින් ඉදිරියට ඇදුනා.

" ඉතින් අයියා එයා ලස්සනයිනේ මං එයාව දැකලා තියනවා. ඔයා ඇයි අකමැති?? "

" මට ඔය කොහේවත් යන කෙල්ලෝ ඔන නැ."

" එහෙනම් ඔයාට ඔන කෙල්ල කොහේද කියන්නකෝ ඉන්නේ."

" හරි මං අද ඔයාට ඒක කියන්නම්. ඒත් ඊට කලින් අපි මොවා හරි කමුද මට හරි බඩගිනි " කියමින් දුලන රෙස්ට්ටුරන්ට් එක ඇතුළට ඇදුනා. සස්මිත් ඔහු පසුපසින්ම ගොස් විඩි වුනා.

එතන‍ට පැමිණි වේටර් ;

"මොනාද සර් ඔඩර් කරන්නේ " කියමින් මෙනු පත දුලනගේ මේසය උඩින් තැබුවා.

" මොනාද දෝණි කන්නේ "

" අයියා කැමති දෙයක් ගන්න."

" ඔන්න එහෙනම් මං සි රයිස් ඔඩර් කරනවා හොදේ " කියමින් වේටර් දෙසට හැරුන දුලන " අපිට සි රයිස් දෙකක් ගේන්න කිව්වා."

වේටර් යනවාත් සමඟම මදක් ඇතින්

"දුලන............................... " කියා අමතන හඩක් ඇසුනා.

" ආ මචං කවිෂ්ක වරෙන් වරෙන් " කියමින් පුටුවෙන් නැගිට්ට දුලන කවිෂ්කව බදා ගත්තා.

"අනේ බං උඹ බැදල අපිට කිවේත් නැතුව නේ. හොදයි හොදයි ඔහොම තමයි හරි යනකොට." යැයි කවිෂ්ක පවසනවිටම වාගේ සස්මි පුටුවෙන් මදක් නැගිට මුහුද පැත්තට ගියා.

කවිෂ්ක සමඟ පිටුපසින් තවත් කන්තාවක් සහ කුඩා දරුවෙක් පැමිණුනා

"පිස්සුද මචං මං තාම බදින්න තියා හිතලවත් නැ. උඹට මතක නැද්ද අපේ ෂමෙලයා. ඒ ෂමෙල්ගේ නංගි"

"එහෙමද ?? එහෙම නැතිවුනත් හොදට මැච් වෙනවා උඹට බලපං පොඩි උත්සහයක් කරලා " යැයි හින් සිරුවේ කනට කරමින් පැවසුවා.

" මේ කවිෂ්ක කෝ උඹේ හාමිනේ ‍කෝ?? "

" අර ඉන්නේ පුතත් එක්ක මෙතන හිටපු උඹේ සුරංගනාවිත් එක්කම. මේ ඒක නෙවි මචං මට ඒ ගර්ල්ව දැකලා පුරුදුයි ඒත් කොහේද කියලා මතක නැ ".

" හරි උඹ ඒක පස්සේ මතක් කරපං දැන් කමු බං මට මාර බඩගින්නකින් මං ආවේ " යැයි දුලන පැවසිය.

"දෝණි......... "කියා මදක් උස් ස්වරයකින් ඇය සස්මිට අඩගැසුවා.

ඒත් සමඟම කවිෂ්ක , "මේනකා ...... "යයි ඔහුගේ බිරිඳ‍ට අඩගැසුවා. ඔවුන් එතනට පැමිණි පසු,

"මචං දුලන අපි දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. පුතාට නිදිමතයි කිය කිය ඉදියේ. අපි එහෙනම් දැන් යන්නද පස්සේ මිට් වෙමු මචං " කියමින් දුලන වෙතඅතට අත දික්කලා.

"හරි මචං.. "

" නංගි අපි යන්නම් එහෙනම් අයියවත් මතක් කලා කියන්නකෝ " යැයි කියමින් කවිෂ්ක යන්නට හැරුණා.

"එහෙනම් දුලන අයියා අපිත් යනවා යයි පැවසු ඇ,.

"නංගියෝ එහෙනම් අපි ගිහින් එන්නම් " කියු ඇය සස්මිව වැළදගත්තා.

"එහෙනම් ඔන්න අපි ගියා " කියමින් ඔවුන් යන්නට හැරුණා.

"ඒ මචං මෙන්න මගේ කාඩ් . කොල් එකක් දිපං".

" හරි මචං එහෙනම් අපි කැපුනා "කියමින් ඔවුන් යන්ට ගියා.

ඒ වනවිටත් වේටර් කැම ගෙනවිත් මේසය මත තබා තිබුණා.

"දෝණියෝ මට බඩගිනි. කමුද " කියමින් දුලන වාඩි කැම බෙදාගත්තා.
දෙදෙනාම නිශ්ශබ්දව කැම කන්නට වුනා. ඉක්මණින් කැම කැ සස්මි ,

" අයියා කාලා එන්න මං අර පැත්තට යනවා " කියමින් මුහුදු වෙරළ දෙසට ඇදුනා. 

ඇගේ කුමක්දෝ සිතිවිල්ලක් නිසා නොසන්සුන් වි ඇති පව ඇයට දැණුනා. එයට හේතුව කුමක්දැයි කියාවත් ඇයට සිතා ගැනිමට පුළුවන් කමක් තිබුණේ නැ. නමුදු මේ සියල්ල සිදුවුනේ දුලනට චේතනාගේ දුරකථන ඇමතුම ආ වෙලේ සිටන් බව ඇයට යන්තම් විතර දැණුනත්. ඇයට කිසිවක් සිතා ගන්නට නොහැකිව තිබුණා. මේ සිතුවිල්ලෙන්ම ඇය ගොස් කළුගල් තලාවක් මත වාඩි වුනා......

Saturday, February 5, 2011

08 කොටස




කාරය මයුරිලගේ ගේට්ටුව අසලින් පිටත් වු පසු පැවතියේ දිගු නිහැඩියාවකි.

දුලන කාරය පදවන ගමන් සිත අතිතයට දිව ගියේය. දුලනගේ පියා බණ්ඩාරත් ෂමෙල්ගේ පියා සිරිවර්ධන අතිජාත මිතුරන් වුහ. එබැවින් මේ පවුල් දෙකේ සමාජිකයෝ එකම පවුලක අය මෙන් එකිනෙකා බැදි සිටියහ.

රෝහණ සිරිවර්ධන සාර්ථක ව්‍යාපාරිකයකු වු අතර අනුර බණ්ඩාර රටේ නම ගිය දේශපාලනඥයකු විය. එමෙන්ම නිලන්ති බණ්ඩාර හා සසඳරාද සිරිවර්ධනද සමාජ සේවිකාවන් වශයෙන් නම් දරා සිටි තැනැත්තියන්ය.

ෂමෙල් හා දුලන එකම පන්තියේ මිතුරන් විය. කුඩා කල සිටම මොවුන් දෙදෙනා හැදි වැඩුනේ එකටය. දිනුජය ෂමෙල්ගේ එකම සොහොයුරා වු අතර සස්මි මේ සියල්ලන්ගේම බඩපිස්සි විය. දුලන හදුනේ පවුලේ එකම දරුවා ලෙසටය. එම නිසා ඔහු සිරිවර්ධන පවුලේ දරුවන් හා වඩාත් ලෙන්ගතු විය. 

ෂමෙල් හා දුලන යහළුවෝ දෙදෙනෙකුට වඩා සොහොයුරන් දෙදෙනෙකු විය. නමුදු දිනුජය වඩාත් නිහඩ චරිතයකි. මේ චරිත අතරට ෂමෙල්ගේ මාමාගේ එකම දුව වන අංජුත් එකතු වි සිටියා. අංජු වැඩිමහල් වුයේ සස්මිට වඩා එක වසරකින් පමණි. පාසල් යන සමයේ මොවුන් පස්දෙනා ගියේ ආවේ එකටය. දිනුජය හැර අනික් හතර දෙනාටම හරිම විසේ නමුදු අධ්‍යාපන කටයුතු අතපසු කර ගත්තේ නැත. නමුදු දිනුජය මුල් තැන දුනේ  ඉගෙනිමටම පමණකි.

කුඩා කල සිටන්ම ෂමෙල් හා අංජු අතර පෙම් සබදතාවක් ගොඩ නැගි තිබු අතර එයට ගෙවල් වලින් බාධාවක් නොවිය. දුලනගේ සිත තුල සස්මි ගැන ආදරයක් ගොඩ නැගෙමින් තිබු අතර එය කිසිම දිනක දුලන ෂමෙල්ට වත් දැනගැනිමට නොදුන්නා. පෙම්වතියක් නොමැතිව සිටින දුලනට යහළුවන් නිතර විහිළු කලා මේසේ කාලය වසර ගණනින් ගෙවි ගියා.

මේ කාලය වන විට දුලන සාර්ථක නිතිඥයකු ලෙසද ෂමෙල් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙසද අංජු ෂමෙල්ගේ ආදරණිය බිරිද ලෙස ද දිනුජය රටේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ලෙසද සස්මි තම පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වි අධ්‍යක්ෂක වරියක් ලෙසද සාර්ථක ජිවිත ගත කරයි.

මෙතුවක් කලක් ගතවි ගියත් දුලන තම සිතෙහි සස්මි වෙනුවෙන් ඇති ආදරය කිසි විටකවත්  පවසා නැත.

මේ නිහඩ බව බිදිමින් සස්මි,

"මොකෝ දුලන අයියා මේ ??? මොන ලොකේද ඉන්නේ???"

තිගැස්සුන දුලන,

"ඇයි දෝණි ???? " කියා ඒ තිගැස්මෙන්ම ඇසුවා.

" නැ අයියා ඔයා බර කල්පනාවක උන්නේ අපි කාර් එකට නැග්ග වෙලේ ඉදන්. මොකද ඔයාට වෙලා තියෙන්නේ ???  මම ටික දවසක ඉදන් අහන්නමයි හිටියේ??? ඇයි මොකුත් ප්‍රශ්නයක්ද?? "

ඒ වනවිටත් කාරය ගමන් කරමින් තිබුණේ ගල්කිස්ස හරියේය. ඇය එසේ අසනවිටම දුලන කාරය මදක් වේගය අඩු කර ,

" නැ දෝණි ම‍ට අපේ පුංචි කාලේ මතක් වුනා. අපි පස්දෙනා හිටපු හැටි. ඒක නෙවි දෝණියෝ අපි මගින් මොනා හරි කාලා යමුද??? " කියා දුලන ඇසිය

" හරි අයියා අපි කාලා යමු. ඒත් අයියා ඔයා ඔහොම ඉන්න හේතුව කියන්න ඔන හොදේ මොකද ඔහොම මුඩ් ගහලා ඉන්නේ කියලා" යැයි පවසමින් ඇය දබර ඇගිල්ල උලුක් ‍කළේය.

" හරි හරි ආච්චිම්මේ"  යැයි කියමින්ම ඔහු කාරය වෙරළ දෙසට ඇති පාරට හැරවිය..

Thursday, February 3, 2011

07 කොටස



කාරය තුළ පැවතියේ දැඩි නිහැඩියාවකි.

"දාන්නකෝ අයියා සිඩි එකක්වත් සින්දුවක් අහන්න. වෙනදනම් ඔයා කියනවනේ.. අද මොකෝ අමතක වෙලාද සිංදු කියන්න ගායකයට " යැයි සිනාසෙමින් සස්මි ඇසිය.

සස්මි ලෙස මදක් මන්ද ස්වර‍යකින් බැලු දුලන,

"නැ චුටි, මට දැන් සින්දු කියනවට වඩා රසවිදින් හිතන්න දේවල් තියනවනේ යැයි කියමින් කාරයේ වේගය වැඩි කළේය.."

"දුලන අයියා................... මොකෝ මේ මෙච්චර හයියෙන් යන්නේ අපිට තව වෙලා තියනවා"

"වේලානන් තියනවා තමයි දෝණි, ඒත් අපි යනකොට ඔයාගේ අර සහයට ඩැනි ලැස්තිවෙලා නැත්නම් මට නෙමෙයි ඔයාලටයි පරක්කු වෙන්නේ.."

"මොකද අයියා ඔයා එයාට හැමතිස්සේම සහයට ඩැනි කියන්නේ " යැයි සස්මි මුණ නොරොක් කරගෙන ඇසිය.

"ඇයි චුටි, ඕක අහන්නත් දෙයක්ද ඔය දෙන්නා නර්සරි යන කාලේ ඉදන් අද වෙනකනුත් ඔයායි එයයි ඉදිකට්ටයි නුලයි  වගේනේ.........."

" මේ හලෝ එහෙම කියන්න එපා. දැන් ඔයයි අපේ ලොකුයිත් එහෙමනේ........".
"ඉතින් මායි මයුරිත් එහෙම තමයි.."
"ඔයා දන්නවද අයියා, මයුරිට එයාලගේ ගෙදරින් ප්‍රෝපොසල් එකක් ගෙනත්.."
"ඒ කවුද කියලා ඔයා ඇහුවොත් පුදුම වෙයි...."

"ඒ මොකටද චුටි මං පුදුම වෙන්නේ මයුරිට  ප්‍රෝපොසල් එක ගෙනාපු කෙනා අහල... "

"ඔයා දන්නවද ඒ කවුද කියලා " යැයි සස්මි සිනාසෙමින් ඇසිය

"ඉතින් හලෝ,  කියන්නේ නැතුව මං දන්නේ කොහොමද?? කියනවකෝ...... "යැයි දුලන වේගයෙන් පැවසිය..

"එයා තමයි අපේ රෙජි අන්කල්ගේ පුතා විහඟ අයියා............".

"මොකක් මේ අපේ විහඟයා ???? " යැයි දුලන පුදුමයෙන් ඇසිය.
"ඔව් ඔව් එයා තමයි.... ඔයාගේ ආදරණිය මස්සිනා පොඩ්ඩ " යැයි කියා කියමින් ඇය සිනාසුනා

අනේ අම්මපා මු වගේ එකෙක් මට නිකමටවත් කිව්වේ නැ ඊයේ මං එහෙ ගිහිලලත්.  මං ඌව අල්ලගන්නම්කෝ.. යැයි දුලන පවසමින් කාරය සිරිමති මාවතට හරවන ලදි.

දෙදෙනා කථාකරමින් සිටින අතරතුර දුලන කාරය මයුරිලගේ ගේට්ටුව අසල නවතන විටම,
" අයියා යමු අයියත් ඇතුළට " යැයි කියමින් සස්මි කාරයෙන් බිමට බැස්සා.

දුලනත් සස්මි සමඟින් ගේ ඇතුලට අදුනා.

ඔවුන් ගෙට යනවිටම මයුරි,

"එන්න එන්න, ජොඩුවම ගේ ඇතුලට"

"අම්මෝ දුලන අයියා දැකපු කල්...  එන්න ඇවිත් වාඩි වෙන්න"  කියමින් මයුරි සස්මිව සිප ගනිමින් පැවසුවා.

"උඹට පිස්සුද බං මෙතන කොහේද ජොඩුවක්??? "
"අපිට ඉතින් ජොඩුවක් ඉක්මණටම බලන්න පුළුවන් වෙයි නේද අයියා.."

"ඔව් ඔව් චුටි , අපේ විහඟයටත් දැන් තනිකඩ ජිවිතේ එපා වෙලාලු ඒ හින්දා ඌ ඉක්මණට අර යාළු වෙලා ඉන්න කෙල්ලව ගෙදර එක්කන් එනවා කිව්වේ.."  යැයි කියමින් දුලන මයුරිට නොපෙනෙන්නට ඇහැක් ගැසිය.

එය ඇසුන මයුරි සස්මි දෙස බැලිය.

"අනේ පව් අයියා කෙල්ලව බය නොකර ඉන්න. .... " යැයි දුලනට පැවසු සස්මි,

"උඹ දන්නවද විහඟ කියන්නේ අපේ දුලන අයියගේ නැන්දගේ පුතා.. ඒ කියන්නේ මේ ඉන්නේ අනාගත මස්සිනා .. මේ මේ විකාර කිය කිය ඉන්න නෙවි උඹ තාමත් ලැස්ති නැද්ද ????   " යැයි අසන විටම,

"අනේ සස්මියෝ මං ඔයාට කොල් කරන්න හදනකොටමයි ඔයාලා ආවේ මට අද යන්න එන්න වෙන්නේ නැ. .. අපේ ගල්ගේ සාංචි පුංචිගේ මහත්තයා නැති වෙලා. දැනුයි කිව්වේ .අපිට දැන් එහේ යන්න වෙනවා...... "

"කමක් නැ , මයු අවුලක් නැ උඹ පලයන් එහේ.. මට තනියම යන්නත් බැ උඹ නැතුව ඒ හින්දා අපි ආයි ගෙදර යනවා."

"අනික අනිද්දට මං ලොකුටත් කියලා එයාවත් එක්කන් ගාලු එන්නම්... "

"ඒක නෙවි චුටි , දැන් මාත් යන්න ඔනද අපේ මේ මයුරි නෑනලගේ මළගෙදර??? "

"එහෙම නැතුව බැ නේ මයු??? "

" ඔව්,  ඔව්, මස්සිනාල දැන් ඉතින් අපේ දේවල් වලටත් බැහැලා වැඩ කරන්න ඔන "  කියා කියමින් "මයුරි සිනා සුනා.

"එහෙනම් අපි යන්නම් අපි අනිද්දා දිහාවේ ගාල්ලේ එන්නම්කෝ"  කියමින් සස්මි පුටුවෙන් නැගිට්ටා.

"එහෙනම් නැනෝ මාත් යනවා......... " කියමින් දුලනද එළියට ඇදුනා

"හරි මස්සිනේ, මේ මෙයාව පරිස්සමින් එක්කන් යන්න හොදේ " යැයි මයුරි අමුතු තාලයකට පැවසුවා

"මයුරි නංගි,  ඔයා කිව්වත් නැතත් මං අපේ දෝණිව හොඳ පරිස්සමින් එක්කන් යන්නේ " යැයි කියා සස්මි දෙස ආදරෙන් බලමින් පැවසුවා.

"මේ , යමු හලෝ ඉතින් කියමින් "  සස්මි දුලනවත් ඇදගෙන කාරයට නැගුනා...